News Line| Off Air| Games
Generic placeholder image

Jul
6

ලෝකෙටම නයා පෙන්නන බංගලියන්ට කොදෙව්වන් කොකා පෙන්නයි.

1682 Views


ලෝකෙටම නයා පෙන්නන බංගලියන්ට කොදෙව්වන් කොකා පෙන්නයි.

මේ දවස්වල ක්‍රිකට් ලෝකයේ ලොකු කතාබහකට ලක් වෙලා තියෙන තරඟයක් තමයි බංගලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය. මුලින්ම පන්දුවට බංගලි පළවෙනි ඉනිම ලකුණු 43 කට සීමා කරන්න කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

පළවෙනි ඉනිමට කොදෙව් කණ්ඩායම දැවැන්ත ලකුණු 406 ක් ලබා ගත්තා. ස්මිත් ලකුණු 58 යි. පොවෙල් ලකුණු 48 ක් ලබා ගත්තා. හෝප් ලකුණු 67 ක් රැස් කර ගත්තා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල කාලෝස් බ්‍රාත්වෙයිට් ලකුණු 121 යි.

බංගලාදේශයේ දෙවෙනි ඉනිමත් සුනු විසුනු කරන්න කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. අද දවසට තරඟය නතර කරද්දී බංගලදේශය දෙවෙනි ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 62 ක් ලබා ගෙන හිටියා.

තමීම් ලකුණු 13 යි. මහමදුල්ලා ලකුණු 15 නොදැවී ලකුණු 15 ක් ලබා ගෙන ඉන්නවා. නායක ෂකිබ් ලකුණු 12 කට දැවී ගියා. සුපිරි පන්දු යැවීමක නිරත් වුන ගේබ්‍රියල් කඩුලු 4 ක් දවා ගත්තා. හෝල්ඩර් කඩුලු 2 යි.


News Articles
Latest Videos
Most Popular Post