News Line| Off Air| Games
Generic placeholder image

Jun
24

ලංකාවේ වේගපන්දු යවන්නන් කොදෙව් මුල්පෙළ බිඳ දමයි. නායකත්වය ලැබුණු ලක්මාල්ගෙන් සුපිරි පන්දු යැවීමක්. – Photo

1488 Views


ලංකාවේ වේගපන්දු යවන්නන් කොදෙව් මුල්පෙළ බිඳ දමයි. නායකත්වය ලැබුණු ලක්මාල්ගෙන් සුපිරි පන්දු යැවීමක්. – Photo

සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය ඊයේ ආරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත්ත කොදෙව් නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ඊයේ දවසේ ලංකාව මෙහෙයවීම බාර වෙලා තිබ්බේ සුරංග ලක්මාල්ට.

නායකත්වයේ කටු ඔටුන්න තමන්ගේ දක්ෂතා පෙන්නන්න බරක් නෙවෙයි කියලා ලක්මාල් ඊයේ ඔප්පු කරලා පෙන්නුවා. ඒ කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙන්නාම ඔහුගේ පන්දුවාර 5 ක් තුලදී ක්‍රීඩාගාරයට හරවා යවලා. කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 24 ක් තුලදී බිඳ වැටුණා.

ආරම්භක පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී බින්දවටෙමින් තිබුණු ඉනිම රැක ගන්න හෝල්ඩර් සහ ඩොව්රිච් සමත් වුණා. 6 වෙනි කඩුල්ලට ඔවුන් නොබිඳුණු ලකුණු 79 ක් රස කරා. ඊයේ දවසට තරඟය නතර කරද්දී කොදෙව්වන් කඩුලු 5 ක් දැවී ලකුණු 132 ක් ලබා ගෙන හිටියා. ඩොව්රිච් නොදැවී ලකුණු 60 යි. නායක හෝල්ඩර් නොදැවී ලකුණු 33 යි.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් සහ රජිත කඩුලු 2 බැගින් දවා ගත්තා. ලහිරු කුමාර 1 කඩුල්ලයි.


News Articles
Latest Videos
Most Popular Post