News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

වේග පන්දු යවන්නන් හමුවේ දෙපිලේම පිතිකරුවන් අසරණ වෙයි.

2647 Views


වේග පන්දු යවන්නන් හමුවේ දෙපිලේම පිතිකරුවන් අසරණ වෙයි.

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර අවසන් ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස ඊයේ අවසන් වුණා. ඒ වේග පන්දු යවන්නන් හමුවේ දෙපිලේම පිතිකරුවන් අසරණ කරමින්.

කොදෙව් දෙවෙනි ඉනිම ලකුණු 204 කට සීමා කරන්න ල;අන්කවේ පන්දු යවන්නන් සමත් වුණා. කොදෙව් ඉනිම ගොඩ ගන්න නායක හොල්ඩර්ගේ සහ ඩොව්රිච්ගේ ශතක සම්බන්ධතාවයට පුළුවන් වුණා. ඔවුන් දෙදෙනා ලකුණු 115 ක් සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. ඩොව්රිච් ලකුණු 71 යි. නායක හෝල්ඩර් ලකුණු 74 ක් ලබා ගත්තා.

අනෙක් කිසිම කොදෙව් පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න ලංකාවේ පන්දු යවන්නන් අවසර දුන්නේ නෑ. සුපිරි පන්දු යැවීමක නිරත වුන ලහිරු කුමාර කඩුලු 4 ක් දවා ගත්තා. රජිත කඩුලු 3 යි. නායක ලක්මාල කඩුලු 2 ක් ලබා ගත්තා.

ඊයේ දවසට තරඟය නතර කරද්දී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 99 ක් ලබා ගෙන හිටියා. කුසල් ජනිත් ලකුණු නොලබා දැවී ගියා. දනුෂ්ක ගුණතිලක ලකුණු 29 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 22 යි. දික්වැල්ල නොදැවී ලකුණු 13 යි.

ගේබ්‍රියල් සහ රෝච් කඩුලු 2 බැගින් දවා ගත්තා. කොදෙව් පලවෙනි ඉනිමට වඩා ලංකාව ලකුණු 105 ක් පිටුපසින් ඉන්නේ. ඒ කඩුලු 5 ක් අතැතිව.


News Articles
Latest Videos
Most Popular Post