News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

වේග පන්දු යවන්නන් තරඟය කෙටි කරයි. බාධක මද ලංකාව ජයග්‍රහණයට ලං වෙයි.

2861 Views


වේග පන්දු යවන්නන් තරඟය කෙටි කරයි. බාධක මද ලංකාව ජයග්‍රහණයට ලං වෙයි.

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර අවසන් ටෙස්ට් තරඟයේ 3 වෙනි දවසට තරඟය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

පළවෙනි ඉනිමට ලංකාවට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 154 ක් විතරයි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 29 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 22 යි. කණ්ඩායම ස්ථිර ලකුණු ගණනකට ගෙන ගිය දික්වැල්ල ලකුණු 42 ක් රැස් කරා. හෝල්ඩර් කඩුලු 4 ක් දවා ගත්තා. ගේබ්‍රියල් කඩුලු 3 යි.

ලංකාවේ වේග පන්දු යවන්නන් හමුවේ කොදෙව් දෙවෙනි ඉනිම ලකුණු 93 කට සීමා වුණා. කොදෙව් මුල්පෙළ පිතිකරුවන්ට සාර්ථක වෙන්න ලංකාවේ වේග පන්දු යවන්නන් අවසර දුන්නේ නෑ. ඩොව්රිච් ලකුණු 16 යි. නායක හෝල්ඩර් ලකුණු 15 කට දැවී ගියා. රෝච් නොදැවී ලකුණු 23 යි.

සුපිරි පන්දු යැවීමක නිරත වුන නායක ලක්මාල් සහ රජිත කඩුලු 3 බැගින් දවා ගත්තා. ලහිරු කුමාර කඩුලු 2 යි. ජයග්‍රහණය සඳහා ලංකාවට ලකුණු 144 ක ඉලක්කයක් ලැබුණා.

අද දවසට තරඟය නතර කරද්දී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 81 ක් ලබා ගෙන හිටියා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 21 යි. ධනංජය ලකුණු 17 කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 25 යි. අබාධයකට ලක්වුන කුසල් ජනිත් නැවතත් ක්‍රීඩා කරන්න පැමිණියා.

නායක හෝල්ඩර් ලංකාවේ කඩුලු 4 ක් දවා ගත්තා. ජයග්‍රහණය සඳහා ලංකාවට තවත් ලකුණු 63 ක් අවශ්‍යයි. කඩුලු 5 ක් ලංකාවට ඉතිරි වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post