News Line| Off Air| Games
Generic placeholder image

Aug
10

ජනපතිට සමාන කළ කාටූන් එක තහනම් කරයි.

982 Views


ජනපතිට සමාන කළ කාටූන් එක තහනම් කරයි.

ලංකාවේ දේශපාලඥයන් උපහාසයට ලක් කරන එක ක්‍රමයක් තමයි කාටූන් කියන්නේ. උදේට පත්තරේ තියෙන සමහර කාටූන් බැලුවම ලේ පයින්ට් දෙක තුනක් පිරිසිදු කර ගන්න පුළුවන්.

ලංකාවේ එහෙම වුණාට චීනයේ නම් එහෙම බෑ. චීන අගමැති ෂි ජින්පින්ට අපහාසයක් වෙනවා කියලා ‘විනී ද පූ’ කාටූන් චරිතය තහනම් කරලා තියෙනවා. මේ නිසා ‘ක්‍රිස්ටෝෆර් රොබින්’ සිනමාපටය චීනයේ ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර නොදීමට චීන බලධාරීන් තීරණය කරලා තියෙනවා.

විනී ද පූ කාටූන් චරිතය පහුගිය අවුරුද්දේ ඉඳන් චීනයේ සමාජ මාධ්‍යවලින් ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා. පූ වලසා සහ ‘ටිගර්’ නම් කොටියා එකට ඇවිද යන ඡායාරූපයක් ෂි ජින්පින් සහ ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා එකට ඇවිද යන ඡායාරූපයක් සමග සංසන්දනය කරලා තිබ්බා.

ඒ වගේම ෂි ජින්පින් ජපාන අගමැතිවරයා වන ෂින්සෝ අබේ අතට අත දෙන ඡායාරූපයක්, පූ වලසා සහ ‘ඊයෝර්’ බූරු පැටවා අතට අත දෙන ඡායාරූපයකට සමාන කරලා තිබුණා. හැබැයි වැඩි කාලයක් යන්න කලින් ඒ ඡායාරුප සියල්ල ඉවත් කරන්න චීනය කටයුතු කරා.


News Articles
Latest Videos
Most Popular Post