News Line| Off Air| Games
Generic placeholder image

Aug
22

රුසියාවේ සයිබර් ප්‍රහාරයට සකර්බර්ක් ගෙන් ප්‍රතිප්‍රහාර.

529 Views


රුසියාවේ සයිබර් ප්‍රහාරයට සකර්බර්ක් ගෙන් ප්‍රතිප්‍රහාර.

20 වන සියවසේ ලෝක බලවතුන් යුද්ධ කරන්නේ සයිබර් තාක්ෂණය හරහා. මේ යුද්ධයට නිසා සමාජ මාධ්‍ය ජාලා ලොකු රුකුලක් වෙලා තියෙනවා. කොහොම වුනත් සයිබර් ප්‍රහාර අතින් රුසියාව සහ චීනය ඉදිරියෙන් ඉන්නවා.

ජනතාව නොමග යවනසුලූ කරුණු පළ කරන රුසියාව සහ ඉරානයට සම්බන්ධ ෆේස්බුක් සහ ටිව්ටර් ගිණුම් අත්හිටු වන්න තීරණය කරලා තියෙනවා.

සයිබර් ආරක්ෂණ පද්ධතිවලට තර්ජන විය හැකි රුසියානු සහ ඉරාන ෆේස්බුක් ගිණුම් 650 ක් පමණ හදුනාගෙන තියෙනවා කියලා ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසනවා. ඒ වගේ ට්විටර් ගිණුම් 248 ක් මේ වෙද්දී අත්හිටුවා තියෙනවා.

රුසියාව ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාවට සයිබර් ප‍්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කරන බවට මයික්‍රොසොෆ්ට් සමාගම පහුගිය දා චෝදනා කරා. මයික්‍රොසොෆ්ට් සමාගම කියන්නේ ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන කොංග‍්‍රස් සභා මැතිවරණයට බලපෑම් කිරීම එහි අරමුණ වෙන්න පුළුවන් කියලා.

හැබැයි රුසියාව නම් ඒ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. ජාත්‍යාන්තර රිපබ්ලිකන් ආයතනය සහ හඞ්සන් ආයතනවල බුද්ධි ගබඩා වෙත ඇතුලූ වෙලා දත්ත සොරකම් කරන්න රුසියානු හැකර්වරුන් උත්සාහ කරලා කියලත් මයික්‍රොසොෆ්ට් සමාගම චෝදනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post