අඹතලේ ජල පවිත්‍රාගරයේ ප්‍රධාන පරීක්ෂණ නලයේ සිදු වු හදිසි බිද වැටීමක් හේතුවෙන් අද පස්වරු 06 සිට හෙට පෙරවරු 10 දක්වා පැය 16 ක කාලයක් කොළඹ ප්‍රදේශ ගණනාවක ජල සැපයුම අත් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
එ අනුව කොළඹ 03,04,05,06 සහ හෝකන්දර යන ප්‍රදේශවලට එම කාලය තුලදි සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවනු ඇති.
එමෙන්ම දෙහිවල, ගල්කිස්ස ,කෝට්ටේ ,කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත යන ප්‍රදේශ වලට අඩු පීඩනයාක් යටතේ ජලය සැපයෙන බව එම මණ්ඩලය වැඩි දුරටත් සදහන් කලා.