News Line| Off Air| Games
Generic placeholder image

Jan
16

පන්දමෙන් රටම කතාකල කවුද මේ ධනිත් ශ්‍රී ? සමරේ හෙළිකරයි

1380 Views


පන්දමෙන් රටම කතාකල කවුද මේ ධනිත් ශ්‍රී ? සමරේ හෙළිකරයි

පන්දම කියන්නේ මේ දිනවල ගොඩක් දෙනාට කියවෙන ගීතයක්. මේ ගීතයේ නිර්මාණකරු වෙන්නේ ධනිත් ශ්‍රී. ධනිත් ගැන සමරේ සහ සමරේ වැඩසටහනෙන් ජනප්‍රිය වූ ශශික මුහුණු පොතට මෙවැනි සටහනක් එක් කරලා තිබුණා.

උපුටාගැනීම –
කවුද මේ ධනිත් ශ්රී

2005දි ශිෂ්යත්වෙන් ලකුණු 160ට වඩා ගත්තු විද්යාර්ථ විද්යාලයෙන් ප්රාථමික අධ්යාපනය ලබපු පොඩි එකෙක් කිංස්වුඩ් විද්යාලයට එනවා හය ශ්රේණියට…මේ පොඩි එකාගෙ අයියා සචිත් ඒ වෙනකොටත් කිංස්වුඩ් විද්යාලයේ තමයි ඉගෙනගත්තෙ… ?
කට කහනවටදෝ මන්දා හදපු මම සෑහෙන්නම විරුද්ධ කියමනක් ලංකාවෙ තියනවනෙ බං.. උඹලා අහලත් ඇති.. “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමතා ” කියලා… එක්කො මේක හදපු එකා වැරදියි.. නැත්තම් ධනිත් අයියා ලොවෙන් එකෙක් නෙවෙයි ?? වෙන ග්රහලෝකෙකට අයිති එකෙක්…

කෙටියෙන් කියන්නම්.. ධනිත් කියන්නෙ වැඩ්ඩෙක්.. සුපිරිම වැඩ්ඩෙක්.. ?මුලු ලෝකෙම අල්ලෙ තියාන හොල්ලන්න පුලුවන් වැඩ්ඩෙක්.. මම පුංචි කාලෙ ඉඳන් කිංස්වුඩ් එකට වෙන ලෝකෙකින් ආපු අය විදිහට විශ්වාස කරපු තුන් දෙනෙක් හිටියා..

1.ඉන්දික බණ්ඩාර අබේකෝන්
2.හිරන්ත ඉමේෂ් ද සිල්වා
3.ධනිත් ශ්රී

හුඟක් කිංස්වුඩ් මහත්තුරුන්ගෙ ඉස්කෝලෙ කාලෙම රෝල් මොඩ්ල් එක වුණේ ධනිත් අයියා..හැම ස්පෝට් මීට් එකටම රැන්ඩ්ල්ස් ග්රවුන්ඩ් එකේ හැම තණකොල ගහක්ම හැම වැලි කැටයක්ම පුදුමෙන් බලාගෙන ඉද්දි තනියම උලු කැට 120ක් බින්දෙ ධනිත් අයියා..කරාතේ ක්රීඩාවෙන් හිණිපෙත්තටම ගිහිං බ්ලැක් බෙල්ටර් කෙනෙක් වුණේ ධනිත් අයියා..නමය වසරෙ ඉද්දිම ඉන්දියාවෙ පැවැත්වුණ Hokagama ලෝක ශූරතාවයට ශ්රී ලංකාව නියෝජනය කරලා කිංස්වුඩ් ක්රෙස්ට් එක පපුවෙ ගහගෙන ගිහිං ශූරතාවය අරං ආවෙ ධනිත් අයියා.. ජාතික පාසල් ක්රීඩා උළෙලෙදි කරාතේ සමස්තලංකා ප්රථම ස්තානය දිනුවෙ ධනිත් අයියා..2009 කිංස්වුඩ් වර්ණ ප්රදානෝත්සවයෙදි ඉස්කෝලෙ දක්ශතම කණිෂ්ට ක්රීඩකයා වුණේ ධනිත් අයියා…

ඒ කරාතේ.. දැන් චිත්ර.. අවුරුදු ගාණක් සෝලියස් මැන්දිස් ඇතුලු දැවැන්ත චිත්ර තරඟ රැසක සමස්ත ලංකා ප්රථම ස්තානය දිනුවෙ ධනිත් අයියා…කිංස්වුඩ් කලා උළෙලෙ දක්ශතම චිත්ර ශිල්පියා වුණේ ධනිත් අයියා..

ඒ චිත්ර..දැන් ඩාන්සින්
2008 හිස් වෙස් පැලඳි නර්තන කණ්ඩායමේ දුමිඳු අයියලා එක්ක එකට හිස වෙස් පැළඳි නර්තන ශිල්පියෙක් ධනිත් අයියා…යන යන හැම නර්තම තරඟෙකම පහතරට උඩරට අඩුවක් නැතුව හැම එකකින්ම වගේ ශ්යාමාල් සර්ලා එක්ක අනුලා මැඩම්ලා එක්ක කුසුම් මැඩම්ලා එක්ක ට්රිලීශියා මැඩම්ලා එක්ක සමස්ථ ලංකා ප්රථම ස්තානය දිනාගත්තු කිංස්වුඩ් නර්තන අංශයෙ ආඩම්බරකාර ප්රඩක්ට් එකක් ධනිත් අයියා..සම්ප්රදායිකව හිතන ලෝකෙක සම්ප්රදායට එහා ගිහිං නූරි, චමිත්,මලින්ද,දර්ශාන්,දම්කිත්. අයියලා එක්ක එකතු වෙලා නුවර පාසල් කලාවෙ ලොකු පෙරළියක් විතරක් නෙවෙයි පසුකාලීනව මුලු ලංකාවම හොල්ලපු Five Fingers ඩාන්සිං ටීම් එක හදන්න දායක වුණේ ධනිත් අයියා..ඒ කාලෙ කිංස්වුඩ් එකේ ස්ටේජ් එක දිහා දැහැනකට සමවැදිලා වගේ බලාන ඉඳපු හුඟක් නර්තනයන් ඉදිරිපත් කරේ ධනිත් අයියා..
ඒ ඩාන්සිං.. දැන් Education

සාමාන්ය පෙළට A9ක් ගත්තෙ ධනිත් අයියා.. උසස් පෙළට A3ක් අරං පලවෙනි වතාවෙම පේරාදෙණිය ඉංජිනේරු පීඨයට තේරුණේ ධනිත් අයියා…
ඒ education.. දැන් music

කාවින්ද්යා අධිකාරි එක්ක Mashupඑකක් කරලා ලංකාවම පිස්සු වැට්ටුවෙ ධනිත් අයියා..භාතිය සන්තුෂ් අයියලා එක්ක එක ස්ටේජ් එකේ Sing කරේ ධනිත් අයියා.. ලෝකයක් පිස්සු වට්ටපු පන්දමෙන් ක්ෂේත්රයට ආවෙ ධනිත් අයියා…පන්දමයි නෞකාවයි ලිව්වෙ ධනිත් අයියා,,,තනුව නිර්මාණය කරේ ධනිත් අයියා…ගායනා කරලා ජනප්රියම ගීතය කරේ ධනිත් අයියා.. පන්දම වීඩියෝ එක ස්ක්රිප්ට් එක ලිව්වෙ ධනිත් අයියා.. ඇත්තම කිව්වොත් මේ මොහොතෙ ශ්රී ලාංකීය සංගීත ක්ෂේත්රයට ආපු අලුත්ම බුලට් එක ධනිත් අයියා
කෙටියෙන් කිව්වොත් මම මගෙ ජීවිතේ දැකපු දක්ශම මනුස්සයා ධනිත් අයියා.??

ඒ කාලෙ මට තිබුණ පුරුද්දක් මතක් වෙනවා.. ඉස්කෝලෙ කොහේ හරි ධනිත් අයියා දැක්කොත් අනේ අයියෙ Moon Walk එක එක පාරක් දාලා පෙන්නන්නකො කියලා මම ධනිත් අයියට කියනවා..කියන කියන හැම පාරම එක වතාවක් හරි ධනිත් අයියා ඒක මට කරලා පෙන්නනව..අවසානෙදි ඉස්කෝලෙ හැමෝම දකින දකිනතැන මයිකල් ජැක්සන්ගෙ එක step එකක් හරි ධනිත්ගෙන් දකින්න හුඟක් කැමති වුණා… ඒකෙ අන්තිම ප්රථිපලය ධනිත් අයියගෙ සපත්තුවෙ ඉස්සරහ ඉක්මනට ගෙවෙන එක ??

මේක මම ලිව්වෙ ධනිත් ශ්රීව පන්දමෙන් විතරක් නෞකාවෙන් විතරක් දැකපු ඔයාලට එයා ගැන ඇත්ත හෙලි කරන්න.. ?? ධනිත් අයියේ … ඉස්සරහටත් ලස්සන වටින නිර්මාණ බිහිකරන්න මම ඔයාට සුභ පතනවා.. ජයවේවා..රැන්ඩ්ල්ස් කන්ද ඔයා ගැන ආඩම්බරෙන් ❤️

මම සමරෙ මල්ලි
(සශික දියමන්ත)


 


News Articles
Latest Videos
Most Popular Post