Usain Bolt ගේ පරාජය ගැන ගොඩක් අය කතා කරා. මලල ක්‍රීඩකයෝ, ගායකයෝ, නලුවො විතරක් නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩකයොත් මේ ගැන කතා කරලා තිබ්බා. මහේල ජයවර්ධනත් මේ ගැන Twitter සටහනක් දාල තිබ්බා. ඒ Bolt ට ගරු කල යුතුයි කියලා. සුපුරුදු විදියට මේ සටහනට ගොඩක් අය අදහස් දක්වලා තිබ්බා.
කවදත් ඉන්දියාවේ අයට ලංකාව පේන්නෙ නයාට අදු කොළ වගේනෙ. මහේලගේ මේ Twitter පණිවුඩයටත් ඉන්දියානුවන් කිහිපදෙනෙක් විරුද්ධව අදහස් දක්වලා තිබ්බා. එක ඉන්දියානුවෙක් කියල තිබ්බේ Bolt ට වඩා වේගවත් MS Dhoni ටත් ගරු කල යුතුයි කියල. මේකට මහේල ඉන්දියාවටම කට උත්තර නැති වෙන්න උත්තරයක් දීලා තිබ්බා. මහේල පෙරලා අහලා තිබ්බේ Dhoni, Bolt ට වඩා වේගවත් වුණේ ඔහු Bike එකේ යද්දීද කියලා.