News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

අද රෑට වුනත් පහරදෙන්න අපි ලෑස්තියි – ට්‍රම්ප් කියයි……

1182 Views


අද රෑට වුනත් පහරදෙන්න අපි ලෑස්තියි – ට්‍රම්ප් කියයි……

ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ තමන්ගෙ ඇත්තම චරිතය ලෝකයා ඉස්සරහ ප්‍රසිද්ධ කරපු කෙනෙක්. ඒ කිව්වෙ එයාගේ මුරණ්ඩුකම, හිතුක්කාරී වගේ දෙවල්. ඒ වගේම තමන්ට හිතුන දේ හැමතිස්සෙම හරි කියල හිතන කෙනක්. ඒක එයාගේ හිතුවක්කාරකමද, එහෙමත් නැත්තං එයාගේ සාර්ථකත්වයේ රහසද කියලත් වෙලාවකට හිතෙනවා නේද? කොහොම වුනත් මේ කථාව ට්‍රම්ප්ගේ මුරණ්ඩු සහ කෙලින් ප්‍රකාශයක් ගැන.

උතුරු කොරියාව සහ ඇමරිකාව අතර මේ දවස්වල සීතල යුද්ධයක් පටන් අරගෙන කියල කවුරුත් දන්නවනෙ. මේ සීතල යුද්ධය උණුසුම් කරන ප්‍රකාශයක්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා. ඒ තමයි උතුරු කොරියාවට ප්‍රති ප්‍රහාර දෙන්න තමන්ගෙ රට ඕනම වෙලාවක සූදානමින් ඉන්නවා කියන එක. ට්‍රම්ප් තවදුරටත් කිව්වෙ ලෝක බලවතා විදිහට කවදත් තමන්ගේ යුධ ශක්තිය ඉහළ මට්ටමක තියෙනවා කියලා. මේ ප්‍රකාශයන් ට්‍රම්ප් සිද්ධ කරලා තිබුනේ තමන්ගේ Twitter ගිණුම හරහා. කොහොම වුනත් මීළඟ තුන්වන ලෝක යුද්ධය ඉතා නුදුරේදීම පටන් ගනිවී කියල තමයි මේ තරඟකාරී ප්‍රකාශ වලින් අපට නම් පේන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post