News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

පිළිකා රෝගීන් වෙනුවෙන් හිසකෙස් දන් දෙන්න කැමතිද?

962 Views


පිළිකා රෝගීන් වෙනුවෙන් හිසකෙස් දන් දෙන්න කැමතිද?

පොඩි ලෙඩක් හැදුනත් අපි කොච්චර නම් අසරණ වෙනවද. හිතන්නකෝ පිළිකාවක් වගේ දරුණු ලෙඩක් හැදුනු කෙනෙක් කොච්චරනම් අසරණද. දුක් විදිනවා ඇතිද. එහෙම කෙනෙක්ට පොඩි හරි සහනයක් වෙන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්. ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ ලොකු පිනක් කරගන්න පුළුවන් අවස්ථාවක් ගැනයි.
ඔයාගේ කොන්ඩෙ  නැති උනොත් ඔය කොච්චර නම් අපහසුතාවයට පත්වෙනවද. පිලිකාවක් වැළදුන කෙනෙක්ට එයාලට කරන ප්‍රතිකාර නිසා කොන්ඩෙ හැලෙනවා. ඒ නිසා සමහරු සමාජෙට මුහුණ දෙන්න බයයි. ඔයාගේ කොණ්ඩය පරිත්‍යාග කරලා ඒ අයගේ මූණට හිනාවක් ගේන්න දැන් ඔයාටත් පුළුවන්.මේ තියෙන්නේ ඔයාගේ කොණ්ඩය පරිත්‍යාග කරන්න සුදුසු විදියට සකස් කරගන්නේ කොහොමද කියලා.
1. අවම වශයෙන් ඔයාගේ කොණ්ඩය අගල් 8 වත් දිග වෙන්න ඕන.
2. පරිත්‍යාග කරන්න කලින් කොණ්ඩය Hair spray, ජෙල් වගේ ආලේපන වලින් තොරව තියාගන්න ඕන.(කොණ්ඩය කපන්න දවස් දෙකකට කලින් ෂැම්පු හා කන්ඩිෂනර් යොදා පිරිසිදු කරලා කිසිම අලෙපනයක් නොග තියාගන්න අමතක කරන්න එපා.)
3. හිසකෙස් පරිත්‍යාග කරන්න නම් වියලිව තියෙන්නත් ඕන.
4. කොණ්ඩය පෝනි පෝනිටේලයක් විදිහට හරි ගොතල හරි තියා ගන්න.
5. ඔයාට තියෙන්නේ වර්ණ ගන්වපු හෝ Firm කරපු කොණ්ඩයක් උනත් පරිත්‍යාග කරන්න පුළුවන්.
6. පැසුණු හිසකෙස් උනත් පරිත්‍යාග විදියට බාරගන්නවා.
7. කොණ්ඩය කපන්න කලින් කපන ස්ථානයෙන් කොණ්ඩය එකතු කරලා ඉලාස්ටික් පටියකින් පෝනිටේලයක් බැඳගන්න. ඉලාස්ටික් පටිය තියෙන්න ඕන කොණ්ඩය කපන තැනට ටිකක් පහලින්. කැපුවට පස්සේ වෙන් නොවෙන්නේ නැති වෙන්න දැඩිව බැඳලා තියන්න.
ඔබටත් මේ මහඟු පින්කමට දායක වෙන්න ඕන නම් 0112-363211 කියන දුරකථන අංකයට පිළිකා සරණ භාරයට කතා කරලා දායක වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post