News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

ඉන්දියාවෙන් මුහුදේ පාවෙන ලොකූ තෑග්ගක් ලංකාවට

1475 Views


ඉන්දියාවෙන් මුහුදේ පාවෙන ලොකූ තෑග්ගක් ලංකාවට

ලෝකයේ නැව් වලට තියෙන්නෙ ලොකු ඉතිහාසයක්. විජය කුමාරයා ලංකාවට ආපු නැවේ ඉදලා වස්කොදගාමා ලෝකේ වටේ සංචාරය කරපු නැවත් අපි දන්නා ඉතිහාසයේ තියෙනවනේ. ටයිටැනික් නැව උනත් නොදන්නා පොඩි එකෙක් නැති තරම්. ලෝකයෙන් අඩකටත් වඩා තියෙන සාගර වල ගමනා ගමනය කරන්නෙ නැව් වලින්. ඒ නිසාම දවසින් දවස නැව් තාක්ෂණයත් දියුණු වෙනවා.

භාණ්ඩ ප්‍රවාහන නැව්ල මගී ප්‍රවාහන නැව් වගේම යුද නැව් වලටත් ලෝකයේ ඉහල තැනක් තියෙනවා. මහා පරාක්‍රමබාහු රජතුමාත් බුරුමය ආක්‍රමණය කරන්න යුධ නැව් හැදුවලුනේ. මේ වෙනකොට ඒ යුධ නැව් දියුණු කරලා ගුවන්යානා කීපයක් ගොඩබස්වන්න පුළුවන් තරමේ අධිතාක්ෂණික විශාල යුධ නැව් හදල තියෙනවා. ලෝකයේ වෙනත් රටවල තියෙන විශාල යුධ නැව් දැක්කම අනේ අපේ රටටත් මේ වගේ නැවක් තිබ්බනම් කියල ඔබටත් හිතිලා ඇතිග ඔන්න දැන් ඒ හීනය හැබෑ වෙලා තියෙනවා.

ලංකාවේ ප්‍රථම අධිතාක්ෂණික යුධ නැව අද :02- ශ්‍රී ලංකා නාවික අධිකාරියට පැවරුණා. මේ නැව නම් කරලා තියෙන්නේ ,සයුරළ, කියලා. අපේ නාවික හමුදාවේ ඉල්ලීම අනුව තමයි මේ නැව ඉන්දියාවේ ගෝවා නැව් තටාකාංගනයේ හදල තියෙන්නේ. මේ නැව හදන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 66.55ක් වැය වෙලා තියෙනවා. අපේ අසල්වැසි රටෙන් විදේශ නාවික හමුදාවකට හදපු ලොකුම නැවත් මේකලු. මේ නවීනතම අධිතාක්ෂණික නැව අපේ රටේ මුහුදු සිමාව ආරක්ෂා කරන්න යොදවනවා කියලයි නාවික හමුදාව කියන්නේ. සයුරළ නැවේ දිග මීටර් 105.7ක්. පළල මීටර් 13.6ක්. පැයට නාවික සැතපුම් 26ක උපරිම වේගයකින් මේ නැවට යන්න පුලුවන්. නිලධාරීන් 18කගේ හා නාවිකයෝ 100කගේ කාර්යමණ්ඩලයක් මේ නැවේ ඉන්නවා. සයුරළ නැවේ තියෙන තවත් විශේෂත්වයක් තමයි නවීන සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබස්වන අංගනය.

මේ සයුරළ නැවෙන් නවතින්නේ නෑ. මොකද මේ වගේ තවත් සුපිරි නැවක් ලබන අවුරුද්දෙත් අපේ රටට ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post