News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

ඇබෑර්තු ඇත – තනතුර පෘථිවි ආරක්ෂක නිලධාරී

961 Views


ඇබෑර්තු ඇත – තනතුර පෘථිවි ආරක්ෂක නිලධාරී

කැමතිද ආරක්ෂක නිලධාරියෙක් වෙන්න. ගොඩක් අයගෙ නම් ඒකට වැඩි කැමැත්තක් නෑ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි සිකියුරිටි ජොබ් එක ගැන සමාජයේ තියෙන අඩු සැලකිල්ල වගේම ලැබෙන අඩු පඩිය.

ඒ වුනාට මේ ළඟදි දවසක නාසා ආයතනයෙන් අයදුම්පත් කැදවපු ආරක්ෂක නිලධාරී තනතුර ගැන නම් මුළු ලෝකයම කතා කරා. එක නිකන්ම ආරක්ෂක නිලධාරී තනතුරක් නෙවෙයි. “පෘථිවි ආරක්ෂක නිලධාරී” තනතුර. පුදුමයි නේද? ඒ වුනාට ඒ කතාව ඇත්තක්.

නාසා ආයතනයෙන් අලුතෙන්ම ඇති කරපු තනතුරක් තමයි එක. පෘථිවි ආරක්ෂක නිලධාරීයාගේ රාජකාරිය තමයි පිටසක්වලින් එන අහිතකර බලපෑම් වලින් පෘතුවිය ආරක්ෂා කරන එක. ඒ කියන්නේ අභ්‍යවකාශ ගමන් වලින් පස්සේ පෘථිවියට එන ගගනගාමින්ව සාමාන්‍ය පරිසරයට නිරාවරණය වෙන්න කලින් ඒ අයත් එක්ක පෘථිවියට අහිතකර දේවල් ඇවිත් තියෙනවද කියල බලන එක. එහෙම අහිතකර දේවල් තියෙනවනම් ඒවා නිසි පරිදි ඉවත් කරන්න ඕන.
ලේසියි වගේ පෙනුනට මේක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. මොකද පෘථිවියෙන් එළියේ තියෙන විකිරණ වලට ගගනගාමීන් හා අභ්‍යවකාශ යානා ගොඩක් නිරාවරණය වෙනවා. ඒවගේ විකිරණ අපේ ලෝකෙ පරිසරයට අනාවරණය වුනොත් මොනවයින් මොනවා වෙයිද කියල අපිට හිතාගන්නවත් බෑ.
ඒ විතරක් නෙවෙයි පිටසක්වල ජීවී දෙයක් පෘථිවියට අවොත් ඒක සාමාන්‍ය පරිසරයට යන එක නවත්තන්නත් ඕන.

පෘථිවි ආරක්ෂකයෙක් වෙන්න ඕන නම් ගගන තාක්ශණය ගැන වගේම ජීව විද්‍යාව ගැනත් ලොකු දැනුමක් තියෙන්න ඕන. ඒ වගේම තමයි මේ ආරක්ෂක නිලධාරියාට අවුරුද්දට ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ අසූ හත්දහසක් දෙනවලු. එක රුපියල් වලට හරවලම බලන්නකො කොච්චරක්ද කියලා. ඒ වැටුපට අමතරව තවත් දීමනා ගොඩකුත් දෙනවලු.

මේ වෙනකොට විද්‍යාඥයින්, ඉංජිනේරුවන් ගොඩක් දෙනෙක් මේ තනතුරට අයදුම් කරලා තියෙනවලු. හැබැයි ඉතිං ලංකාවේ අයට නම් මේ තනතුරට ඉල්ලන්න බෑ. මොකද ඔබට කොච්චර හොද සුදුසුකම් තිබුනත් අමෙරිකානුවෙක්ට විතරයි මේ පෘතුවි ආරක්ෂක තනතුර දෙන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post