News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

Greater – අද රෑ 10 ට සියත TV ටෙලිවිෂන් වශීකරණයෙන්….

735 Views


Greater – අද රෑ 10 ට සියත TV ටෙලිවිෂන් වශීකරණයෙන්….

ජීවිතයේ එක එක කාල වලදී එක එක විදිහේ අභියෝග වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අභියෝග වලට අපි අදහන දෙවියන්ගේ ඇල්ම බැල්ම වැටෙනකොට අපිට ඒ අභියෝග ජයගන්නත්, පරදින්නත් හේතුවක් හදනවා. එත් ඇමරිකන් පාපන්දු ක්‍රීඩකයෙක් එයාගේ තරඟ තුල එන අභියෝග ජයගන්න තමන් අදහන ආගමට අදාල දෙවියන් හරි වෙනයම් ශාස්තෘවරයෙක් හරි ගැන විශ්වාසයක් තිබ්බොත් හරියනවද?

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ඩේවිඩ් හන්ට් Greater චිත්‍රපටය නිෂ්පාදනය කරේ ගිය අවුරුද්දේ. IMBD දර්ශකයේ 7.2 ස්ථානයේ තිබුන මේ චිත්‍රපටයේ, ඩේවිඩ් හන්ට් එක්ක බ්‍රයන් රේන්ඩ්ල් ප්‍රධාන චරිත රඟපානවා. නාට්‍ය සහ ක්‍රීඩා ගණයේ චිත්‍රපටියක් විදිහට විචාරකයෝ හඳුන්වන Greater චිත්‍රපටය,විනාඩි 130 ක ධාවන කාලයක් තියෙන Movie එකක්.

කතාව පටන් ගනිද්දී ඔබෙන් අහපු කාරණයට උත්තරයක් අද රෑට සියත ටීවී සිනමා වශීකරණය බැලුවොත් හොයාගන්න පුළුවන්. ඒ Greater ඉංග්‍රීසි චිත්‍රපටයේ පළමු ටෙලිවිෂන් ප්‍රදර්ශනය, අද රෑ 10 ට සියත TV ඔස්සේ. ඒ වගේම පහතින් තියෙන චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය බලල දළ අදහසක් ගන්නත් ඔබට පුළුවන්.

https://www.youtube.com/watch?v=v0Ow6lhvPNk


News Articles
Latest Videos
Most Popular Post