News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

ඇමෙරිකාවේ අන්දරේට පණ ඇවිත්..

568 Views


ඇමෙරිකාවේ අන්දරේට පණ ඇවිත්..

ඔබට මතකද අපේ අන්දරේ මැරුණ හැටි. අත්දෙකයි කකුල් දෙකයි කතිරේ වගේ දිග ඇරගෙන නේ අන්දරේ මැරුණේ. ඉතිහාස කතාවල තියෙන විදියට ඒ දර්ශනේ දැකලත් රජතුමාට හිනා ගියාලු. ඒ වෙලේ රජතුමා කියල තියෙන්නේ අන්දරේ මැරිලත් මාව හිනස්සනව කියලයි. ඒ නිසයි අදටත් අපිට දකින්න තියෙන අන්දරේගේ සොහොනෙ කොත අන්දරේ මැරුණ විදිය නිරුපණය වෙන්න හදලා තියෙන්නේ. හැබැයි අපේ අන්දරේ නම් මැරුණට පස්සේ හොල්මනක් වෙලා ආවේ නෑ. ඒත් ඇමෙරිකාවේ අන්දරේ නම් මැරුණට පස්සේ හොල්මනක් වෙලා ඇවිත්.

මේ අවුරුද්දෙ සැප්තැම්බර් 8 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරන්න නියමිත වෙලා තියෙන ත්‍රාසජනක (Horror) හොලිවුඩ් Film එකක් තමයි IT – The Losers’ Club කියන්නේ. හරියටම කියනවා නම් මේක IT චිත්‍රපට මාලාවෙ පළවෙනි කොටස. Stephen King කියන කතුවරයා ලියපු අතිශය ත්‍රාසජනක IT කියන පොත ඇසුරින් තමයි මේ Film එක නිර්මාණය කරලා තියෙන්නේ. අද්භූත විකටයෙක් සහ ළමයින් හත් දෙනෙක් IT Film එක බලද්දි ඔබට මුණගැහෙයි. වැස්ස වහින වෙලාවක වතුරෙ පාකරපු කඩදාසි ඔරුවක් තමයි මේ අද්භූත කතාවට මුල් වෙන්නේ. ළමයින් ආදරය කරන විකටයාව අද්භූත හොල්මනක් කරපු නිසා අමෙරිකාවෙ අම්මලා තාත්තලාගෙන් මුලදි මේ Film එකට පුංචි විරෝධයක් එල්ල වෙලා තිබුනා. ඒ මොනවා වුනත් IT Film එකේ පූර්ව ප්‍රචාරක පටය 2017 GOLDEN TRAILER සම්මාන උළෙලේ හොඳම ත්‍රාසජනක පූර්ව ප්‍රචාරක පටය සඳහා නිර්දේශ වෙලාත් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post