ශ්‍රී ලංකා , ඉන්දියා දෙවන Test තරගයේ දෙවෙනි දවසෙත් වැඩි ගෞරව ඉන්දියානු කණ්ඩායම ලබා ගත්තා. ඔවුන් ලකුණු 622 ට කඩුලු 9 ක් අහිමි වෙලා තියෙද්දී ඉනිම අත්හිටෙව්වා. මේ පාර SSC පිටියෙ පළවෙනි දවස් දෙකම පිතිකරුවන්ගේ දවස්. ඉතිං ඕන ලකුණු ටික ආවට පස්සෙ Kholi ඉනිම අත්හිටවපු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.50 වන Test Match එක සෙල්ලම් කරන Pujara ලකුණු 133 ක් සහ Rahane ලකුණු 132 ක් ලබා ගත්තා..ඒ ඇරෙන්න තව 4 දෙනෙක්ම අර්ධ ශතක වාර්තා කරපු එකෙන් ලංකාවට වැලේ වැල් නැති වුණා. Rahul ලකුණු 57, අශ්වින් 54, Saha 67 ක් එකතු කර ගනිද්දී Jadeja වේගවත් ලකුණු 70ක් ලබාගත්තා.
සුපුරුදු පරිදි ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත්තෙ රංගන හේරත්. ඔහු කඩුලු 4 ක් ලබා ගනිද්දී අලුතෙන්ම අපු මලින්ද පුෂ්පකුමාර කඩුලු 2 ක් ගත්තා.
හවස් වරුවෙ ලංකාව පලවෙනි ඉනිම ආරම්භ කරා. හැබැයි ලත් තැනම ලොප්..
ආරම්භක පිතිකරුවන් විදියට ආපු තරංග බිංදුවයි. දිමුත් ලකුණු 25 යි.මැච් එක පටන් අරන් විනාඩි 15 ක 20 ක් යද්දී අපේ ආරම්භක පිතිකරුවෝ දෙන්න හිටියේ ක්‍රීඩාගාරයේ සුවය විදිමින්.එතකොට අයහපත් ආලෝක තත්වය නිසා මැච් එක ටිකක් වේලාසන නවත්තන්න වුනා. ඒ වෙද්දී නොදැවී පන්දුවට පහර දෙමින් හිටියෙ නායක චන්දිමාල් එක්ක කුසල් මෙන්ඩිස්. ලකුණු පුවරුව දැක් වුනේ කදුළු 2ක් දැවී ලකුණු 50 ක් විදියටයි. ඒ කියන්නේ ලංකාව තාම ඉන්නේ ඉන්දියාවට වඩා ලකුණු 572 ක් පිටුපසින්. හැබැයි අපේ අතේ තියෙන්නේ තව කඩුලු 8 ක් විතරයි.
මැච් එකේ තුන්වෙනි දවස හෙට. අද වේලාසනින් මැච් එක නවත්තපු නිසා හෙට උදේ 9.50 ට මැච් එක පටන් ගන්නවා. අපි බලමු මේ ඉතිරි කඩුලු 8 ට අපේ ය තව ලකුණු කීයක් ගනීවිද කියලා. ලකුණු 350 ක් වත් ගහලා නම්බුව බේර ගත්තොත් ඇති.