News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

අයාලේ යන බල්ලන්ට දවසට රුපියල් 100 ක දීමනාවක්…..

660 Views


අයාලේ යන බල්ලන්ට දවසට රුපියල් 100 ක දීමනාවක්…..

මිනිසාගේ පැරණිම මිතුරා තමයි බල්ලා. කැලෑ වැදිලා හිටිය බල්ලව ගෙවල් වලට ගෙනැල්ලා ගමට පුරුදු කරගත්තෙත් අපිමයි. ඊට පස්සෙ මිනිස්සුන්ටත් වඩා කලගුණ දන්න බල්ලව, මිනිස්සු කිසිම හිතක් පපුවක් නැතුව ගෙදරින් පාරටම ඇදල දැම්මා. මේ වෙද්දී අපේ රටට වගේම ඉන්දියාව, චීනය, තායිලන්තය ඇතුළු ගොඩක් රට වලට අයාලේ යන බල්ලන්ව ලොකු ප්‍රශ්නයක් වෙලා.

පහුගිය කාලේ අපේ රටේ අයාලේ යන බල්ලන්ව අයින් කරන්න කියල ලොකු අපරාධයක් වුනා ඔබටත් මතක ඇතිනේ. එත් ඔබ දන්නවද නෙදර්ලන්තයේ අයාලේ යන බල්ලො එක්කෙනෙක්වත් නෑ කියලා. ඇත්තටම මේක හිතාගන්නවත් බැරි විදියේ දෙයක්. අපි මේ කියන්න යන්නේ නෙදර්ලන්තයේ රජය අයාලේ යන බල්ලො බිංදුවටම අඩු කරපු විදිය.

  1. නෙදර්ලන්තෙ අයට තමන්ගේ සුරතලාට වද සැත්කම නොමිලේම කරගන්න පුළුවන්.
  2. අයිතිකාරයෝ නැති බල්ලන්ට නවාතැන් ලබාදෙන්න Dog Shelters 200 ක් හදල තියෙනවා වගේම එවල ඉන්න බල්ලන්ගේ සෞඛ්‍ය තත්වය ඉතාම හොද මට්ටමක පවත්වා ගන්නවා.
  3. Dog Shelter එකක ඉන්න බල්ලෙක් වෙනුවෙන් දවසකට ලංකාවේ සල්ලි වලින් නම් රුපියලක් 100 ක කෑම දෙන්නත් නෙදර්ලන්ත බලධාරීන් කටයුතු කරනවා.
  4. හොද පෙළපතක බල්ලෙක් කවුරු හරි සල්ලි දීලා ගන්නවානම් රජයෙන් විශේෂ බද්දකුත් අය කරනවා. ඒ වගේම Dog Shelter වලින් නොමිලේම බල්ලෙක් ගන්නත් පුළුවන්.
  5. අයිතිකාරයෙක් නැති බල්ලෙක් හිටියොත් Emergency Number එකට කතා කරාම ඒ අය ඇවිත් බල්ලව Dog Shelter එකකට අරන් යනවා.
  6. වුවමනාවෙන්ම සුරතලුන්ව පාරේ දාලා යන හෝ හිංසා කරන අයට ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 25 කට වැඩි දඩ මුදලක් හරි වසර කීපයක සිර දඩුවමකට හරි යටත් වෙන්න වෙනවා.
  7. ඉස්කෝලේ කාලේ ඉදලම සතුන්ට හිංසා නොකරන්න මනස හදන වැඩපිළිවෙලක් වගේම TV, Radio වලින් ඒ ගැන ප්‍රචාරය කරන්නත් නෙදර්ලන්තය ක්‍රියා කරා..

ඔය විදියට අවුරුදු ගානක් මහන්සි වෙලා හැමෝම බෑ කියපු වැඩක් නෙදර්ලන්තේ අය කරලා පෙන්නුවා. අපේ රටෙත් පාරේ ඉන්න අහිංසක සත්තු මරලා දාන්නෙ නැතුව මේ වගේ වැඩක් කරනවානම් ගොඩක් වටිනවා. මොකද මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත්වීමේ අයිතිය තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post