අගෝස්තු මාසෙ වැදගත්කම මොකක්ද කියල ශ්‍රී ලංකාවේ අපෙන් කවුරු හරි ඇහුවොත් අපට , ඒ අහන ප්‍රශ්නෙට දෙන්න උත්තර දෙකක් තියෙනවා.ඒ තමයි මේ මාසේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යය වගේම කතරගම දේවාලයේ මහ පෙරහැරත් පටන් ගන්නවා කියන එක.
මේ පෙරහැර මංගල්‍යයන් දෙකෙන් දෙස් විදෙස් සංචාරකයන් ගොඩක් දෙනෙක් බොහොම කැමැත්තෙන් බලන්න යන තැනක් තමයි, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ විදිහට හඳුන්වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර. මේ පෙරහර මංගල්‍යය දවස් 10 ක් පුරාවට පවත්වලා අවසන් රන්දෝලි පෙරහැරෙන් අවසන් වෙනවා.
සියත 24 අපි මේ ගෙනාවේ ඊයේ දවසේ මහනුවර තිබුන පෙරහැරේ ලස්සනම තැන් වලින් ගත්ත දර්ශන කිහිපයක්. ඊයේ දවසෙ තිබුන දෙවෙනි රන්දෝලි
පෙරහැර බලන්න යන්න බැරි වුන අයට වගේම, බලන්න ගියත් ලඟටම ගිහින් බලන්න බැරි වුණ අයට පහතින් ඒ පෙරහැරේ ලස්සන බලන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=HChLPkPPCJY