ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගයේ තුන් වැනි දිනය පටන් ගනිද්දි ලංකාවේ කඩුලු 2 ක් බිද වැටිලා තිබුනා. හැබැයි lunch Time එක වෙද්දී ලංකාවෙ ඉතුරු කඩුලු 8 ම දවා ගන්න ඉන්දියාවේ පන්දු යවන්නෝ සමත් වුණා. ඒ අතරේ අපිට රැස් කරගන්න පුළුවන් වුණේ ලකුණු 183 ක් විතරයි. වැඩේ කියන්නෙ ලංකාවෙ විකට් 10 ම ගන්න කෝලි පාවිච්චි කරේ පන්දු යවනනෝ 4 ක් විතරයි ඒ අතරින් අශ්වින් කඩුලු 5 ක් දවා ගත්තා.
අපේ අයගෙන් වැඩිම ලකුණු ගත්තේ දික්වැල්ල. ඔහු ලකුණු 51 ක ලබා ගත්තා. මැතිව්ස් 26, දිල්රුවන් 25 යි. මංගල තරගයට ක්‍රීඩා කරන මලින්ද ලකුණු 15ක් ලබා ගත්තා. උපුල් තරංග, ධනංජය සහ නුවන් ප්‍රදීප් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වුණා. මේ වෙද්දී ඉන්දියාව ලංකාවට වැඩිය 439 ක් ඉස්සරහින් ඉන්නවා. ඒ නිසා ලංකාවට සිද්ධ වෙනවා ඉනිමක පරාජයෙන් බේරෙන්න නැවත වරක් දෙවන ඉනිම ආරම්භ කරන්න.