News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

කෝකටත් සුදානමින් ඉන්න – කාලගුණයෙන් රතු එළියක්…

1640 Views


කෝකටත් සුදානමින් ඉන්න – කාලගුණයෙන් රතු එළියක්…

නැති වෙද්දී ඕන වෙන, තියෙද්දී එපා වෙන පුදුම දෙයක් තමයි වැස්ස. මොකද ඉතිං වහින්න පටන් ගත්තම හතර වටේ යට වෙන්නම දෙනවනේ.
ඊයේ රෑ ඉදන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට මොර සූරණ වැසි වැටෙනවා. අධික වර්ෂාව නිසා හැටන් වැලිඔය ප්‍රදේශය තණකොළ ගහක් පේන්නෙ නැති තරමට පහත බිම් සේරම යටවෙලා. ඒ පැතිවල කාණු හරියට ඇළ පාරවල් වගේ. කුඩා ඇළ පාරවල් වල ලොකු සැඩ වතුර පාරක් ගලාගෙන යනවා. කොරේ පිට මරේ කියන්නෙ වැස්සත් එක්ක ලොකු හුළගකුත් ඇවිල්ලා. මේ හින්දා විදුලි බලයත් සැරින් සැරේ බිද වැටෙනවා.
ඒ විතරක් නෙවෙයි ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනල ආයෙ පයිනුත් ගැහුවා වගේ ලොකු මීදුමකුත් මේ වෙද්දී හැටන් පැත්තේ තියෙනවා. හැටන් කොළඹ පාරෙයි, හැටන් නුවරෙලිය පාරෙයි වාහන වලට යන්න අමාරුයි. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියන විදියට  මේ වැස්ස තව ටිකක් වෙලාවක් අල්ලා තියේවි.
කොහොම වුණත් මධ්‍යම කදුකරයේ අය හොද අවදානමකින් ඉන්න. මතකනේ පහුගිය කාලේ වුන විනාශය. ඒ වගේම හදිසි තත්වයක් ඇති වුනොත් ආරක්‍ෂිත තැන්වලට යන්න අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. කෝකටත් දැන්ම සුදානම් ශරීරෙන් ඉන්න. මේ ආරංචිය ඔබ දන්න කියන අයටත් දෙන්න.
මේ වෙලාවේ කඳුකරයේ ප්‍රදේශයේ තත්වය මෙන්න…


News Articles
Latest Videos
Most Popular Post