රාහු කාලය – පෙ.ව 07.37 සිට 09.10
සුභ දිශාව – දකුණ
මරු සිටින දිශාව – වයඹ
මේෂ ලග්නය

මහජනයා සම්බන්ධ කටයුතු සාර්ථක වෙනවා. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු
කරන්න. කරන බොහෝ කටයුතු සාර්ථක වේවි. චිත්ත පිඩා ඇති විය හැකියි.
ජය වර්ණය- ලා රතු පැහැය ජය අංකය- 03
වෘෂභ ලග්නය

වැඩිහිටියන්ගේ උපකාර ලැබෙනවා. අන් අයටද උපකාර කරන දිනයක්. ගෙදර දොර
කටයුතු සාර්ථක වෙනවා. පිනට දහමට සිත යොමු වෙනවා.
ජය වර්ණය- ක්‍රීම් පැහැය ජය අංකය- 07
මිථුන ලග්නය

පිනට දහමට සිත යොමු කලත් ඔබේ වියදම් පාර්ශවය පිලිබදව සැලකිලිමත් විය යුතුයි.
සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. ගෙදරදොර කටයුතු දියුණු වේවි.
ජය වර්ණය -විසිතුරු පැහැය ජය අංකය- 08
කටක ලග්නය

තරමක කේන්ති සිතුවිලි ඇති විය හැකියි. චිත්ත පිඩා ඇති විය හැකියි. වචන භාවිතා
කිරීමේදී කල්පනාකාරී වන්න. ඉවසිලිවන්තව දිනය ගත කරන්න.
ජය වර්ණය- ලා කොළ පැහැය ජය අංකය- 02
සිංහ ලග්නය

ඔබගේ කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කර ගත හැකි වේවි. සතුරු කරදර චිත්ත
පිඩා අවම කර ගැනීමට හැකි වේවි. බොහෝ වාසනාවන්ත දිනයක්.
ජය වර්ණය- රන්වන් පැහැය ජය අංකය -03
කන්‍යා ලග්නය

අධ්‍යාපන කටයුතු සාර්ථක වේවි. චිත්ත පිඩා ඇති විය හැකියි. තාක්ෂණික මෙවලම්
ආශ්‍රිත කටයුතු දියුණුව පිලිබදව අවධානය යොමු කරන්න.
ජය වර්ණය- ක්‍රීම් පැහැය ජය අංකය- 06
තුලා ලග්නය

ගෙදරදොර කටයුතු පහසුවෙන් දියුණු කර ගැනීමට හැකියාව පවතිනවා. සිතේ කරදර
දුරු කර ගැනීමට හැකියාව පවතින දිනයක්. අන් අයගේ උපකාරද හිමි වෙනවා.
ජය වර්ණය- ලා කොළ පැහැය ජය අංකය- 08
වෘශ්චික ලග්නය

සහෝදරයින්ගේ උපකාර හිමි වෙනවා. අන් අයගේ කටයුතු වලට මැදිහත් වේවි. පිනට
දහමට සිත යොමු වෙනවා. සූරිය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න.
ජය වර්ණය- රතු පැහැය ජය අංකය- 08
ධනු ලග්නය

මානසික ගැටළු ඇති විය හැකි දිනයක්. පවුලේ අයගේ කටයුතු නිසා වියදම් අධික
වනවා මෙන්ම තරමක කාර්යබහුල තත්වයක්ද ඇති විය හැකියි. සෞඛ්‍ය පිලිබදව
අවධානය යොමු කරන්න.
ජය වර්ණය- ලා කහ පැහැය ජය අංකය- 07
මකර ලග්නය

ව්‍යාපාර හා රැකියාවේ කටයුතු දියුණු වෙනවා. කරන කටයුතු සැලසුම් සහගතව කිරීමට
සිහි තබා ගන්න. කල්පනාවෙන් දිනය ගත කල යුතුයි. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු
කරන්න.
ජය වර්ණය- ලා නිල් පැහැය ජය අංකය- 03
කුම්භ ලග්නය

නිතර බාධාකාරී සිතුවිලි ඇති විය හැකියි. ජලයෙන් ප්‍රවේසම් විය යුතුයි. සතුරු බාධා
දුරු කර ගත හැකියි. සමාජයේ ගෞරවයට ලක් වෙනවා.
ජය වර්ණය- ලා නිල් පැහැය ජය අංකය- 07
මීන

ව්‍යපාර කටයුතු සාර්ථක වෙනවා. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. ගෙදරදොර
කටයුතු දියුණු වෙනවා. ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.
ජය වර්ණය -ලා දම් පැහැය ජය අංකය- 03
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී :කැළුම් ගුණතිලක