News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

හිටපු ජනාධිපති වොෂින්ටන් වලින් මිලියන 6ක් වටින ගෙයක් කුලියට අරං

1537 Views


හිටපු ජනාධිපති වොෂින්ටන් වලින් මිලියන 6ක් වටින ගෙයක් කුලියට අරං

ජනාධිපති වෙලා හිටපු කාලේ බලන්න එපැයි ගණන්. යන්නේ උඩින්. උත්සවේකට වුනත් එන්නේ පරක්කු වෙලා. හැබැයි හිටපු ජනාධිපති උනාට පස්සේ ඉතින් යන්න වෙන්නේ බිමින්. කලින් වගේ ගණන් දාන්නත් බෑ.  අපේ රටේ විතරක් නෙවෙයි කොයි රටෙත් ඒක එහෙමයි. කොටින්ම කියනවා නම් ලෝකේ බලවත්ම ජනාධිපතිවරයාට වුනත් අන්තිමට වෙන්නේ ඕක තමයි.
ලෝකේ බලවත්ම ජනාධිපතිවරයා විදිහට තුන් ලෝකෙම පිළිගන්නේ ඇමෙරිකාවේ ජනාධිපතිතුමානේ. දැන් ඒ බරපතල තනතුර දරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. එයාට කලින් ඒ පුටුවේ හිටියේ බරක් ඔබාමා.

මෑත කාලේ ලෝකේ පුරා ගෞරවාදරයට පත්වෙච්ච ජනාධිපතිවරයෙක් තමයි බරක් හුසේන් ඔබාමා කියන්නේ.

ඔහු අමෙරිකාවෙ 44 වෙනි ජනාධිපතිවරයා විදිහට අවුරුදු 8ක් සේවය කරලා මේ අවුරුද්දේ ජනවාරි 20 වෙනිදා විශ‍්‍රාම ගත්තා. ඊට පස්සෙ ඔබාමා ට මොකද වුනේ කියලා අපි හොයල බැලුවා.

විශ්‍රාම අරං ධවල මන්දිරයෙන් පිට වෙලා ගියාට පස්සේ ඔබාමාට ඇමෙරිකානු රජයෙන් නිල කාර්යාලයක් ලැබුනා. ඒක සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ ඕනම ජනාධිපතිවරයෙකුට ලැබෙන වරප්‍රසාදයක්. ජනාධිපති තනතුරෙන් ඉවත් වුනාට පස්සේ ඔබාමා ඔහුගේ මේ අලුත් කාර්යාලයේ පුංචි කොක්ටේල් පාටි එකක් දාල තියෙනවා.

එතකොට ඔබාමායි එයාගේ පවුලේ අයයි දැන් ජීවත් වෙන්නේ කොහෙද? ඇත්තටම ඔබාමා තාමත් ඉන්නේ වොෂිංටන් වලම තමයි. මොකද ඔබාමාගේ බාල දුව සාෂා ඉගෙනගන්නේ වොෂිංටන් වල. ඒ නිසා ඔබාමා දැන්මම වොෂිංටන් වලින් යන්නේ නෑ.

වොෂිංටන් වලින්ම සුපිරි ගෙයක් ඔබාමා කුලියට අරගෙන. මාසෙකට කුලිය ඇ. ඩො . 22,000 ක්. මේ ගෙදර ප්‍රමාණය වර්ග අඩි 8200ක්. ගෙදර සම්පුර්ණ වටිනාකම ඇ. ඩො . මිලියන 6 ක්. කාමර 9යි. Bathroom 9යි.

ජනාධිපති විදිහට ඇ . ඩො. 400,000ක විටුපක් ලබපු ඔහු දැන් ඇ. ඩො. 205,700ක වාර්ෂික විශ‍්‍රාම වැටුපකට හිමිකම් කියනවා. ඊට අමතර මුදලක් ඔබාමා කොන්ග‍්‍රසයෙන් ඉල්ලලා තියෙනවා රජයෙන් ලැබුන නිල කාර්යාලය පවත්වාගෙන යන්න.

ඔබාමා දැන් පදින්නේ Ford Escape Hybrid කාර් එකක්.

 

 

 

 

මෙච්චර කාලයක් සමාජ වෙබ් අඩවි වල රජයේ නිල ගිණුම් පවත්වාගෙන ගිය ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිශෙල් දැන් පෞද්ගලික සමාජ ගිණුම් පවත්වාගෙන යනවා.

ඒ කිවුවේ ඔබාමාගේ අලුත්ම තත්වේ. ඔබාමාගේ අතීතය ටිකක් හාරාවුස්සලා බැලුවහම කවුරුත් නොදන්න තව දේවල් ගොඩක් අපිට හම්බවුනා. මෙන්න ඒවා.

  1. ඔබාමා ග‍්‍රැමී සම්මාන ලාභියෙක්. 2006 වසරේ හොඳම Spoken word ඇල්බමයට හිමි සම්මානය දිනුවා. ඒ ඔහුගේ Dreams from my Father පොතේ Audio ඇල්බමය වෙනුවෙන්.

2. කැමතිම කෑම ඔහුගේ බිරිඳ මිෂෙල් හදන ලොකු ඉස්සෝ දාපු පැස්ටා. එතකොට ප‍්‍රියතම පානය බ්ලැක් ෆොරස්ට් බෙරි රස ශීත කල තේ.

3. ඔහු හැම හැරී පොටර් පොතක්ම කියවලා තියෙනවා.

4. ඔබාමා වමත් කරුවෙක්.

 

 

 

 

 

 

5. ඔහුට මොහොමඞ් අලී අත්සන් කරපු රතු බොක්සිං ග්ලව්ස් යුවලක් තියෙනවා.

6. ඔබාමාට ස්පාඥ්ඥ බස හොඳින් කතාකරන්න, ලියන්න, කියවන්න පුලූවන්.

7. ඔහු තරුණය කාලෙ බස්කින්-රොබින් අයිස්ක‍්‍රීම් ආයතනයේ වැඩකලා.

8. ඉන්දුනීසියාවෙ ඉන්න කාලේ ඔහු ටාටා කියලා වඳුරෙක්ව ඇති කලා. ඉන්දුනීසියාවෙ හිටපු කාලේ ඔහුට බලූ මස්, සර්ප මස් සහ රෝස්ට් කරපු තණ කොලපෙත්තන් පවා කන්න සිද්ධ වෙලා තියෙනවා.

9. ජනාධිපතිධුරයට තරඟ කරන්න කලින් දුම්පානය නතර කරනවා කියලා ඔහු මිෂේල්ට පොරොන්දු වෙලා. ඒත් ඒක ඉෂ්ඨ කරන්න ඔහුට පුළුවන් වෙලා නෑ . 2010 දි තමයි ඔබාමා සම්පුර්ණයෙන්ම දුම්බීම අතහැරියේ.

10. ඔබාමා කැමතිම චිත‍්‍රපට – Casablanca/ One Flew Over the Cuckoo’s Nest

11. ඔහු යන හැම තැනකම මරියතුමිය සහ ජේසු බබාගෙ කුඩා රුවක් සහ ඉරාක සොල්දාදුවෙක්ගෙ අත් පලඳනාවක් ගෙනියනවා. එකෙන් ඔහුට වාසනාව ලැබෙනවලු.

12. විශ්ව විද්‍යාල කාලෙ වෙනකන්ම හැමෝම ඔහුට කතා කලේ බැරී කියල. ඔහු හැමෝගෙන්ම විශේෂ ඉල්ලීමක් කලාට පස්සේ තමයි ඒ නම කියන එක නවත්තල තියෙන්නේ.

13. ඔහු කෝපි බොන්නේ නෑ. මත්පැන් බොන්නේ කලාතුරකින්.

14. අවුරුදු කීපයකට කලින්, ශිෂයයෙක්ව සිටි කාලේ ඔහු ගත්ත ණය මුදලක් ඔහු ආපහු ගෙවලා දැම්මා. ඔහු ලියපු පොත් වලින් ලැබුණු ආදායමින්.

15. ඔහු අඳින්නේ ඇ. ඩො. 1,500 Hart Schaffner Marx කලිසම් සහ කමිස. එතකොට දාන්නෙ සයිස් 11 සපත්තු.

16. බරක් ඔබාමා සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට්ගේ 9 වෙනි ඥාති සහෝදරයා.

සටහන – පාරමී


News Articles
Latest Videos
Most Popular Post