ශ්‍රද්ධා කපූර් ප්‍රභාෂ්ගේ පෙම්වතිය වෙන්න කැමති වෙලා – අනුශ්කාගේ බලාපොරොත්තු සුන් වෙයි.
819 Views
මතකද ආශිකී 2…. කොහොම අමතක වෙන්නද ? හත් අට පාරක්ම බැලුවනේ. මුළු බොලිවුඩයම අලුත්ම පාරකට ගත්ත ආශිකී 2 හරහා ආපු සුරූපී නිළිය තමයි ශ්‍රද්ධා කපූර්. දැකපු මුල් දවස් වල නං හැමෝම කිවුවේ හරිම අහිංසක ලස්සනක් ඇයට තියෙනවා කියලා. හැබැයි පස්සේ පස්සේ ඇය ගැන එක එක කට කතා පැතිරෙද්දී ලොව පුරා ඉන්න ගොඩක් පෙම්වන්තයින්ගේ හිත් බිඳිලා ගියා. දැන් නම් කවුරුවත් ශ්‍රද්ධාට අහිංසක කෙල්ලෙක් කියලා කියන්නේ නැහැ.
දැන් අහන්නකො මේ කතාව. බාහුබලී Film එක නිසා ලොව පුරා ජනප්‍රිය වුණු දකුණු ඉන්දියාවේ ප්‍රභාෂ් Kollywood වලින් Bollywood වලට පය තියන්න තීරණය කරලා. ඒ “සාහෝ ” හින්දි Film එකෙන්. මුම්බායි, හයිද්‍රබාද්, අබුඩාබි, ඩුබායි වගේම යුරෝපයේත් සාහෝ ෆිල්ම් එකේ Shooting කරන්නයි අධ්‍යක්ෂවරයා හිතාගෙන ඉන්නේ.
මේක තමයි ප්‍රභාෂ්ගේ පළවෙනි Bollywood ෆිල්ම් එක. මුලින්ම සාහෝ ෆිල්ම් එකේ ප්‍රභාෂ් එක්ක රඟපාන්න තෝරාගෙන තිබුනේ දකුණු ඉන්දියානු නිළි අනුෂ්කා ෂෙට්ටිව. හැබැයි ෆිල්ම් එකේ චරිතෙට ගැලපෙන විදිහට ඇඟේ මහතයි බරයි අඩු කරගන්න ඇයට බැරි වෙලා.
ඉතින් සාහෝ ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරයා අනුෂ්කා වෙනුවට සුරූපී බොලිවුඩ් නිළි ශ්‍රද්ධා කපුර්ව තෝරගෙන. මුලදී ශ්‍රද්ධා, සාහෝ ෆිල්ම් එකේ රඟපාන්න ටිකක් ලොකු ගානක් ඉල්ලලා. හැබැයි අන්තිමේදී ඉන්දීය රුපියල් කෝටි 7කට සාහෝ ෆිල්ම් එකේ, ප්‍රභාෂ්ගෙ පෙම්වතිය විදිහට රඟපාන්න ඇය කැමති වෙලා.