News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

චන්ද්‍රලේඛා ඉන්දියාවේ අංක එක වෙයි…

902 Views


චන්ද්‍රලේඛා ඉන්දියාවේ අංක එක වෙයි…

චන්ද්‍රලේඛා ඉන්දියාවේ අංක එක වෙලා. මේ ආරංචිය අහපු ගමන් ඔබ පොඩ්ඩක් නැවතුණා නේද? ඒකට තමයි අපේකම කියන්නේ.

ඒත් මේ කියන්න යන්නෙ ඉන්දියාවේ අළුත්ම සිංදුව ගැන. මේකේ නම “චන්ද්‍රලේඛා”.  සුරූපී බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නෑන්ඩස්ගේ අලුත්ම Film එකේ සින්දුවක්.  එයත් ඉතින් අපේ කෙනෙක්නේ. Film එකේ නම “A Gentleman”. Bollywood නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා තමයි ජැකලින් එක්ක මේ Film එකේ රඟපාන්නේ.

ඒ වගේම චන්ද්‍රලේඛා සින්දුවට ජැකලින් දාපු ලස්සන Pole Dance එක ගැනත් දැන් Bollywoodවල හැමෝම කතා වෙනවා. මේ Pole Dance එක ජැකලින් මාස ගානක් පුරුදු වෙලා. එච්චර පුරුදු වෙලත් ඩාන්ස් එක Shoot කරද්දී වැටිලා හොඳටම තුවාල වුනා කියලා ඇය පහුගිය දවසක කියලා තිබුනා.

හැබැයි Bollywood විචාරකයෝ නම් කියන්නේ දැන් දැන් ජැකලින්ගෙ Dancing විතරක් නෙවෙයි රඟපෑමත් සෑහෙන්න දියුණු වෙලා කියලා.ඒ කතාවේ ඇත්ත නැත්ත අපිට බලන්න වෙන්නේ අගෝස්තු 25 වෙනිදායින් පස්සේ. මොකද “A Gentleman” Film එක Release වෙන්නේ අගෝස්තු 25 වෙනිදා.

චන්ද්‍රලේඛා VIDEO SONG එක…..

A Gentleman Movie Trailer එක…..

https://www.youtube.com/watch?v=IMXifj-peiQ


News Articles
Latest Videos
Most Popular Post