එළියට පේන දේට වඩා දෙයක් හැම දේකම ඇතුලේ සිද්ධ වෙනවා. ඒ හින්දයි කියන්නේ පිට කවරෙන් පොතේ ඇතුලේ තියෙන දේවල් මනින්න එපා කියලා. අපි දැන් මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක්. ලෝකයේ ලස්සනම පෙරහැර ඊයේ පැවැත්වුනා. ඒ තමයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර. රන්දෝලි පෙරහැරෙත් අපි පාරේ පෙරහැර යද්දී දකිනවට වඩා දෙයක් මාළිගාව ඇතුලේ වෙනවා. අලි ඇතුන්ට පෙරහැර ඇදුම් අන්දවන එක, පෙරහැරේ යන නිළමෙලාට බලතල පවරන එක වගේ දේවල්. හැබැයි මේවා වෙන්නෙ පුරාණ චාරිත්‍රානුකූලව. ඒ වගේම සුභ නැකතට තමයි මේ සේරම දේවල් කරන්නෙ. පෙරහැර පාරේ යද්දී වෙන දේවල් ඔබ දැකලා තිබ්බට මාළිගාව ඇතුලෙ වෙන දේවල් ඔබ දැකලා නෑනෙ. ඒ දේවල් වෙන්නෙ කොහොමද කියන එක පහළ තියෙන වීඩියෝ එක බැලුවම ඔබට දැනගන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=KJmQqrNYt54&t=143s