News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

ගුවන් යානාවක් ඇතුලෙදි පිරිමින්ට පාඩමක් ඉගැන්වූ සුරූපිණිය…

1038 Views


ගුවන් යානාවක් ඇතුලෙදි පිරිමින්ට පාඩමක් ඉගැන්වූ සුරූපිණිය…

අපි නැත්තං මේ ලෝකෙත් නැහැ. සමහර පිරිමි එහෙමයි හිතාගෙන ඉන්නේ. හැබැයි අලුත්ම පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා පිරිමින්ට වඩා දහ ගුණයක් වැඩියෙන් කාන්තාවන්ට දරා ගැනීමේ හැකියාව වැඩි කියලා. එහෙම බලද්දී පිරිමින්ට ලංවෙනවා තියා හිතන්නවත් බැරි තරම් ඉස්සරහින් කාන්තාව ඉන්නවා. මේ එක ඔප්පු වෙන තව කතාවක්.

බෝයිං 777 මාදිලියේ දැවැන්ත ගුවන් යානයක් අවුරුදු 30 ගැණු ළමයෙක් පදවනවා කිව්වම ඔබට විශ්වාස කරන්න පුලුවන්ද? හැබැයි එක ඇත්තක්. ඉන්දියාවේ “ඇනී දිව්‍යා “තමයි මේ ගැහැණු ළමයා. ගුවන් යානා පදවන්න පුළුවන් පිරිමින්ට විතරයි කියපු මතය පුස්සක් කරන්න ඇනීට පුළුවන් වෙලා තියෙනවා. ඒ අවුරුදු 19 ක් වගේ පුංචි කාලෙදිම. හිත ඇත්නම් පත කුඩාද කියලා කියනවා වගේ පුංචි කාලේ ඉදන්ම ඇයට තිබ්බ හීනය සැබෑ කරගන්න ඇනිට පුළුවන් වුණා.

ඉන්දියාවේ ගිනිකොණ ප්‍රදේශයේ කුඩා ගම්මානයක ඉපදුන ඇනී අවුරුදු 17 දී තමයි මුලින්ම ගුවන් නියමු පාසලකට ඇතුලත් වෙලා තියෙන්නෙ. තිබ්බ වුවමනාව සහ කැපවීම නිසාම අවුරුදු 19 වෙද්දී අධ්‍යන සහ පුහුණුවීම් කටයුතු ඉවර කරන්න ඇයට පුළුවන් වෙලා තියෙනවා. පුහුණු පාසලෙන් ඉවත් වෙනවමත් එක්කම “එයාර් ඉන්දියා” ගුවන් සමාගමට එක් වෙන්නත් අවස්ථාව ලැබුනා.

මේ වෙද්දී ඇනී දිව්‍යාට අවුරුදු 10 ක විතර ජාත්‍යන්තර පියාසර අත්දැකීම් තියෙනවා. ඇනී තමයි මේ වෙද්දී බෝයිං 777 වර්ගයේ නවීනතම සහ දැවැන්තම ගුවන් යානා පදවන ලොව ලාබාලතම ගුවන් නියමුවරිය. ගුවන්යානා පැදවීම ගැන උගන්වන පුහුණුකාරිනියක් වෙන එකලු මීලග බලාපොරොත්තුව. ඉතින් මේක කියවලාවත් අපේ රටේ ගැහැණු ළමයි ටිකත් හැදෙනවා නම් අපිට ඒ ඇති.


News Articles
Latest Videos
Most Popular Post