News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

ක්‍රිකට් පරාජයට වගකිව යුත්තේ මේ අතරින් කවුද?

1110 Views


ක්‍රිකට් පරාජයට වගකිව යුත්තේ මේ අතරින් කවුද?

කාලයක් තිබ්බා අපේ රටේ මිනිස්සු කැමතිම මාතෘකාව ” ශ්‍රී ලංකා ක්‍රිකට් ” . හැබැයි දැන් නම් අපේ රටේ අයට එපා කරපු මාතෘකාව ක්‍රිකට් වෙලා, එකට හේතුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වුණ එක. මේ පරාජයන්ට එක එක අය එක එක හේතු කියනවා. ඒ නිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් වල පහුගිය කාලෙ වුණේ මොනවද කියලා අපි හොයලා බැලුවා.

2016 ජනවාරි
ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවකට ලක්වුණ අනූෂ සමරනායකගේ සේවය අත්හිටුවනවා.

2016 පෙබරවාරි
කුමාර් සංගක්කාරගේ ඉල්ලීමකට අනුව ග්‍රැහැම් ෆෝඩ් අයෙත් ලංකාවේ පුහුණුකරු විදියට එනවා.

2016 මාර්තු
විස්සයි 20 ලෝක කුසලානයට යන්න ඔන්න මෙන්න තියෙද්දී කපිල ගුණවර්ධනගේ සභාපතිත්වය තිබ්බ තේරීම් කමිටුව ඉවත් කරනවා.

තාවකාලිකව අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් කුමාර් සංගක්කාර, රොමේෂ් කලුවිතාරණ, ලලිත් කළුපෙරුම ඇතුළුව තේරීම් කමිටුවක් පත් කරනවා.

විස්සයි විස්ස නායකත්වයෙන් ඉල්ලා අස්වුන ලසිත් මාලිංග වෙනුවට පත් වෙන්නෙ ඇන්ජලෝ මැතිව්ස් .

2016 අප්‍රේල්
චරිත් සේනානායක ආයෙත් කණ්ඩායමේ කලමණාකරු විදියට පත් කරත් ටික කාලෙකින් රංජිත් ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිලේ කලමණාකරු විදියට පත් කරනවා.

2016 මැයි
අරවින්ද ද සිලවා තේරීම් කමිටු සභාපතිත්වයෙන් ඉවත් වෙනවා. අයෙත් සනත් ජයසූරියට ඒ තනතුර ලැබෙනවා. රොමේෂ් කලුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්ත අනෙක් සාමාජිකයො විදියට පත් වෙනවා.

2016 ජුනි/ ජූලි
අලුත්ම තනතුරක් වුණ ඉහළ කාර්ය සාධක කළමණාකරු විදියට සයිමන් විල්ස්ව පත් කරනවා. පන්දු රැකීමේ පුහුණුකරු විදියට නික් පොතාස් පත් කරනවා.

2016 දෙසැම්බර්
රංජිත් ප්‍රනාන්දු කණ්ඩායමේ කළමණාකරු විදියට පත් කරනවා. භෞතචිකිත්සක විදියට නික් ලී එනවා.

2017 මාර්තු
ජාතික කණ්ඩායමේ කළමණාකරු විදියට අසංක ගුරුසිංහ පත් කරනවා. ඉතා ඉක්මනට කණ්ඩායමේ බලවත්ම පුද්ගලයා විදියට ඔහු පත් වෙනවා.

2017 මැයි
මාස 2 කාලයකට හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් පත් කරනවා.

2017 ජුනි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා වුණ ජයන්ත ධර්මදාස තනතුරෙන් ඉවත් වෙනවා.

දිගින් දිගටම සාර්ථක වුණ ග්‍රැහැම් ෆෝඩ් පුහුණුකරු තනතුරෙන් ඉවත් වෙනවා.

2017 ජූලි
සිම්බාබ්වේ එක්ක තිබ්බ එක්දින තරගාවලිය පරාජයත් එක්ක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වෙනවා. ඒ වෙනුවට උපුල් තරංහ විස්සයි විස්ස හා එක්දින තරග නායකත්වයටත්, දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග නායකත්වයටත් පත් කරනවා.

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක හෂාන් තිලකරත්න පිතිහරඹ පුහුණුකරු විදියට පත් කරනවා.

චම්පක රාමනායකගේ ඉවත් වීම නිසා චමින්ද වාස් වේග පන්දු යවන පුහුණුකරු විදියට පත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post