News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

අද ලග්න දෙකකට අධික ගමන් බිමන්…..සම්පූර්ණ විස්තරය මෙතනින් බලන්න.

693 Views


අද ලග්න දෙකකට අධික ගමන් බිමන්…..සම්පූර්ණ විස්තරය මෙතනින් බලන්න.

රාහු කාලය ප.ව 01.34 සිට 03.04

සුභ දිශාව: බස්නාහිර

මරු සිටින දිශාව: දකුණ

 

 

මේෂ ලග්නය

ආදායම් වැඩි කර ගන්නා දිනයක්.සාමාජීය ගෞරවයක් ලබන්න තිබෙන දිනයක්.සාමාජීය කටයුතු වලින් මිතුරු හමුවීම් වලින් වැඩිමහල් සහෝදර ආශ්‍රයෙන් ඔබ වඩා සතුටට පත් වෙනවා.මිනිස්සුන්ට ඔබ බොහෝ අනුකම්පා කරනවා.අලුත් සෙවීම් වලට ඔබ ප්‍රිය වෙනවා.රැකියාවේ කටයුතු වලට අවහිරකම් ඇති වීමෙන් එහි දියුණුව අඩු වෙනවා.රැකියාවේ ප්‍රධානින් හමු වීමට සුදුසු නොවන දිනයක්.අන් අය සමග සුහදව කටයුතු කිරීමට ඔබ සිතට ගත යුතුයි.අනවශ්‍ය ගමන් බිමන් වලින් වලකින්න.

ජය වර්ණය: නිල්පැහැය                ජය අංකය: 11

 

වෘෂභ ලග්නය

නායකත්වයක් වගකීමක් දැරීමට හිමිකමක් සහිත පසුබිමක් තුල ජයග්‍රාහී විලසින් ඔබට රැකියාවේ ව්‍යාපාර තුල පැහැදිලි ගෞරවයක් සමාජ ප්‍රසිද්ධියක් ආදායම් වැඩි කර ගැනීම ඇති කර ගන්න පුළුවන්.ඔබ සතු මිත්‍රශීලි සමාජශීලි ආකල්ප හැකියාවන් දක්ෂකම් මුල්කොටගෙන ඔබට ඔබගේ ධනවත්කම වැඩි කර ගන්න පුළුවන්.සමාජීය ගෞරවයක් ලබන්න තියෙනවා.සමාජයේ උසස් කටයුතු වල යෙදෙන්න තියෙනවා.පොත්පත් ලිවීමේ දක්ෂතාවයෙන් කථිකත්වයෙන් විනෝද සේවා සපයන වැඩ වලින් වැඩිපුර ලාභ ලබන්න පුළුවන්. වැඩිහිටියන්ගෙන් ව්‍යාපාරයන්ගෙන් ඔබට ලාභ ලැබිය හැකියි.මිතුරු ආශ්‍රය වැඩි වෙනවා.අද ඔබ ලැජ්ජ භය ඇතිව කටයුතු කරනවා. රාජ්‍ය සේවයෙන් ධනය ලැබීමට වාසනාව තියෙනවා.රැකියාවේ හා ව්‍යාපාර සාර්ථකත්වය ලැබීමට හැකි වෙනවා. අනවශ්‍ය ගමන් බිමන් ඔබට අනතුරුදායක විය හැකියි.

ජය වර්ණය: කහපැහැය                 ජය අංකය: 11

 

මිථුන ලග්නය

දෙමව්පියන් ගුරුවරුන් හා උසස් අය අතරේ ප්‍රධානත්වයක් නායකත්වයක් ඇතිව කටයුතු කල හැකි දිනයක්. ඔබගේ වාසනාව රැකියාවට ව්‍යාපාරයට බලපානවා. වැඩිදුර රැකියාවේ ඉහල අධ්‍යාපනයක් සදහා සුදුසුකම් ලැබීමට හැකි දිනයක්.පියාගේ දුකසැප බැලීමට ඔබ වඩා ආස කරනවා.රැකියාව තුල උසස් රාජකාරී කිරීමට සිදු වෙනවා. තමන්ගේ අයට ප්‍රධානියෙක් විය හැකි දිනයක්.සියලු දේ ක්‍රියාවෙන් කතාවෙන් පෙන්විය හැකි දිනයක්. පිං කිරීමෙන් ඔබට කිර්තිය ලබන්න පුළුවන් වෙනවා.තරහ ක්‍රෝධ ආදියෙන් මිදී වැඩ කටයුතු කිරීමට අද ඔබ දක්ෂ වෙනවා.උසස් රැකී රක්ෂා තාන්න මාන්න ලැබීමට ඉඩකඩ ඇති කරනවා.උසස් ඉගෙනීමේ කටයුතු සාර්ථක කරනවා.විදෙස් වන්දනා දුර ගමන් ගමන් සාර්ථක කරනවා.සමාජයේ වගකීම් දැරීමට මිතුරු ඇසුරට යෝග්‍ය දිනයක්.ආදායම් වැඩි දියුණු කර ගන්න පුළුවන්.

ජය වර්ණය: කහ පැහැය               ජය අංකය: 09

 

කටක ලග්නය

ලෙහෙසියෙන්ම පාපයට බර වෙන්න තියෙන දිනයක්.ඔබට සියලු දේවල් නිරායාසයෙන් ලැබුනත් ඒවා වාසනාවට ලැබෙනවා කියලා හිතන්නෙපා.ඒ වාසනාව තුල ඔබට අපකීර්තියක් කරදරයක් ඇති වෙන්න පුළුවන් දේවල් ගැබ් වෙලා තියෙන්න පුළුවන්.ඒ නිසා දිනයේ දියුණුව වෙනුවෙන් ධනාත්මක වෙන්න.ඔබ ඔබව ධනාත්මක බව තුල පෙරහුරුවට ගන්න.ආගම දහමට ලැදිව නිසි තැනට නායකත්වය දෙමින් වගකීම් භාර අරගෙන වැඩ කටයුතු කරන්න.එසේ වුවහොත් ඔබ බලාපොරොත්තු වන සාර්ථකත්වය ලැබීමට හැකි වෙන්නෙ.ඔබට පැහැදිලි ධන වාසියක් තියෙනවා.ඔබ ඒ සදහා ධනාත්මකව ක්‍රියාත්මක විය යුතුයි.පාපයෙන් තොර වී වැඩ කටයුතු කිරීමට උත්සහ දැරිය යුතුයි.රැකියාවේ හා ව්‍යාපාර කටයුතු වලට හරි පහසුවෙන් හානිදායක දේවල් වෙන්න පුළුවන්. ඔබ වගකීම් නිසිලෙස ගනිමින් නායකත්වය නිසිලෙස ගනිමින් අවබෝධයෙන් යුතුව දෛනික කටයුතුවල යෙදෙන්න.

ජය වර්ණය: කහ පැහැය                ජය අංකය: 09

 

සිංහ ලග්නය

ඔබ තම ආදරවන්තිය හෝ ආදරවන්තයා ගැන නිතර සිතුවිලි මෙනෙහි කරන දිනයක් විය හැකියි.එනිසාම දෛනික කටයුතු ඔබ අතින් අතපසු වීමට ඉඩකඩ තියෙනවා.නමුත් ඔබ අද වාසනාවන්තයි.නිරායාස ලැබීමක්  ගෞරවයක් හවුල් කොටස් වෙළදපොල මහජන සේවා හා විවාහ කටයුතු ලැබීමට ඉඩකඩ ඇති දිනයක්.උසස් ඉගෙනීමේ කටයුතු විදෙස් ගමන් වන්දනා ගමන් සාර්ථක කර ගන්න පුළුවන් දිනයක්.වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ දුකසැප බැලීමට ඔබ ආස කරනවා.රැකියාව හා ව්‍යාපාර සාර්ථකත්වය දියුණුව ලැබීමට හැකි දිනයක්.කාටත් උදව් උපකාර කරමින් පිං අතේ වැඩ කටයුතු වලට සිත මෙහෙයවමින් ජිවත් වීමට හැකි වෙනවා.

ජය වර්ණය: රතුපැහැය                 ජය අංකය: 09

 

කන්‍යා ලග්නය

බාධක පසුබිමක් තුල කරන කියන කටයුතු අවබෝධයකින් තොරව කිරීමෙන් ඔබගේ දියුණුව ඔබ විසින්ම අඩු කර ගන්නවා.ඔබ යහපත් අයව විවේචනය කිරීමට පෙළඹෙනවා.මෙතෙක් පැවති රෝගාබාධ මතු කරන්න පුළුවන්. ඔබ නොදැනුවත්වම පවට ආස කරන ගතිය වැඩි වෙන්න පුළුවන්.අන් අයගේ සහයෝගය ලැබීමට ඔබ ප්‍රමාද වෙනවා. නිකන් ලැබෙන සියලු දේ වාසනාව කියල සිතන්නෙපා.කෘෂිකාර්මික ආහාර සත්ව හා ණය ගනුදෙනු වලට හවුල් කටයුතු වලට මහජන සේවා හා විවාහ කටයුතු වලට සුභ දිනයක් නම් නොවේ.දිනයේ සාර්ථකත්වය ලැබීමට කරන කියන කටයුතු අවබෝධයකින් යුතුව කලට වෙලාවට ධනාත්මකව ආගම දහමට ලැදිව කරන්න.

ජය වර්ණය: සුදුපැහැය                  ජය අංකය: 08

 

තුලා ලග්නය

ශුරත්වයකින් යුතුව කා සමගත් සහයෝගයෙන් යුතුව කටයුතු කර ඉගෙනීමෙන් ක්‍රීඩාවෙන් හා කලා කටයුතු වලින් දියුණුව ලැබීමට තියෙනවා.ඔබට ඔබගේ ගෞරවය මානය ආරක්ෂා කරගෙන කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ඔබ තුල ඇති තේජවන්ත ගති මතු කරනවා.විවාහක ඔබට තම දරුවන්ගෙන් සැප ලැබීමේ භාග්‍ය මතු කරනවා. බාධක හමුවීමේ එඩිතර වන්න.අනවබෝධයෙන් කිසිවක් කරන්න එපා.හවුල් කටයුතු කොටස් වෙළදපොල කටයුතු මහජන සේවා හා විවාහ මංගල කටයුතු සාර්ථකව අවසන් කර ලාභ වාසි ලැබීමට හැකි දිනයක්.

ජය වර්ණය: රතු පැහැය                ජය අංකය: 07

 

වෘශ්චික ලග්නය

ඔබගේ බොහෝ උත්සාහයන්ට අවහිරකම් ඇති කිරීමෙන් උත්සාහයේ තරමට ප්‍රථිපල නොලබන්න තියෙන දිනයක්.කෙටි ගමන් බිමන් වලට සුදුසු නැති කාල සීමාවක්.සහෝදර ආශ්‍රයට අසල්වැසි ආශ්‍රයට පිය පක්ෂයේ නෑයන් සමග ආශ්‍රයට සුදුසු නොවන කාල සීමාවක්.විශේෂයෙන් මෙම කාල සිමාව තුලදී ඔබ අන් අයගේ කතාබහ වල අඩුපාඩුකම් පෙන්වා දෙන්න උත්සහ කරන්නෙපා.ගෙදරදොර දියුණුවක් ලැබීමට ඔබ සතු ශුරත්වය ඔබට උපකාරී වෙනවා.දෙමව්පියන්ගේ උදව් උපකාර ඔබට ලබා ගැනීමට හැකි වෙනවා.කුමන හෝ විශේෂ දෙයක් ඉගෙනීමට අවස්ථාවක් ලැබෙනවා.ඔබ ඔබ සමග ඉන්නා අයට වියදම් කරනවා.හවුල් කටයුතු වලින් කොටස් වෙළදපොල ගනුදෙනු වලින් මහජන සේවා කටයුතු තුලින් විවාහ සම්බන්ධ කටයුතු තුලින් ඔබට ඉහල සාර්ථකත්වයක් ලැබීමට හැකි වෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 07

 

ධනු ලග්නය

ඔබගේ සියලු උත්සාහයන් ඔබගේ කට නිසා අසාර්ථක වෙනවා.ඔබගේ අසංවර වචනය හේතු කොට ගෙන ඔබට ලැබිය යුතු ධනය නොලැබී යන්න පුළුවන්.විවාහ හා ගෙදරදොර කටයුතු වල අමනාපකම් වැඩි වෙන්න තියෙන කාල සීමාවක්.ඔබ ඔබගේ ගෞරවය ගැන සිතමින් ස්වකිය පවුලේ දියුණුවට කටයුතු කරන්න උත්සහ දරුවොත් කටයුතු සාර්ථක වී ඔබට ගෞරවයට පාත්‍ර වීමට හැකියාව ලැබෙනවා.බාධක සහිත සතුරු පිඩා ඇති විය හැකියි. ඔබගේ සහෝදරයන් අසල්වැසියන් ඔබට සතුරු වෙන්න පුළුවන්.ජයග්‍රහණය වෙනුවෙන් බුද්ධිමත්ව හා ලෙන්ගතුව කටයුතු කල යුතු වෙනවා.සහයෝගයෙන් අන් අයගේ උපකාර ලබාගෙන ඔබගේ ඉලක්කයන් කරා යන්න ඔබ දක්ෂ වෙන්න ඕන.

ජය වර්ණය: රතු පැහැය                ජය අංකය: 05

 

මකර ලග්නය

අද ඔබගේ පසුබිම බොහොම සාර්ථක පසුබිමක්.ඔබ කටයුතු කිරීමේදී තමා ගැනම පමණක් සිතා කටයුතු කිරීමෙන් ඔබගේ නමට ලැබෙන්න තියෙන ගෞරවය ඔබ විසින්ම අඩු කර ගන්න පුළුවන්.ඔබ ඒ නිසාම මානසික ආතතීන්ට ලක් වෙන්න පුළුවන්.ඔබ අන් අයගේ සුභ සිද්ධිය නොසලකන නිසාම ඔබට ලැබිය යුතු ධනය ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් නොලැබීම හේතු කොටගෙන යම් කිසි කනස්සල්ලකට පත් වෙන්න පුළුවන්.ඒ නිසා දිනයේ දියුණුව වෙනුවෙන් ඔබ අන් අය ගැනත් සිතා බලා කටයුතු කරන්න.තමාට ලැබෙනවා වගේ අන් අයටත් ලැබෙනවාට ඔබ සතුටු වෙන්න.එවිට ඔබ බලාපොරොත්තුවන මානසික සතුට සහනය ලැබේවි.ඔබේ විවාහ ජීවිතය තුල ඔබේ පවුලට වඩා ලෙන්ගතු වෙනවා.ඔබගේ උගත්කම දන්නදේ මුල් කොට ගෙන ආදායම් ලබන්න පුළුවන් වෙනවා.පවුලේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු සාර්ථක වී සතුටට පත් වෙනවා.ඔබගේ දරුවන්ගේ ජයග්‍රහණ මුල් කරගෙන ඔබ සතුටට පත් වෙනවා.අන් අයටද උදව් උපකාර කිරීමට ඔබ කැමති වෙනවා.රාජ්‍ය අංශයේ අනුග්‍රහය ලැබීමට පුළුවන් වෙනවා.මවට සුභදායක කාලයක් බවට පත් වෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                ජය අංකය: 05

 

කුම්භ ලග්නය

ඔබට ඔබගේ ශක්තිමත් පෞරුෂත්වය තුල තමාට ඉහල ගෞරවයක් ප්‍රසාදයක් ලැබෙන ලෙස ගතිගුණ සකස් කොට ගෙන තම දෛනික කටයුතු වල යෙදීමෙන් ඔබට ඔබේ නමට ගෞරවයක් ලැබීමට පුළුවන් වෙනවා. අනුන්ගෙන් උදව් ගැනීමට අසතුටු වෙනවා.තම උත්සාහයෙන් කටයුතු කර දියුණු වීමට ආස කරනවා.මනසින් සිතින් චංචල ගති ඇති වෙන්න පුළුවන්.අද ඔබ ස්ත්‍රීන්ට බොහෝ ප්‍රිය වෙන පුද්ගලයෙක්.ස්ත්‍රී ඔබ පිරිමින්ට බොහෝ ප්‍රිය වෙනවා. ඔබේ සිත ආත්ම ගෞරවය රැක ගනිමින් කටයුතු කරනවා.ඔබගේ කතාවේ දක්ෂතාවයෙන් ධනය හරි හම්බ කර ගැනීමට සමත් වෙනවා.අන් අයට උපදෙස් දීමට ඔබ අද දක්ෂ වෙනවා.පවුලට වඩා හිතවත් වෙනවා.තරගයට ප්‍රිය වෙනවා.භාර්යාවට හෝ ස්වාමියට බොහෝ ලෙන්ගතු වෙනවා.

ජය වර්ණය: රතු පැහැය                ජය අංකය: 01

 

මීන

පුරුෂ වීර්යයෙන් කටයුතු කරන දිනයක්.හරි හම්බත් කරනවා.හැබැයි ඉතුරුවක් දකින්න ලැබෙන්නේ නම් නැ. විශේෂයෙන්ම දුකට පත් ජනයා වෙනුවෙන් යම්කිසි මෙහෙයුමක් කරන්න ඔබ පෙරමුණ ගන්න කෙනෙක් බවට පත් වෙනවා.ඒ නිසාම ඔබට දේශපාලන කටයුතු වලින් වාසි ලබන්න පුළුවන් වෙනවා.ජයග්‍රහණ ලබන්න පුළුවන් වෙනවා.නමුත් දිනයේ තම යුතුකම් ඉටු කර ගැනීමට අපොහොසත්ව පසුතැවිල්ලට පත් වෙන්න පුළුවන්.ඔබ තුල පවතින අලසකම කම්මැලිකම හමුවේ ඔබේ අපේක්ෂිත දියුණුව අඩු වෙන්න පුළුවන්.මනසට ලැබෙන දුක වැඩි වෙන්න පුළුවන්.ඔබේ ඥානවන්තකම පසු බහින්න පුළුවන්.අන් ගැටළු ඔබේ කර ගැනීමට යාමෙන් ගෙදර හා මානසික සතුට අඩු වීමට හෝ නැති වෙන්න පුළුවන්.සාමාජීය සේවාවන් හා මිතුරු සහෝදර ආශ්‍රය තුල ගැවසීම අයහපත් වෙනවා.ඔබට එහි පාඩු හා අපකීර්තිය මිසක් ලාභ හා කිර්තිය නම් ලැබෙන්නේ නැ.

ජය වර්ණය: නිල්පැහැය                ජය අංකය: 12


News Articles
Latest Videos
Most Popular Post