හෙට අනිද්දට රවී මාරුවක් තියෙනවා කියලා ගොඩක් ජොතිශ්‍යවේදියෝ කියනවා. හැබැයි මීට ටික වෙලාවකට කලින් රවී මාරු වුණා.
ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්.
ඇත්තම කතන්දරේ තමයි රවී කරුණානායක සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුණා. එතුමා මුදල් ඇමති වෙලා ඉන්න කාලෙ සිද්ධ වුණ බැදුම්කර වංචාව ගැන එල්ල වුණ චෝදනාවක් නිසා තමයි එතුමා ඒ විදියට ඉල්ලා අස් වුණේ. එතුමාට එල්ල වුණ චෝදනාව තමයි අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් සුපිරි නිවසක් ලබා ගත්තා කියන එක. ඒ නිසා විපක්ෂයෙන් වගේම එතුමාගේ පක්ෂය ඇතුලෙනුත් එතුමාට ලොකු චෝදනාවක් එල්ල වුණා.
කොහොම වුනත් මේ චෝදනා තාම ඔප්පු වෙලා නම් නෑ. ලංකාවේ දේශපාලනයත් හරියට බෙන්ගාල බොක්ක වගේනෙ. කොයි වෙලේ මොනවා වෙයිද කියලා කියන්න බෑ. කොහොම වුනත් මේ රවී මාරුවෙන් පස්සෙ වෙන්න මොකක්ද කියන එක ගැන අපි අවධානයෙන් ඉන්නවා.