අද 2017 අගෝස්තු මාසයේ 11 සිකුරාදා
රාහු කාලය: 10.43 සිට 12.15
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: දිශාව ගිනිකොණ
මේෂ ලග්නය

අද දවසේ ඔබ බොහෝ කල්පනාකාරී විය යුතුයි.රිය ධාවනය කිරීම් කටයුතු වලදී වගේම අන් අයව විශ්වාස කරන කටයුතු වලින් බාධා කම්කටොලු ඇති වෙනවා.පපුව ආශ්‍රිත රෝගී තත්ව වල අවධානම් සහගත තත්වකුත් පෙන්නුම් කරනවා.කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්වත් ඔබට යම් පිඩාවක් ගෙන දීමේ ඉඩකඩත් පෙන්නුම් කරනවා.රැකී රක්ෂා වෙළදාම් කටයුතු වලදී ඉවසිලිවන්තව කටයුතු කිරීම වගේම අලුත් අත්හදා බැලීම් නොකර සිටීම වඩාත් වැදගත් වෙනවා.වැඩිහිටියන් සමග කරන ගනුදෙනු කිරීම් වලින් යහපතක් උදා කර ගැනීමේ ඉඩකඩ වෙන්වෙලා පවතිනවා.
ජය වර්ණය: ලා රතුපැහැය ජය අංකය: 05
වෘෂභ ලග්නය

ඉදිකිරීම් ආශ්‍රිත කටයුතු වලදී දියරමය දේ අලෙවි කිරීම වැනි කටයුතු වලදී බොහෝ ලාභ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.ප්‍රේමනීය සම්බන්ධතා ගෘහ ජීවිතය ආශ්‍රිත බාධාකාරී තත්ව මග හරවා ගන්නත් ඔබට වාසනාව පවතිනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් අද දවසේ නම් බොහෝ ජයග්‍රහණ අත් වෙනවා.වචන භාවිතා කිරීමෙන් අන් අයව වසගයට පත් කර ගැනීමේ හැකියාව තවමත් උදා වෙලා පවතිනවා.
ජය වර්ණයලා: නිල්පැහැය ජය අංකය: 08
මිථුන ලග්නය

රැකී රක්ෂා වෙළදාම් කටයුතුවල යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් දිනයක්.වෘත්තිමය කටයුතු වලදී කාන්තා පාර්ශවයේ උපකාර වැඩි වශයෙන් උදා වේවි.කොහොම උනත් ආමාශගත රෝගී තත්ව වගේම ශරීර අභ්‍යන්තරයේ වියළීමේ ස්වභාව හේතු කරගන්නාවූ රෝග තත්ව උත්සන්න වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා.ඒ නිසා ඔබගේ ජලය පානය කිරීම පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වීම අතිශයින් අත්‍යවශ්‍ය වේවි.කායික ශක්තිය වර්ධනය කර ගැනීමේ හැකියාව උදා වෙලා පවතිනවා.ජව සම්පන්න කටයුතු ක්‍රීඩාශීලි කටයුතු වගේම භුමිය සම්බන්ධවන කටයුතු වලිනුත් බොහෝ ජයග්‍රහණ අත් වෙන්නෙ ඔබටයි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 05
කටක ලග්නය

අතගහන බොහෝ කටයුතු සාර්ථක වෙනවා වගේම පෙරපින ඉස්මතු වෙනවා.තමන්ගේ පෞරුෂය ශක්තිමත් වෙනවා.විටෙක වාග් ශක්තිය චතුර ලෙස භාවිතා කරත් විටෙක කල්පනාකාරී ස්වරුපයෙන් කාලය ගත කරනවා. ඉවසිලිවන්තව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා.අධ්‍යාපනික කටයුතු වලට නම් පුංචි පුංචි බාධා එල්ල වෙනවා. හැබැයි තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 05
සිංහ ලග්නය

වෘත්තිමය කටයුතු වලට සාපේක්ෂව ගෘහාශ්‍රිත කටයුතු වලින් තමයි ඔබට වැඩි පිඩා ගෙන දෙන්නෙ.ගන්න තීන්දු තීරණ වලින් තමන්ගේ ගෙදර උදවියට යම් ආකාරයක පිඩාවක් ඇති වීමේ ඉඩකඩ පෙන්නුම් කරලා තියෙනවා.ඒ නිසා තීන්දු තීරණ ගන්න පෙරාතුව තමන්ගේ ගෙදර උදවියත් සමග සාකච්චා කිරීම වඩාත් වැදගත් වේවි.අලුත් යාන වාහන මිලදී ගැනීම ආදී කටයුතු වලටත් අද දවස එතරම් යෝග්‍ය වන්නේ නැහැ.පාද ආශ්‍රිත වගේම කොන්ද ආශ්‍රිතව යම් යම් රෝගී තත්ව ඇති වීමේ අවධානමක් පවතිනවා.
ජය වර්ණයලා: කොළපැහැය ජය අංකය: 03
කන්‍යා ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව වැඩි අවධානයක් යොමු කල යුතු දිනයක්.ප්‍රේමනීය සබදතා ශක්තිමත් කර ගන්න ඒ වගේම අතහැරලා දාලා තිබුන ඇතැම් කටයුතු යලි ආරම්භ කරන්න උත්සහ දරනවා.තාක්ෂණය මිශ්‍ර වුනු කටයුතු වචන භාවිත කිරීම් වැනි කටයුතු බොහෝ පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්.ජයග්‍රාහී මානසික මට්ටමකින් අද දවසේ කටයුතු කරනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 03
තුලා ලග්නය

ඔබ බලාපොරොත්තු වන අරමුණු වලට කොහොම හෝ යාමේ හැකියාවක් පැවතීම විශේෂත්වයක්.තද හිතින් කරන කටයුතු වගේම තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගන්න මහන්සි වෙලා ප්‍රථිපල නෙලා ගැනීමේ හැකියාවත් අද දවසේදී පවතිනවා.රැකී රක්ෂා වෙළදාම් කටයුතු වගේම මානව සම්පත් කළමනාකරණය භූගත සම්පත් අලෙවි කිරීම වැනි කටයුතු බොහොම පහසුවෙන් පවත්වා ගත හැකියි.
ජය වර්ණය: ලාරතු පැහැය ජය අංකය: 09
වෘශ්චික ලග්නය

පුංචි පුංචි මානසික පීඩාකාරී ස්වභාව අධික කාර්යබහුලතා නිසා වැඩ කටයුතු අතහැර දැමීමට සිදුවන තත්ව ඔබට උදා වෙනවා.කල්පනාවෙන් යුතුව කටයුතු සම්පාදනය කර ගන්න.ඔබට පැවරෙන වැඩ වලින් අතිශය වැදගත් වැඩ ටික මුලින් අවසන් කර ගන්න උත්සහ දරන්න.එහෙම නොවුනොත් ඔබට එරෙහිව යම් චෝදනාකාරී තත්ව ඇති වීමේ ඉඩකඩක් අද දවස පුරාම පවතිනවා.රැකී රක්ෂා මුල් කරගෙන ගමන් බිමන් යාමට සිද්ධ වෙන ස්වභාවයක් පෙන්නවා.ලිපිලේඛන ආශ්‍රිත කටයුතු ඉහල නිලධාරීන් ආශ්‍රිත කටයුතු නිසා බොහෝ බාධාකාරී තත්ව අවම කර ගැනීමේ ඉඩකඩ පවතිනවා.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 06
ධනු ලග්නය

තරමක කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා වගේම ඇස ආශ්‍රිත රෝග තත්ව දැවිල්ල ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා තියෙනවා.ජලය පානය කිරීම අතිශය වැදගත් දිනයක් විදියට හදුන්වන්න පුළුවන්. නිවසින් බැහැරව උෂ්ණ ගති ලක්ෂණ පවතින පරිසර වල අද දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදු වෙනවා.තරමක සැගවුණු ස්වභාවයක් තමයි අද දවසේ නිර්මාණය වෙන්නෙ.සහෝදර නෑදෑයන්ගේ උපකාර හිමි වෙනවා.බෝධීන් වහන්සේ නමකට කහ පාට මල් ටිකක් පුජා කරන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 09
මකර ලග්නය

පුංචි පුංචි බාධාකාරී තත්ව හවුල් ව්‍යාපාර හා පොදු කටයුතු වලදී ඇති වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. සහෝදර ඥාතීන්ගෙන් සහ අසල්වැසියන්ගෙන් ලැබෙන උදව් උපකාර බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තියක් වගේම ජවයක් සපයනවා.ලිපිලේඛන ආශ්‍රිත කටයුතු අත්සන් තැබීම වැනි කටයුතු වලට තරමක බාධා ඇති වෙන්න පුළුවන්.වැඩිහිටියන් සමග කරන කටයුතු වලින් වැඩි වාසි හිමිකර ගත හැකියි.පියපස ඥාතිගෙන් වගේම මව්පස ඥාතීන්ගෙන් බොහෝ දේවල් දින ගැනීමේ හැකියාව ඔබගේ ආදායම් වර්ධනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.බෝධීන්වහන්සේ නමකට කහ පාට මල් ටිකක් පුජා කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 07
කුම්භ ලග්නය

තරමක කාර්යබහුලතාවයක් උදා වුනත් කටයුතු සම්පාදනය කර ගැනීමේදි වැඩි ඉඩකඩක් වාසි සහගත තත්වයක් ඒ තුලට උදා වෙනවා.ඉදිකිරීම් ශේෂ්ත්‍ර ආශ්‍රිත කටයුතු මානව සම්පත් වැනි කටයුතු වලටත් ඉතාම යෝග්‍ය දවසක්. භූගත සම්පත්තින් පිළිබද වර්ධනය කර ගන්න වගා කිරීම් ආදී කටයුතු දියුණු කර ගන්නත් හැකියාවත් පවතිනවා. ඔබට එරෙහිව යම් ආකාරයක සතුරු කරදර තව දුරටත් මැඩ පවත්වා ගැනීමේ හැකියාව පවතිනවා. අනාගතය උදෙසා බොහෝ සැලසුම් සකස් කිරීමේ ඉඩකඩ අද දවසේදී පවතිනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 08
මීන

හවුල් ව්‍යාපාර ප්‍රේමනීය සම්බන්ධතා පිළිබද පුංචි කලකිරීම් සහගත ස්වභාවයක් ඇති වීමේ ඉඩකඩ පවතිනවා. වැඩිහිටි පුද්ගලයන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී පුංචි පුංචි ලාභදායි තත්ව උදා කර ගැනීමේ හැකියාව පවතිනවා.පාද ආශ්‍රිත රෝග තත්ව දණහිස ආශ්‍රිත රෝග තත්ව බාධාකාරී තත්ව වගේම වැඩකටයුතු වලට අවහිරතා ඇතිවීමේ අවධානමක් පවතිනවා.ගෙවල් දොරවල් ආශ්‍රිත කටයුතු දියුණු කර ගන්න වගේම රැකී රක්ෂා වෙළදාම් කටයුතු වල අලුත් වගකීම් දරන්න වාසනාව පවතිනවා.ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.
ජය වර්ණය: ක්‍රීම්පැහැය ජය අංකය: 08