News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

ඔබේ ඇඟෙනුත් රැස් විහිදෙනවා…හරියටම බලාගන්නෙ මෙහෙමයි…

3702 Views


ඔබේ ඇඟෙනුත් රැස් විහිදෙනවා…හරියටම බලාගන්නෙ මෙහෙමයි…

දන්නවද ඔබේ ශරීරයෙන් ආලෝකය විහිදුවනවා කියලා. හැබැයි කණාමැදිරියෝ වගේ නම් නෙවෙයි. ඒ ආලෝකය පියවි ඇසට පේන්නෙ නෑ. ඉතිං අපිට හිතුනා ඔබේ ඇඟෙන් පිටවෙන, ඔබේ ඇහැට නොපෙනෙන මේ අරුම පුදුම කිරණ ගැන හෙළිකරන්න.

මිනිස්සුන්ගේ ශරීරයෙන් විහිදුවන ආලෝකයට කියන්නේ “ඕරා” කියලා. ලතින් සහ පුරාණ ග්‍රීක භාෂාවෙන් ඕරා කියන්නෙ සුළගට එහෙම නැත්නම් හුස්මට. ඉංග්‍රීසි භාෂාවෙන් මද සුළග කියන තේරුම දෙනවා.

බුදු හාමුදුරුවෝ සහ ජේසුතුමා වැනි ආගමික නායකයන්ගේ ශරීරවලින් රශ්මි වළලු විහිදුනා කියලා ඉතිහාසයේ සදහන් වෙනවා. සමහරවිට ඒ කියන්න ඇත්තෙ මේ ඕරා කිරණ ගැන වෙන්න ඇති. පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ රැස් වළල්ල වෙනස් වෙනවා. සාමන්‍ය අයට පෙන්නෙ නැති මේ රැස් වළල්ල, අධ්‍යාත්මය දියුණු කල අයට නම් පේනවලු.

ශරීරයේ හටගන්න රෝගාබාධ සහ සිතුවිලි අනුව මේ රශ්මි වළලු වල පාට වෙනස් වෙනවා. පුද්ගලයෙක්ගෙ ඕරාව ඔහුගේ සිතුවිලි අනුව දවසට කිහිප වතාවක්ම වෙනස් වෙන්නත් පුළුවන්.

එංගලන්තෙ පල්ලියක පුජකයෙක් වුන “චාල්ස් වෙබ්ස්ටර් ලීඩ්බිටර්” තමයි මුලින්ම ඕරා සංකල්පය සමාජගත කරන්නේ. ඒ ගැන පර්යේෂණ රැසක් කරපු ඔහු 1903 දී “Man  Visible & Invisible” කියලා පොතක් එළිදක්වනවා. 1910 දී “The Inner Life” පොත මගින් ඕරා හි නූතන සංකල්ප ගැන විග්‍රහ කරනවා. ඊට පස්සේ ගොඩක් පර්යේෂකයෝ මේ ගැන පර්යේෂණ කරන්න පටන් ගත්තා.

ඕරා ඡායාරූප ශිල්පය

මේකෙදි වෙන්නෙ ශරීරයෙන් පිටවෙන රශ්මි වළල්ල ඡායාරූප ශිල්පයට නගන එක. Photographic Paper එකක් මතට, කඩදාසියක් හරි ග්‍රාහක කොලයක් හරි තියලා ඒකට අධික විදුලියක් ලබා දෙනවා. එතකොට Photographic Paper මත අදාල ද්‍රව්‍යයෙන් බාහිරට නිකුත්වන රශ්මිය සටහන් වෙනවා. Guy Cog gins මේ ක්‍රමය දියුණු කරලා මේ වෙද්දී Aura Imaging Camera සහ මෘදුකාංග හදලා තියෙනවා. ඒ මඟින් ගන්න ඕරා ඡායාරූපයේ වර්ණය අනුව ඔබේ ගති ගුණ කියවෙනවා.

රතු පාට

උද්යෝගිමත්, ප්‍රබෝධමත් වගේම කෝපය හා කනස්සල්ලෙන් ඉන්න අයගේ ඕරාව මේ පාටයි.

කහ පාට

බුද්ධිමත්, තර්ක ශාස්ත්‍රයට දක්ෂ සහ අධ්‍යාත්මිකව දියුණු අයගෙ මේ පාට රශ්මි වළල්ලක් තියෙන්නේ.

රෝස පාට

ආදරය පිළිබඳ හැගීමක් දක්වනවා.

කොළ පාට

ඉතා දක්ෂ සහ මහන්සියෙන් වැඩ කරන අයගේ ඕරාවේ පාට කොළ.

තැඹිලි පාට

ත්‍යාගශීලි සහ සමාජීය අතින් ඉහළින් ඉන්න අයගේ රශ්මි වළල්ලේ පාට.

දම් පාට

අධ්‍යාත්මිකව සහ ඉතා සංවේදී අයගේ ඕරාව මේ පාටයි.

නිල් පාට

ප්‍රශංසනීය සහ හොද සන්නිවේදනයක් තියන අයගේ ඕරාව මේ පාටයි.

රත්‍රන් පාට

ආදරණිය සහ කලාකාමී අදහස් සහිත අයගේ ඕරාව මේ පාටයි.

සුදු/ රිදී

අති දක්ෂ පුද්ගලයන්ගේ ඕරාව මේ පාටයි.

දුඹුරු පාට

ව්‍යාකූල සහ අධෛර්යමත් පුද්ගලයන්ගේ ඕරාව මේ පාටයි.

කළු පාට

ද්වේශ සහගත පුද්ගලයන්ගේ රශ්මි වළල්ල කළු පාටයි.

මේ කතාව කියවගෙන යද්දි ඔබටත් ආස හිතෙයි ඔබේ ඕරාවේ පාට බලාගන්න. හැබැයි ඉතිං ඒකට එංගලන්තෙට යන්න වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post