News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

ඔබේ ආහාර වේලත් මේ වගේ නොවුනොත් ඔබ ලෙඩ වෙන එක වලක්වන්න බැරි වෙයි…

373 Views


ඔබේ ආහාර වේලත් මේ වගේ නොවුනොත් ඔබ ලෙඩ වෙන එක වලක්වන්න බැරි වෙයි…

1. තුන් වේලටම බත් කන්න. තම්බපු රතු සහල්වල පෝෂණීය ගුණය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා.

2. ආහාර කිරිපිටි සම්පූර්ණයෙන්ම නවත්වන්න. මොකද මෝල්ට් අඩංගු කිරිපිටි කියන්නේ ඉතා ඉහල දියවැඩියාකාරක ආහාරයක්.

3. කඩල, මුං ඇට, පරිප්පු වගේ ඇට වර්ග පුළුවන් තරම් බත් ආහාරයට එකතු කරගන්න. එකෙන් ඔබගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරගන්න පුළුවන්.

4. ඔබට කෑමට සත්ව ආහාරයක් ඕන නම් කරවල වලට මුල් තැනක් දෙන්න. ඒ වගේමයි වියළි හල්මස්සන්ගේ පෝෂණය ගුණය ඉතාම අධිකයි.

5. තද කොළ පාට ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා වගේ කොළ වර්ගයක් සෑම ආහාර වේලකටම එකතු කර ගන්න අමතක කරන්න එපා.

6. පුළුවන් තරම් ගෙවත්තේ වවා ගත්ත එළවලු, පලතුරු, පලා වර්ග කෑමට ගන්න.

7. ඔබට බත් වලට ආදේශකයක් ඕන නම් කොස්, දෙල්, අල, බතල තමා එකට සුදුසුම.


News Articles
Latest Videos
Most Popular Post