අද 2017 අගෝස්තු මාසයේ 12 සෙනසුරාදා
රාහු කාලය පෙ.ව 09.10 සිට 10.43
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: නැගෙනහිර
මේෂ ලග්නය

වෙනදට වඩා ඉවසීම බුද්ධිය ඇතිව දවස ආරම්භ කරනවා.ඔබ අලුත් කටයුත්තක් ආරම්භ කිරීමට සිතා සිටියේ නම් එය පසුවට කල් දැමීමක් හෝ වෙනස් කිරීමට තීරණය කරාවි.ඥාතීන් හිතවතුන් ඉක්මනින් හිතවත් වන ලගට පැමිණෙන දිනයක්.නමුත් ඔබ කතාවෙන් ප්‍රවේසම් විය යුතුයි.ක්ෂණික තීරණ ගැනීමේදී ඔබට අවුල් සහගත ගතියක් ඇති වෙනවා.දරුවන් නිසා හෝ ගෙදරදොර අඩුපාඩු නිසා හෝ ඔබට මිල මුදලක් වැය කරන්න සිදුවන දිනයක්.ඔබ බලාපොරොත්තු නොවූ කෙනෙක්ගෙන් උදව් උපකාර හිමි වේවි.එයින් ඔබට තෘප්තිමත් දවසක් හිමි වේවි.
ජය වර්ණය: දම්පැහැය ජය අංකය: 02
වෘෂභ ලග්නය

උත්සාහය උනන්දුව තීරණාත්මක ගතියක් ඇති වන අතර මිල මුදල් සම්බන්ධයෙන් යහපත් ප්‍රථිපල අත් කර ගන්න පුළුවන්.හදිසි ධන ලාභ ලැබීම ඇති දිනයක්.බොහෝ විට අතමිට මුදල් ගැවසෙනවා.මෙතෙක් කරගෙන ආ කලා කටයුත්තක් නිර්මාණයක් එලි දැක්වීමට ඔබට හැකියාවක් තිබෙන නිසා එය සාර්ථක වන ලකුණු පවතිනවා. දුර බැහැර ගමනක් වන්දනා ගමන් යාමේ අරමුණක් ඇත්නම් අද දිනය තුලදී එයට දායක විය හැකියි.අලුත් අදහස් මතු වෙනවා.බොහෝ විට ප්‍රියයන් එකතු වීමක් තියෙන නිසා ඔබට සතුටු සිතින් දවස ගෙවේවි.
ජය වර්ණය: නිල්පැහැය ජය අංකය: 02
මිථුන ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බව හා විනෝදාත්මක ගති ඇති දිනයක්.බොහෝ විට දුර බැහැර ගමන් හෝ සතුටු සිතින් විනෝද චාරිකාවක් යාමටද හැකියාවක් පවතිනවා.තමන්ගේ තත්වය බලය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට හැකියාව තිබෙන අතර විය පැහැදම් තරමක් දුරට ඉක්මවා යාමක් පෙන්නුම් කරනවා.දරුවන්ගේ කටයුතු හෝ ඔවුන් ආශ්‍රයෙන් ගන්නා තීන්දු තීරණ සාර්ථකව ගත හැකියි.අලුත් අදහස් මතු වන අතර දවස ශක්තිමත් වන දිනයක්.බොහෝ විට සිතට සතුටක් නැගෙන දේ අහන්න දකින්න ලැබෙන නිසාම ඔබට දිනය වාසනාවන්තයි.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 05
කටක ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලිව කටයුතු කරාවි.පිනට දහමට සිතුවිලි උපදිවී.අලුත් අදහස් අලුත් තත්වයන් ඇතිව කටයුතු කිරීමට ඔබ පෙළඹෙන නිසා බොහෝ දෙනාගේ හිත හොදකම ඔබට ඇතිකර ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා.දුර බැහැර ගමන් බිමන් යාමේදී පාද ආශ්‍රිත රෝග හදිසි වැටීම් තුවාල වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.පාද ආශ්‍රිත රෝගාබාධ ඇති අය ආතරයිටිස් වැනි රෝගාබාධ ඇති අය තරමක් දුරට කල්පනාකාරී විය යුතුයි.මිල මුදල් සම්බන්ධයෙන් ගන්නා වූ තීන්දු තීරණ පසුවට කල් දැමීම අද දිනය තුලදී සුභවාදී වෙනවා.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 02
සිංහ ලග්නය

උත්සහවන්තභාවය දක්ෂකම නිර්භීත බව නිසා ඔබට අද ජයග්‍රහණ කිහිපයක් ඇති කර ගැනීමේ හැකියාව තිබුනද බාහිර ප්‍රශ්න මත චිත්ත පිඩා ඇති වේවි.විශේෂයෙන් අඹුසැමියන් අතර වාදභේද හෝ සිත් තැවුල් ඇති වීමට ඉඩ තිබෙනවා.බාහිර කෙනෙක්ගේ කතාවක් හෝ ඔබට නින්දාවක් ඇති වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතුයි. අද දිනය තරමක අවුල් සහගත තත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා.අද ඔබ ගන්නා වූ තීන්දු තීරණ වැරදි සහගත වීම නිසා කලකිරීම් මැද කටයුතු කිරීමට සිදු වෙනවා.
ජය වර්ණය: දම්පැහැය ජය අංකය: 05
කන්‍යා ලග්නය

උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවක් ඇති ධෛර්ය ශක්තිය ඇතිවන දිනයක්.බාහිර අයගේ ගති පැවතුම් ඔබට මැඩ පවත්වා ගෙන ඔබගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමට හැකියාවක් තියෙනවා.සතුරු කරදර පැමිණියත් ඒවා අභිබවමින් ඉදිරියට යාමේ ප්‍රවනතාවය වැඩියි.අලුත් අදහස් ක්‍රියාත්මක වේවි.බොහෝ විට තමන් ලගට පැමිණෙන පිරිස වැඩිවීම නිසා සිතට සතුටුදායක තීරණ ගැනීමේ හැකියාව තිබෙනවා.මිල මුදල් සම්බන්ධයෙන්ද ලැබීම ඇති වන අතර බොහෝ දෙනාගේ උනන්දුව උත්සාහය මත ඔබ අලුත් වැඩක් පටන් ගැනීමට ඉඩ තිබෙන දිනයක්.ආගමික වටපිටාවක් ඇති වේවි.ආගමික සිද්ධස්ථාන වලට යාමටද හැකියාවක් තිබෙනවා.
ජය වර්ණය: තද කොළපැහැය ජය අංකය: 02
තුලා ලග්නය

උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවක් ඇති වුවත් තරමක් දුරට මන්දගාමී බවක් ඇති වේවි.කලා කටයුතු නිර්මාණ කටයුතු ආදියෙන් නම් ඔබ ස්වයංපෝෂිත වන දිනයක්.බොහෝ විට එවැනි දෙයකින් සාර්ථක ප්‍රථිපල අත් කර ගන්න පුළුවන්.දරුවන්ගේ කටයුතු නිසා ඔබට කාලය මිඩංගු කරන්න සිදුවන නිසා අද වැඩ රාජකාරි වැඩි වේවි. තමන්ගේ ආහාර පාන පවා පසෙකට හෙලා ඔබට කරන කටයුතු කරන්න වෙනවා.ඒ වගේම රටින් පිට හෝ දුර බැහැර ගමනක් යාමේ අධිෂ්ඨාන ඇත්නම් ඒවා සාර්ථක භාවයට පත්වන අතර ඥාතීන් හිතවතුන් කෙරේ ඇල්ම බැල්ම පවතින දිනයක්.දේශපාලනික මට්ටමික කටයුතු කරන්නන්ට අද තරමක් වාසි දායක තත්වයක් ඇති වේවි. සතුරන් අභිබවා ඉදිරියට යාමට හැකියාවක් පවතිනවා.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 09
වෘශ්චික ලග්නය

ඔබ බොහෝ දේවල් කිරීමට අද සිතා සිටිනවා.එහෙම නම් ඔබ කාර්යක්ෂම ලෙස කටයුතු කල යුතුයි. අද දිනය ඔබට ඒ ගැන සලකා බලන්නට තීරණ කරාවි.ඒ වගේම ඔබට ලැබීම අතින් යහපත් වන අතර මිල මුදල් අතමිට ගැවසෙන දිනයක්.කලා කටයුත්තක් නිසා තමන්ගේ නිර්මාණයක් නිසා චිත්ත පීඩාවක් ඇති වීමට ඉඩ ඇති බැවින් බාහිර අයගේ ගැරහුම් වලට ලක් වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් විය යුතුයි.හවස් යාමයේ තරමක් සුළු සුළු ප්‍රශ්න ගැටළු මතු වන නිසා තරමක් ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි.පාද ආශ්‍රිත රෝග උෂ්ණ රෝග ඇති අය අද දිනය තුලදී ප්‍රවේසම් විය යුතු අතර නිධන්ගත රෝග ඇති අය තමන් ගන්නා වූ බෙහෙත් ඖෂධ කල්පනාකාරීව ගැනීමට වග බලා ගන්න.තරමක් දුරට ඖෂධ විෂවීම් ආහාර විෂ වීම් වලට හේතු සාධක පවතිනවා.
ජය වර්ණය: දම්පැහැය ජය අංකය: 05
ධනු ලග්නය

උනන්දුව උත්සාහය බලය ශක්තිය කියන සිව්වැදෑරුම් කරුණු ඒකරාශී වූ දිනයක්.බොහෝ විට කලාත්මක ගති නිර්මාණ ආදියට දායක විය හැකියි.කලා කටයුතු වලින් ඔබට ජයක් හෝ ලැබීමක් ඇතිවන අතර ඒවායේ දීපව්‍යාප්ත වීමට හේතු සාධක පවතිනවා.නව රැකියා ලාභ සොයන්නන්ට අද දිනය තුලදී එවැනි දෙකින් සාර්ථක විසදුම් ලැබේවි.මිල මුදල් ගනිදෙනු වලදී තරමක් දුරට කල්පනාකාරී විය යුතුයි.වියපැහැදම් අධික වේවි. තමන්ගේ දරුවන් හෝ මව් නිසා තරමක් සිත් තැවුල් මතු විය හැකි නිසා කතාවෙන් ප්‍රවේසම් වන්න.ඒවගේම යාන වාහන පැදවීමේදී හෝ උස නැගීම වැටීම් ආදී තිබෙන නිසා ඔබ තරමක් අඩමාන වැඩ කිරීමේදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 05
මකර ලග්නය

උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බව තිබුනද බාධා මද්‍යයේ කටයුතු කරන්න සිදු වේවි.මෙතෙක් කලක් තිබුනා වූ යම්කිසි දෙයක් අස්ථානගත වීමක් හෝ බාහිර අයෙකුගේ බලපෑමක් මත පාඩුවක් වීමට ඉඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.අධ්‍යාපනික පසුබිම වෙනස් කිරීමට හෝ ස්ථාන මාරුවකට ඔබ පෙළඹෙන්නේ නම් ඔබ තරමක් දුරට සිතා බැලිය යුතුයි.විදේශගත වීම් හෝ දුර බැහැර ගමන් බිමන් වැඩි දිනයක්.ඒ වගේම එක තැනකට වී සිටීමට නොහැකිතාවයක් ඇති වෙනවා.වැඩ රාජකාරි වැඩි වේවි.දරුවන් නිසා ඥාතීන් නිසා වැඩ කටයුතු අධික වන ගතියක් මතු වෙනවා.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 05
කුම්භ ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බවක් ඇති අතර අලුත් අදහස් මතු වන දිනයක්.බොහෝ විට ක්ෂණික තීරණ ඉක්මන් තීරණ ගැනීමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි.ඔබ ගෙයක් දොරක් සෑදීමේ අරමුණක් ඇත්නම් නැත්නම් යම්කිසි නිශ්චල චංචල දේපලක් ගැනීමේ හැකියාවක් ඇත්නම් අද දිනය තුලදී එයට දායක වීම හෝ ලබා ගැනීමට උත්සහ කරාවි.අලුතෙන් දේ කිරීමට ඔබ පොලබවන්නේ ඥාතීන් හෝ හිතවතුන් නම් තරමක් දුරට දුර දිග සිතා බලා කටයුතු කරන්න.යම්කිසි යටිකුට්ටු වැඩ පිළිවෙලකට ඔබට ප්‍රශ්න මතු වීමට ඉඩ තිබෙන නිසා.
ජය වර්ණය: තද රෝස පැහැය ජය අංකය: 05
මීන

සතුටු සිතින් දවස උදා වෙලා තියෙනවා.අලුත් අදහස් මතු වේවි.රසවත් ආහාර පාන ලැබෙන උත්සව අවස්ථාවකට හෝ මංගල කටයුත්තක් සාර්ථක කර ගැනීමට අද දිනය තුලදී හැකියාවක් තිබෙනවා.නැතිනම් මංගල උත්සවයකට සහභාගී වීමට හෝ උත්සව අවස්ථාවන් ලැබෙන දිනයක් බවයි පෙනෙන්නේ.අද දින ගමන් බිමන් වැඩි වේවි. දවස ඉබේම ඉක්මනින් ගෙවා දැමීමට ඔබට කරුණු කරනා සැලසේවි.අතමිට මුදල් ගැවසෙනවා.බොහෝ දෙනාගේ හිතවත්කම් අනුව කරන කටයුතු සැලසේවි.
ජය වර්ණය: කහපැහැය ජය අංකය: 09