News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

ලංකාව නැතිවුන ගෞරවය ලබා ගැනීමේ සටනක..

549 Views


ලංකාව නැතිවුන ගෞරවය ලබා ගැනීමේ සටනක..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. සුපුරුදු පරිදි මේ තරගයේදීත් කාසියේ වාසිය දිනා ගන්න ඉන්දීය කණ්ඩායමට පුළුවන් වුණා. ලංකාව මේ තරගයට ආවේ වෙනස්කම් 3 ක් එක්ක. ඒ කලින් තරගයට සෙල්ලම් කරපු රංගන හේරත්, නුවන් ප්‍රදීප් සහ ධනංජය ද සිල්වා නැතුව. ඒ වෙනුවට ලක්ෂාන් සදකැන්, ලහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට කැදවලා තිබුණා.

පළමුවෙන්ම පන්දුවට පහර දෙන්න ආපු ඉන්දීය ආරම්භක පිතිකරු යුගල වුනේ දවාන් සහ රාහුල්. සුපුරුදු ආරම්භය ලබා ගත්ත ඔවුන් දෙන්නා පලවෙනි කඩුල්ලට ලකුණු 188 ක දැවැන්ත සබදතාවක් ගොඩනැගුවා. ශිකර් දවාන් ලකුණු 119 ක් එකතු කර ගත්තෙ හතරේ පහර 17 ක් එක්ක. රාහුල ලකුණු 85 ක් ලබා ගත්තෙ ක්‍රිකට් ලොව පතාකයෝ විතරක් තබපු වාර්තාවක් සම කරමින්. ඒ ඉනිම 7 කදී පිට පිටම අර්ධ ශතක 7 ක් ලබා ගෙන. මිට කලින් ඒ වාර්තාව තියලා තිබුනෙ කුමාර් සංගක්කාර, ශිවනාරින් චන්ද්‍රකොන්, ඇන්ඩි ෆ්ලවර්, ශ්‍රීමත් ඊ. ඩී. වීක්ස් සහ ක්‍රිස් රොජස් විතරයි.

දිවා ආහාරය සදහා තරගය නතර වන විටත් එකම කඩුල්ලක්වත් ලබා ගන්න ලංකාවට බැරි වුණා. හැබැයි දිවා ආහාරයෙන් පස්සේ තරගය ලංකාවේ පැත්තට හරවා ගන්න ලංකාවේ පන්දු යවන්නන්ට පුළුවන් වුණා. අද දවසේ වටිනාම කඩුලු 3 දවා ගන්න මලින්ද පුෂ්පකුමාර සමත් වුණා. චයිනාමන් පන්දු යවන ලක්ෂාන් සදකැන් කඩුලු 3 ක් සහ විශ්ව ප්‍රනාන්දු එක කඩුල්ල බැගින් ලබා ගත්තා.

අද දවසේ තරගය නතර කරන විට ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 329 ක් ලබා ගෙන තිබුණා. හැබැයි කලින් තරග 2 කට වඩා හොදින් ලංකාව මේ තරගයේදී සෙල්ලම් කරනවා කියලා කියන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි බලමු මේ තරගය දිනලා ලංකාවේ නැතිවුන ගෞරවය යන්තම් හරි ආරක්ෂා කර ගන්න ලංකාවේ කණ්ඩායමට පුළුවන් වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post