රාහු කාලය ප.ව 04.53 සිට 06.25
සුභ දිශාව නැගෙනහිර
මරු සිටින දිශාව උතුර
මේෂ ලග්නය

බොහෝ විට උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බවක් තිබෙනවා.නමුත් ඔබට සිතුවිලි වැඩි දිනයක්.බොහෝ විට සැකය කලකිරීම ඉක්මන්කාරී බව ඇති වීම තුලින් ඔබට තරමක් දුරට බාධා මැද කටයුතු කිරීමට සිදු වෙනවා.ඔබ නිතරම තමන් ලග ගැවසෙන කෙනා ගැන සැකයක් සැකමුසු බැල්මක් හෙලන්න පුළුවන්.ඔබගේ චිත්ත ඒකාග්‍රතාවය වැඩියෙන් දැනෙන නිසාම අද දිනය තුලදී ආගමික වතාවත් වලට ඔබට සුදුසු යැයි සිතෙනවා.ඒ වගේම ආගමික වටපිටාවකට යාමත් තමන්ගේ දෛනික කටයුතු යහපත් ආකාරයටත් කර ගැනීමට උත්සහ ගත යුතු දිනයක් බවයි පෙනෙන්නේ.මංගල ගමන් බිමන් අද දිනයේදී වැඩි වෙනවා.
ජය වර්ණය කහපැහැය ජය අංකය 03
වෘෂභ ලග්නය

වෙනදට වඩා උද්‍යෝගය උනන්දුව තිබුනත් ඔබට පවුලේ ප්‍රශ්න ගැටළු නිසාම කරදරකාරී වාතාවරණයක් ඇති වේවි.ඒ වගේම ක්ෂණික තීරණ ගැනීම ඉක්මන්කාරී බවකින් කටයුතු කිරීම නිසා පාඩු හානි සිත් තැවුල් මතු වීමට ඉඩ තියෙනවා.නමුත් කලත්මක ගති ඇතිව කටයුතු කිරීමෙන් ලාභ ප්‍රයෝජන අත් වීමටත් සංගීතය නැටුම් ජනමාද්‍ය වැනි අංශ වල රැකියා කරන්නන්ට යහපත් ලෙස ප්‍රතිචාර ඇති වීමටත් ඉඩ තිබෙනවා. ඒ වගේම රජයේ උසස් රැකියා දරන්නන්ට තරමක් ගැටළු සහගත බවක් උසුලන නිසාම ඔවුන්ට සතුටුදායක පිළිතුරක් ගැනීමට අපහසු දිනයක් අද දිනය.එබැවින් කල්පනාකාරී විය යුතුයි.
ජය වර්ණය කහපැහැය ජය අංකය 02
මිථුන ලග්නය

බොහෝ විට ලැබීම අතින් යහපත් දිනයක්.සිතට සතුටක් නැගෙන දේ දකින්න අහන්න ලැබෙන නිසාම දෛනික කටයුතු වලට ඉක්මන් විනෝදයෙන් පෙළඹිය හැකියි. ඒ වගේම අධ්‍යාපනික අංශයේ නව දැක්මක් අලුත් අදහස් මතු වෙමින් ඔබට එම අධ්‍යාපනික තත්වය මනාව කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන දිනයක්. උද්යෝගිමත් නිසාම ඔබ අද දිනය තුල දවසම සතුටින් ගත කෙරේවි.ඒ වගේම රසවත් ආහාර පාන ගැනීමටත් උත්සව අවස්ථාවකට සහභාගී වීමටත් අද දිනය බොහොම සතුටු දායකයි.
ජය වර්ණය රෝස පැහැය ජය අංකය 05
කටක ලග්නය

වෙනදට වඩා උද්‍යෝගය උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවකින් යුතුව කටයුතු කරන අතර අලුත් අලුත් අය ගෙදරට පැමිණේවි.ගෙදරදොර වාසභවනය අලංකාර කිරීමට හෝ රසවත් ආහාර පාන පිසීමට හැකියාවක් පවතින දිනයක්. ඒ වගේම ව්‍යාපාර කටයුතු වලදී විශේෂ ලැබීමක් ධන ලාභ සහිත ගතියක් මතු වීමේ ඉඩ තිබෙනවා.ඒ වගේම ව්‍යාපාරික අංශයේ කටයුතු කරන්නන්ට යහපත් වූ ප්‍රථිපලදායක දිනයක් බවයි පෙනෙන්නේ.නව අදහස් ක්‍රියාත්මක වීම නිසා ඔබට උද්යෝගයෙන් කටයුතු කල හැකියි.නමුත් ඉක්මන් වීම තුලින් පාඩු සිදුවිය හැකියි.ක්ෂණික තීරණ ඉක්මන් තීරණ ඉක්මන් කිපිම් වලින් වැළකිය යුතු දිනයක්.
ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය 02
සිංහ ලග්නය

බොහෝ විට උනන්දුව උත්සාහය බුද්ධිමත් ගතියෙන් ඔබ වැඩ කටයුතු කරාවි.අලුත් අලුත් අදහස් මතු වෙන අතර දුර බැහැර ගමන් බිමන් වැඩි වෙනවා.පවුලේ ප්‍රශ්න ගැටළු මතු වුවත් බොහෝ විට ඒවා නිරාකරණය කර ගැනීමට ඔබ උත්සහ කරාවි.ක්ෂණික තීරණ ඉක්මන් තීරණ ගැනීමේදී ඔබ තරමක් දුරට කල්පනාකාරී විය යුතුයි. ගෙදරදොර වාතාවරණය තරමක් දුරට ඔබගේ බුද්ධිය නිසාම යහපත් ආකාරයට පවත්වා ගැනීමට වගබලා ගත යුතු දිනයක්. ඒ වගේම අඹුසැමියන් අතර ප්‍රශ්න ගැටළු මතු විය හැකියි.ඒවා නිරාකරණය කර ගැනීමටද ඔබ උත්සහ ගන්නේ නම් අද දිනය තුලදී යහපත් දවසකට අරමුණු සලසාවි.
ජය වර්ණය රතුපැහැය ජය අංකය 05
කන්‍යා ලග්නය

වැඩියෙන් ලාභ සෙවීමට ගොස් තරමක් පාඩු සිදු වීමට ඉඩ තිබෙන නිසා ඔබ කල්පනාකාරීව ව්‍යාපාර අංශයට යොමු වීමට වගබලා ගන්න.අලුත් අලුත් අය ගෙදරට පැමිණේවි.අලුත් අදහස් මතු වේවි.නමුත් ඔබගේ ඕනෑකම මිස නෑකම පවත්වා ගැනීමට ඔබට හැකියාවක් නැති දිනයක් නිසා අසල්වැසියන් හිතවතුන් ඥාතීන්ගෙන් ප්‍රවේසම් විය යුතු දිනයක්.ඔබ කරන්නාවූ වැඩ කටයුතු කෙසේ කරගත්තත් සුළු සුළු මතභේද චිත්ත පිඩා මතු විය හැකියි. ඒ වගේම රෝගාබාධ පාද ආශ්‍රිත රෝග උෂ්ණ රෝග සෙම් කෝප ගති ඇති අය තරමක් දුරට අද දිනය තුලදී කල්පනාකාරී වන්න.
ජය වර්ණය ක්‍රීම්පැහැය ජය අංකය 05
තුලා ලග්නය

උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවකින් යුතු ඔබ අද අලුත් අදහස් ඇතිව කටයුතු කරාවි.නවතාවයකින් යුතුව ගෙදරදොර වාතාවරණය සකස් කර ගන්නා ඔබ අඹුසැමියන් අතර සම්බන්ධතා වර්ධනයක්ද ඔවුන්ගේ වැඩ කටයුතු සාර්ථක වීමක්ද ගෙයක් දොරක් සැදීමේ හෝ වාහනයක් මිලදී ගැනීමේ කටයුතුද සාර්ථක කරගත හැකියි.ඒ වගේම බාහිර බලපෑම් ඇතිව කරන වැඩ කටයුතු සාර්ථක කරන අතර දුර බැහැර ගමනක් හෝ විදේශගත වීමකට ඔබ යොමු වන්නේ නම් එයින් ඔබට යහපත් වූ ප්‍රථිපල අත්කර ගන්න හැකියාවක් තියෙනවා.අන් අයගේ මත නොඉවසා ඔබගේ මතයට ක්‍රියා කරන දවසක් වේවි.
ජය වර්ණය රෝස පැහැය ජය අංකය 07
වෘශ්චික ලග්නය

ක්ෂණික තීරණ ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකිය යුතුයි.බොහෝ විට ඔබට මංගල්‍යමය ප්‍රශ්නයක් ඇති වුවොත් එය අසාර්ථක වීමට ඉඩ තිබෙන දිනයක් නිසා ඒවා ගැන වැඩි අවධානයක් යොමු නොකොට වෙනත් අංශ කෙරේ අද දිනය තුලදී යොමු වීම යහපත් වෙනවා.විශේෂයෙන් කරගෙන ආ වැඩ කටයුතු වෙනස් කිරීමක් හෝ ස්ථාන මාරුවකට ඉඩ තිබෙනවා.රැකියාවේ කාර්යභාරයක් පැටවීමක් හෝ දුර බැහැර ගමන් බිමන් වැඩි වේවි. ගෙදරින් බැහැරව වැඩි වශයෙන් සිටීමට ඉඩ තිබෙන දිනයක්.
ජය වර්ණය රතුපැහැය ජය අංකය 05
ධනු ලග්නය

බොහෝ විට උනන්දුව උත්සාහය තුලින් ඔබට යමක් පැහැදිලිව අවබෝධ කර ගැනීමටද හැකියාවක් තිබෙන නිසාම අද දවස යහපත් කර ගැනීමට හැකියාවක් තියෙනවා.මංගල්‍යමය ගමන් බිමන් වැඩි දිනයක්.ඒ වගේම කල්ගිය මංගල යෝජනාවක් ස්ථිරවීම හෝ මංගල කටයුතු වලට දායක වීමකට උත්සව අවස්ථාවකට සහභාගී වීමට ඉඩ තිබෙන දිනයක්.නවතාවයකින් යුතුව කටයුතු කිරීමට ඔබ පෙළඹෙන දිනයක් නිසා අද දවසම කුල්මත් භාවයෙන් යුතුව ගෙවා දැමිය හැකියි.නමුත් වාහන පැදවීම් උඩ නැගීම බැසීම් ආදියෙන් තරමක් දුර පාද ආශ්‍රිතව බාධක ඇති නිසා විමසිලිමත් වන්න.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 07
මකර ලග්නය

බොහෝ විට උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බවක් ඇති අතර පුණ්‍යකාමී සිතුවිලි වැඩි වේවි.ඔබ කරගෙන ආ වැඩ කටයුතු යහපත් මාර්ගයට පිළිපන්න ගතියක් මතුවන නිසාම ඔබට යහපත් තත්වයක් මතු වේවි.අලුත් අදහස් මතු වෙනවා.ක්‍රියාකාරීත්වයෙන් යුතුව කර ගැනීමට හැකියාවක් තිබෙන අතර නව අදහස් වලින් පෝෂිත ගතියක් මතු වෙනවා.බොහෝ විට ලිපි ලියන්නන්ට ඒ වගේම ජන මාද්‍යයට පොත්පත් ලියන්නන්ට අද දිනය තුලදී එවැනි දෙයක් සදහා සම්මානනීය තත්වයක් හෝ එයින් සාර්ථකත්වයක් ලැබීමේ ඉඩ වැඩියි.නමුත් ඔබ යාන්ත්‍රික කාර්මික වැඩ කරන්නේ නම් තරමක් දුරට ගැටළු සහගත බවක් උසුලන නිසා එවැනි දේ ගැන සැලකිලිමත් විය යුතුයි.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 09
කුම්භ ලග්නය

ඔබය යමක් පැහැදිලිව අවබෝධ කොට ගෙන ජිවතය දිහා බැලීමට හැකියාවක් පවතිනවා.ඒ වගේම මෙතෙක් කල් කරගෙන ආ වැඩ කටයුත්තක විකාශනයක් හෝ අලුත් අදහසකින් යුතුව එය නව නිර්මාණයකින් දායකත්වයක් කිරීමට ඔබට හැකියාවක් පවතිනවා.ඒ වගේම කාර්මික කටයුතු කිරීමේ වැඩි නැඹුරුවක් කෘෂිකාර්මික කටයුතු කෙරේ ලාභදායි තත්වයක්ද ඇති නිසාම එවැනි දේ ගැන සැලකිලිමත් විය යුතුයි.විදේශගත වන්නන්ට යහපත් වූ ප්‍රථිපල අත්කර ගන්නට අද දිනය තුලදී හැකියාවක් තියෙනවා.නව අදහස් තිබෙන නිසාම ඔබට අලුත් අය මුණ ගැසෙනවා.
ජය වර්ණය දම් පැහැය ජය අංකය 09
මීන ලග්නය

උද්‍යෝගය උනන්දුව නිසාම ඔබට අද දවස සාර්ථක කර ගැනීමට හැකියාවක් තිබෙන අතර අතමිට මුදල් ගැවසෙනවා.හදිසි ධන ලාභ සහිතයි.ලැබීම අතින් යහපත් වෙනවා.ඒ වගේම කරගෙන යන ව්‍යාපාර කටයුතු තුලින් අතමිට සරු වේවි.සියලු දෙනාගේ මානය බිද දැමීමට හැකියාවක් පවතින නිසාම ඔබ කරන වැඩේ සාර්ථකව භුක්ති විදීමට හැකියාවක් තියෙනවා.දුර බැහැර ගමන් බිමන් වැඩි වේ.සතුරන් මිතුරු බවට පත් වෙන්නට බොහෝ විය ඉඩ තිබෙන දිනයක්.
ජය වර්ණය කහපැහැය ජය අංකය 06