News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

අපි මචං Birthday එක සැමරුව හැටි… VIDEO සහිතයි….

1940 Views


අපි මචං Birthday එක සැමරුව හැටි… VIDEO සහිතයි….

සංගීතය කියන්නෙ මොන භාෂාවෙන් ආවත් අහන, බලන අයට විඳින්න පුළුවන් දෙයක්. ඒකට භාෂාව, ආගම, වයස කොහෙත්ම බලපාන දෙයක් නෙමයි. පොඩි කාලේ නැලවිලි ගීතයේ ඉඳල ඔබ දැන් ඉන්න වයසෙ ආස කරන සිංදුව වෙනකන්ම ඒක වලංගුයි.

සංගීතයට එක එක කාල වලදී එක එක රැලි එනවා. මේව වලින් ජනප්‍රිය වෙන්නෙ ගොඩාක් අතලොස්සක් විතරයි. ඒ අතරෙන් සමහරු තමන්ගෙ සිංදු ජනප්‍රිය කරගන්න Social Media පාවිච්චි කරනවා. ඒකෙනුත් YouTube තමයි ලොකේ පුරාම ගොඩක් පිලිගත් විදිහකට දෙයක් ජනප්‍රිය කරගන්න පුළුවන් එකම විදිහ.

ඉතිං මේ හරහා මුළු ලෝකෙම අඳුරගත්ත කණ්ඩායමක් තමයි API MACHAN. (අපි මචං) ලා. නමත් අමුතුයි වගේම එයාල අනුගමය කරන සංගීත ක්‍රමයත් වෙනස්. කණට අහගෙන ඉන්න පුළුවන් විදිහෙ සංගීතයක් යොදලා පරණ සිංදු වල Cover Songs කරන එක තමයි මෙයාලා කරන්නෙ. අපි මචං ලා මේ වැඩේ කරන්න පටන් අරගේන අවුරුද්දකුත් ගත වෙලා. ඒ ඊයේ දිනයට (2017/08/13).

මේ වෙනුවෙන් අපි මචං ලා, පුංචිට එයාලගේ ඒ අවුරුද්දක ගමන් මඟේ ජයග්‍රහණය එහෙමත් නැත්තං එයාලගේ පළවෙනි Birth Day එක සැමරුවා.

VIDEO එක පහතින්.

https://www.facebook.com/ApiMachan/videos/475952006099874/


News Articles
Latest Videos
Most Popular Post