ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද. ඊයේ දිනයේදීත් තරඟය නතර කරන විට ඉන්දියාව කඩුළු 6 ක් දැවී ලකුණු 329 ක් ලබාගෙන තිබුනා.
අද දවසේත් වැඩි ගෞරව ලබාගන්න ඉන්දියාව සමත් වුනා. වේගවත් පිති හරඹයක නිරත වුන පාණ්ඩේ හයේ පහර 7 ක් සහ 4 පහර 8 ක් සමඟින් ලකුණු 108 ක් ලබා ගත්තා. PANDYA ට මේක ටෙස්ට් මැච් එකක් කියලා අමතක වුනාද කියලත් අපිට හිතෙනවා.
ඉන්දියානු පළමු ඉනිමේ කඩුළු 5 ක් දවාගන්න ලක්ෂාන් සඳකැන් සමත් වුනා. මලින්ද කඩුළු 3 ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුළු 2 බැගින් ලබා ගත්තා.
ලංකාව ලකුණු 487 ක් දැවැන්ත ඉලක්කයක් ඇතුව පිටියට ආවා. ලංකාවේ කඩුළු එක පිට එක බිඳ වැටෙද්දී යන්තම්, හරි සාර්ථක වුනේ නායක දිනේෂ් චන්දිමාල් විතරයි. චන්දිමාල් ලකුණු 48 ක් ලබා ගත්තා. දික්වැල්ල ලකුණු 29 ක් ලබා ගනිද්දී, කුසල් මෙන්ඩිස්ට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 18 ක් විතරයි. ලංකාවේ අනිත් සියළුම පිතිකරුවෝ ලකුණු 10 ට අඩුවෙන් දැවී ගියා. මැතිව්ස්, දිල්රුවන් පෙරේරා, විශ්වට සහ ලහිරු කුමාර ලකුණු නොලබාම ක්‍රීඩගාරය වෙත යන්න සිදු වුනා. ලංකාව අන්ත අසරණ තත්වයකට පත් කරන්න ඉන්දියානු පන්දු යවන්නෝ සමත් වුනා.
ලංකාවේ පිතිකරුවන් අසරණ කරපු යාදෙව් කඩුළු 4 ක් ලබා ගත්තා. අශ්වින් ශ්‍යාමි කඩුළු 2 බැගින් ලබාගත්තා. වැලේ වැල් නැති වුන ලංකාවට පළමු ඉනිමට ලකුණු 135 ක් විතරයි ලබාගන්න පුළුවන් වුනේ.
ලංකාව දෙවෙනි ඉනිම සඳහා නැවතත් පිටියට පිවිසුනේ ඉනිමක පරාජයේ අවනම්බුවෙන් ගැලවෙන්න. ඒ වුනත් නැවතත් අසාර්ථක වුන තරංග ලකුණු 7 කට දැවී ගියේ ලංකාව කබලෙන් ලිපට ඇද දාලා. අදැ දවසේ තරඟය නතර කරන විට ලංකාව දෙවෙණි ඉනිමේ එක් කඩුල්ලක් දැවී ලකුණු 19 ක් රැස් කරගෙන සිටියා.
කොහොම වුනත් ලංකාවට දැන් ආරක්ෂා කරගන්න ගෞරවයක් ඉතිරිවෙලා තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්.