News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

“ලංකාව ලේසි වැඩියි”, – ඉන්දියාව සුපිරි ක්‍රීඩකයින්ව ගෙදර යවයි…

7976 Views


“ලංකාව ලේසි වැඩියි”, – ඉන්දියාව සුපිරි ක්‍රීඩකයින්ව ගෙදර යවයි…

කාලයක් ලෝකයේ හොදම ක්‍රිකට් කණ්ඩායම, අද ලෝකයේ දුර්වලම ක්‍රිකට් කණ්ඩායම වෙලා. මෙහෙම කියද්දීම ඔබ දන්නවා මේ කතා කරන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කියලා. ඉතිහාසයේ නොලබපු විදියේ දරුණු පරාජයන් මේ දවස් වල ලංකාව අත්විදිමින් ඉන්නවා.

ඉන්දියාවත් එක්ක ගහපු ටෙස්ට් මැච් 2 ම ලංකාව අන්ත පරාජයන් ලැබුවා. මේ වෙද්දී සෙල්ලම් කරන 3 වන ටෙස්ට් තරගය ඊටත් වඩා දරුණු විදියට පරාජය වෙන බවක් තමයි පේන්න තියෙන්නෙ. මේ දවස් වල ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම සෙල්ලම් කරන විදිය දැක්කම හිතෙන්නේ ගමේ ගොඩේ පාරවල් වල සෙල්ලම් කරන පොඩි කොල්ලෝ සෙට් එකක් කියලා. ඒ තරමටම දුර්වල විදිහට තමයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ දවස්වල සෙල්ලම් කරන්නෙ.

ඔබ විතරක් නෙවෙයි ඉන්දියාවත් එහෙමයි දැන් හිතන්නේ. ලංකාවට එරෙහිව ටෙස්ට් තරග ජය ගැනීම කජු කනවා වගේ ලේසි වුණ නිසා එක්දින තරගාවලියේදී අංක එකේ ක්‍රීඩකයෝ විවේක ගන්වන්න ඉන්දියාව තීරණය කරලා. ඒ වෙනුවට දෙවන පෙළ ක්‍රීඩකයෝ දම්මලා ක්‍රීඩා කරන්නයි ඉන්දියාව හදන්නේ. යුරාජ් සිං, මොහොමඩ් ශාමි, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා සහ උමේෂ් යාදෙව් තමයි මේ විදිහට විවේක ගන්වලා තියෙන්නේ. ඒ වෙනුවට මනීෂ් පාන්ඩේ, ශාර්දුල් තාකූර්, වාහාල්, අක්සාර් පටෙල් සහ කේ.එල්. රාහුල් තමයි කැදවලා තියෙන්නෙ.

ඉන්දියාව කියන විදිහට නම් එයාලගෙ සුපිරි ක්‍රීඩකයෝ අපේ කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරන එකෙන් එයාලගෙ Performing අඩු වෙනවලු. කොහොම වුනත් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ගැන ජාත්‍යන්තරේ දැන් තියෙන මතය නම් එච්චර හොද එකක් නෙවෙයි. ඒ කොහොම වුනත් එක්දින තරගාවලිය දිනාගන්න බැරි වුනොත් නම් අපිට පොලවේ පස් කන්න තමයි වෙන්නෙ..


News Articles
Latest Videos
Most Popular Post