News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

නොදැන ගියොත් දඩ, මෙන්න පාරවල් ටික

1566 Views


නොදැන ගියොත් දඩ, මෙන්න පාරවල් ටික

පයින් යද්දි දකුණු පැත්තෙනුත්, වාහනයක් පදවගෙන යනවනම් වම් පැත්තෙනුත් යන්න කියල තමයි මොන්ටිසෝරි කාලේ ඉඳලම අපට උගන්නලා තියෙන්නෙ. මේ විදිහට කොච්චර ඉගෙනගත්තත් ගොඩාක් දෙනාට කාලයක් යද්දි මේ මාර්ග නීති රීතී අමතක වෙන තත්වයක් තියෙනවනෙ. ඒක නිසාම පයින් ගියත්, වාහනේක ගියත් දඩ කන්න වෙන අවස්ථා හැමෝටම මුහුණපාන්න වෙනවා.

පහුගිය දවස්වල බස් ගැන කතා බස් වුනා ඔබට මතක ඇති. ඒ බස් වලට වෙනම ප්‍රමුඛතා මංතීරු ක්‍රමයක් හඳුන්වල දෙන්න යනවා කියන කතාව. ඔන්න ඒ ක්‍රමය අද ඉඳල රජය විසින් ක්‍රියාත්මක කරනවා. ඉතින් ගොඩාක් අයට නොතේරෙන මේ ප්‍රමුඛතා මංතීරු කියන්නෙ මොනවද කියල පැහැදිලි කරලා දෙන්න අපි කල්පනා කරා.

අද උදේ (15) ඉඳලා හඳුනාගත් ස්ථාන 05 ක ක්‍රියාත්මක වෙන මේ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය විශේෂයෙන්ම අදාල වෙන්නෙ පෞද්ගලික හා ලංගම බස් රථවලට අමතරව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ වලට. සිද්ධිය වෙන්නෙ මෙහෙමයි.

1) අද ඉඳලා මොරටුව කුරුස මංසන්ධියේ සිට කටුබැද්ද දක්වාත් සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ සිට බම්බලපිටිය මංසන්ධිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කරනවා.

2) ලබන 22 වනදා සිට කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්වාත්, ඒ වගේම බම්බලපිටිය මංසන්ධියේ සිට පිත්තල හන්දිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම තමයි සැළසුම් කරල තියෙන්නෙ.

3) ලබන 29 වනදා බත්තරමුල්ල දියත උයන ආසන්නයේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වාත්, ටවුන් හෝල් මංසන්ධියේ සිට තුන් මුල්ල දක්වාත් මෙය ක්‍රියාත්මක වෙනවා.

4) සැප්තැම්බර් සහ නොවැම්බර් යන මාසවලදී තවත් තෝරා ගත් මාර්ග කිහිපයක ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා.

පෞද්ගලික හා ලංගම බස් රථවලට අමතරව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථද මෙම ප්‍රමුඛතා මංතීරුවල ගමන් කළ යුතු බව තමයි බස්නාහිර සංවර්ධන හා මහ නගර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරන්නෙ.

කියපු තැන් වල මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ උදේ 6:00 සිට 9:00 දක්වා කාලය තුළදී පමණයි. ඒ මොකද කියනවනම් පාරේ Traffic වැඩිම වෙලාවට ඉක්මනටනම තමන්ගේ ඉස්කෝලෙට, ඔෆිස් එකට යන්න මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක් නිසා. දැන් ඉතින් ප්‍රමුඛතා මං තීරු නිතිය දන්නවනේ. ඒ නිසා හරියට පාරේ යන්න… එකෙන් ඔබේ සල්ලිත් ඉතුරු වෙයි. කාලෙත් ඉතුරු වෙයි.


News Articles
Latest Videos
Most Popular Post