News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

වැලි වගේ සෙනග පිරුණු නිල් අහසේ වසන්තය, මීගමුව හොල්ලයි…

1197 Views


වැලි වගේ සෙනග පිරුණු නිල් අහසේ වසන්තය, මීගමුව හොල්ලයි…

උඩ දාගෙන යැවුවට මොකද සරුංගලේ මුලින්ම හැදුවේ චීන්නු. ඒ කියන්නේ made in china. හැබැයි ඉතිං ඒක දැන හෝ නොදැන අපි හැම අගෝස්තුවෙම සරුංගල් යවන ජාතියක් වෙලා. එකේ තරම කොච්චරක්ද කියලා කියනවනං හැම අවුරුද්දකම අපි ජාතික සරුංගල් සැණකෙලියකුත් පවත්වනවා.

ඒකෙ නම නිල් අහසේ වසන්තය. මේ පාර නිල් අහසේ වසන්තය පැවැත්වුනේ 10 වෙනි පාරට. හැමදාම මේ වැඩේ සංවිධානය කරන Kite Sri Lanka එක්ක හයියට මේ පාර සියත හිටගත්තා. ආයි ඉතින් මොනවද? ජාතික සරුංගල් සැණකෙළි ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගී වුණු නිල් අහසේ වසන්තය විදිහට මේ පාර සැණකෙළිය ඉතිහාස ගත වුණා.

ඊයේ සහ පෙරේදා දවස් දෙකේම මිගමුව වෙරළ තීරය වෙන්වුණේ නිල් අහසේ වසන්තය වෙනුවෙන්. සෙනසුරාදා දරුවන්ගේ තරග තිබුණා. ඉරිදා, ඒ කියන්නේ ඊයේ විවෘත අංශය සදහා තරග පැවැත්වුණා. ඒ නිර්මාණශිලිම, හොදම මත් ද්‍රව්‍ය නිවාරණ වැකිය, පරිසර හිතකාමී, Fighting Kites කියන ඉසවු වලින්. ඔය Fighting Kites කියන ඉසවුව ලංකාවේ පැවැත්වුණේ පළවෙනි පාරට. තරග වලට අමතරව ප්‍රංශය, ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්ථානය ඇතුළු රටවල් 10ක සරුංගල් වැඩකාරයන්ගේ සරුංගල් ප්‍රදර්ශනයක් සහ කදවුරකුත් පැවැත්වුණා. ඒ විතරක් නෙවෙයි මැජික් සංදර්ශණ, Face Painting වගේම ජල ක්‍රීඩා ඇතුළු විශේෂාංග රාශියකුත් ඊයේ පෙරේදා මීගමුව වෙරළ තීරයේ පැවැත්වුණා.

ඉතිං හැමෝම වගේ නිවාඩු පාඩුවේ දරු මල්ලොත් එක්ක පවුල් පිටින් ඇවිත් හිටපු නිසා කිසිම හිස්තැනක් නැතුව එකම හිස් ගොඩක් මීගමු වෙරළේ තිබුනේ. එතකොටයි ගෝල් ෆේස් එකේ ඉඩ මදි කියලා මීගමු ආව සංවිධායකයින්ට හිතුනේ මෙතනත් ඉඩ මදීයි කියලා. කොහොම වුනත් ආව හැමෝම හිතුවට වඩා සතුටු වුණා කියලා ඔබට පෙනෙයි මේ Photos දැක්කම.

ඔය ඔක්කොම සෙල්ලම් ඉවර වෙද්දී සියතේ DJ ලා වැඩ පෙන්නන්න පටන් ගත්තා. රෑ 7 ඉදලා 11 විතර වෙනකම් ඉතින් ජාත්‍යන්තර මට්ටමේ සුපිරි DJ ප්‍රසංගයක් මීගමුවට ලැබුණා.

දැන් ඉතින් මේක කියෙවුවා ඇති. මෙන්න මේ Photos බලන්නකෝ. මේවා Copy කරාට කමක් නැහැ. හැබැයි සම කරන්න බැහැ කියලා අමතක කරන්න එපා හොදේ…


News Articles
Latest Videos
Most Popular Post