අද 2017 අගෝස්තු මාසයේ 17 බ්‍රහස්පතින්දා
රාහු කාලය: ප.ව 01.34 සිට 03.04
සුභ දිශාව: බස්නාහිර
මරු සිටින: දිශාව දකුණ
මේෂ ලග්නය

ඔබ අද අවංකව හා පුරුෂ වීර්යයෙන් යුතුව කටයුතු කර නිශ්චල හා චංචල දේපල දියුණුවට පත් කර ගන්න පුළුවන්. ගෞරවයට පත් වෙන්න පුළුවන්.දෙමව්පියන්ට නෑයින්ට සහෝදරයන්ට ඔබ සැලකීමට වඩා ප්‍රිය වෙනවා.මවට ඉතා ආදරය වෙනවා.ඉතා විශ්වාසවන්තව කටයුතු කරනවා.ඉදිකිරීම් ඉඩම් සංවර්ධනය ජලය පිළිබද යෙදීම් වලින් හා බෙහෙත් ද්‍රව්‍ය වෙළදාමෙන් ඔබට වැඩි වාසි හා ලාභ ලබන්න හැකි වෙනවා.ගේදොර ඉඩකඩම් වල ලැබීමක් හෝ එහි දියුණුවට අද වාසනාව තියෙනවා.උත්සාහයෙන් රැස් කරගත් ධනයෙන් සැප විදීමට හැකියාව තියෙනවා. සහෝදරයන්ට උදව් උපකාර කිරීමට ඔබ වඩාත් කැමති වෙනවා.ඉගෙනීමට ක්‍රිඩා හා කලා කටයුතු වල දියුණුවට අද මග පෑදෙනවා.ගුරුවරුන්ගෙන් බලවත් අයගෙන් උපකාර ඔබගේ ඉගෙනීමේ කටයුතු සදහා ලැබෙනවා.
ජය වර්ණය: සුදුපැහැය ජය අංකය: 04
වෘෂභ ලග්නය

නුවණ භාව බලය වික්‍රමාන්විත භාවය යන සියලු දේ මුල් කොට ගෙන සිය උත්සාහයන් තුල වැඩි වාසි ලාභ වැඩි ප්‍රථිපල ලැබීමට හැකි වෙනවා.සහෝදරයන්ට අසල්වැසියන්ට වඩා හිතවත් වෙනවා.ඔවුන්ගේ ගති ගුණ වලට ඔබ ලේසියෙන්ම හැරීමට ඉඩ තිබෙනවා.ඔවුන්ගේ සැපයෙහි සතුටු වෙන්නා සේම ඔවුන්ගේ දුකේදී ඔබ දුකට පත්වන අයෙක්.ලියන කියන කාර්මික මුද්‍රණ විද්‍යුත් ක්ෂේත්‍ර වල සිටින ඔබගේ දියුණුව අද උසස් කරනවා.කෙටි ගමන් බිමන් සාර්ථක වෙනවා.කෑම රුචිය වැඩි විය හැකියි.කතාවේ දක්ෂතාවයෙන් ධනය ඉපයීමට හැකි වෙනවා. වාසනාවන්ත ගෘහ හා විවාහ ජීවිතයකට ඉඩකඩ තියෙනවා.දෙමව්පියන්ගෙන් උදව් උපකාර ලැබීමට හැකි වෙනවා. ගේදොර ඉඩකඩම් වල දියුණුව ලබන්න පුළුවන්.
ජය වර්ණය: සුදුපැහැය ජය අංකය: 03
මිථුන ලග්නය

ඔබ උත්සහවන්තයන් අතරේ සහෝදරයන් අතරේ අසල්වැසියන් අතරේ ප්‍රධානත්වයක් ලැබීමට සුදුසු වන අයෙක්.ඔබේ උත්සාහයන්ට වඩා පෝසත් සහෝදරවරුන්ගේ අසල්වාසීන්ගේ පිය පක්ෂයේ නෑයින්ගේ උදව් උපකාර ලේසියෙන් ලැබීමට හැකියි.ලියන කියන කාර්මික මුද්‍රණ විද්‍යුත් ක්ෂේත්‍ර වල සිටින ඔබගේ දියුණුව වැඩි වෙනවා. ඥානය හා ඉගෙනීම යන කොයි කටයුත්තකින් වුවත් ධනය ඉපයීමට හැකි වෙනවා.දියුණු වීමට ඔබ වඩා ආස කරන දිනයක්.ලෝභ නැතුව වියදම් කරනවා.අන් අයගේ කතාවල අඩුපාඩුකම් පෙන්වා දෙන්න නම් එපා.කෑම රුචිය විටින් විට ඇති වෙන්න පුළුවන්.ගෘහ හා විවාහ ජීවිතය තුල සතුට වැඩි වෙනවා.හොද සිහි කල්පනාවෙන් වැඩ කටයුතු කර ගෙදරදොර ඉඩකඩම් වල දියුණුව ලැබීමට හැකියි.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 03
කටක ලග්නය

අද ඔබගේ කතාව හරිමආඥාදායකයි.ධනය ලැබීමටත් යහපත් දිනයක්.ඔබේ ආදරයටත් වැඩියෙන් කතා කිරීමට ඔබ ආස කරනවා.තමාට වඩා පෝසත් අයගේ මුල්‍ය ආධාර ලැබීමට හැකි වෙනවා.තම කතාව තුල තමාට අවශ්‍ය වන ප්‍රධානත්වය ලැබීමට ඔබ දක්ෂ වෙනවා.තම පවුලේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු සාර්ථක වෙනවා. තම භාර්යාවට ස්වාමියාට ඉතා හොදින් සලකනවා.ඔබේ නමට ගෞරවය ලැබීමට පුළුවන්.තම මිතුරන් හමුවේ වික්‍රමාන්විත වෙනවා.සහෝදර උපකාර ඔබට ලැබෙනවා.සියලු උත්සාහයන් සාර්ථක කරගන්න පුළුවන්. බැංකු මුල්‍ය අලෙවි උපදේශන හා නිවේදන ලියන කියන කාර්මික මුද්‍රණ විද්‍යුත් ක්ෂේත්‍ර වල සිටින ඔබගේ දියුණුව නිසැකවම අද ලැබෙන්නයි තියෙන්නේ.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 02
සිංහ ලග්නය

ඔබ ආඥාදායක ස්වරූපයකින් කටයුතු කරන දවසක්.ප්‍රධානත්වයක් කරා කටයුතු කරනවා.අන් අය පාලනය කිරීමට ඔබ දක්ෂ වෙනවා.දියුණු වීමට ඔබ ආස කරනවා.කෞශල්‍යභාවයට පිරිසිදු වටිනා ඇදුම් ඇදීමට සුවද විලවුන් ගැල්වීමට ඔබ ආස කරනවා.උසස් මානසික චින්තනයකින් යුක්ත වෙනවා.තම පවුලේ ගෞරවය රැක ගෙන කටයුතු කරනවා.ඔබ ඇගයීමකට පත් වීමකට හෝ ගෞරවයකට ලක් වෙන්න හැකියි.හොද සිහිකල්පනාවෙන් කතා කර ධනය ලැබීමට ඔබ දක්ෂ වෙනවා.අන් අයට උපදෙස් දීමටත් ඔබ දක්ෂ වෙනවා.තම පවුලට හිතවත්ව කටයුතු කරනවා.අනවබෝධයෙන් කටයුතු කරොත් නම් පාඩුවක් සිදු විය හැකියි.
ජය වර්ණය: තැඹිලිපැහැය ජය අංකය: 01
කන්‍යා ලග්නය

අද ඔබ හොද සිහි කල්පනාවකින් කටයුතු කරන දිනයක්.තම ඥානය දියුණු කර ගන්න වැඩ වලට ඔබ කැමති වෙනවා.ඔබ අහංකාර නොවන කලබල නැති අයෙක්.ඒ නිසා ගෞරවයකින් යුතුව වැඩ කටයුතු කල හැකි වෙනවා. කතාවේ දක්ෂතාවයෙන් ධනය හරි හම්බ කර ගැනීමට හැකියි.පවුලට හිතවත්ව කටයුතු කරනවා.බැංකු මුල්‍ය අලෙවි උපදේශන හා නිවේදන ක්ෂේත්‍රයේ සිටින ඔබගේ දියුණුව අද ඇති වෙනවා.ගෘහ හා විවාහ ජීවිතය තුල ඔබ දෙදෙනාට ඉතා කුළුපගයන් ලෙස කටයුතු කිරීමට හැකි වෙනවා.සංගීතයට නැටුම් වලට තිබෙන හැකියාවන් අද ඉස්මතු කර ගන්න පුළුවන්.
ජය වර්ණය: කොළපැහැය ජය අංකය: 01
තුලා ලග්නය

දෛනික වැඩ කටයුතු කල් දැමීම නිසා ඔබගේ දිනයේ දියුණුව අඩු වෙන්න පුළුවන්.සිහි කල්පනාව තරමක් අඩු කරන්න තියෙන දිනයක්.අන් ගැටළු ඔබේ කරගන්නට ගියොත් නම් ඔබට හොද මානසික සුවයක් විදීමට බැරි වෙන්න පුළුවන්.ඔබේ පවුලට ඔබ නුරුස්සන අයෙක් වීමට ඉඩ තියෙනවා.අද ඔබට සමාජීය වගකීම් දැරීමට මිතුරු ආශ්‍රයටත් යහපත් වෙනවා.ඔබට යහපත් දිනයක් කරා ගමන් කරන්න පුළුවන් වෙනවා.මිත්‍රශීලීව තම දෛනික කටයුතු වල යෙදීමෙන් දිනයට සෑහෙන්න ආදායමක් හා හොද සමාජ ගෞරවයක් ලැබීමට හැකි වෙනවා.
ජය වර්ණය: තැඹිලිපැහැය ජය අංකය: 11
වෘශ්චික ලග්නය

ඔබේ අලසකම කම්මැලිකම කලට වෙලාවට අවබෝධයෙන් දෛනික කටයුතු වල නොයෙදීම නිසා ඔබගේ දිනයේ දියුණුව හීන විය හැකියි.ඔබේ විවාහයට දෙමව්පියන්ගේ හෝ නෑයින්ගේ විරෝධතාවයක් මතු වෙන්න පුළුවන්.නොගැලපෙන අය ආශ්‍රය කිරීමට ලැබිය හැකියි.අන් ගැටළු ඔබේ කර ගැනීමට යාමෙන් අපකීර්තියකට හෝ කලකිරීමකට මුහුණ පෑමට ඉඩකඩ තියෙනවා.දිනයේ සාර්ථකත්වය සදහා
ජය වර්ණය: දීප්තිමත් කහපැහැය ජය අංකය: 08
ධනු ලග්නය

ඔබ සතු ප්‍රඥාවන්තව හැසිරීමේ කලාව හිතින් කයින් කඩිසර වීම තමා ඉගෙනගත් දෙයින් ප්‍රයෝජන ලැබීමේ හැකියාව දක්ෂතාවය නිසාම ඔබට සුරත්වයෙන් යුතුව අද අන් අය සමග ඉතාම සහයෝගයෙන් යුතුව කටයුතු කර තම අරමුණු ඉලක්ක සපුරා ගැනීමට හැකි වෙනවා.හවුල් කොටස් වෙළදපොල මහජන සේවා විවාහ මංගල සේවා ක්ෂේත්‍ර වල සිටින ඔබගේ දියුණුව නිසැකවම ඔබට අද ඇති කර ගන්න පුළුවන්.ධනය කිර්තිය බලය ලැබීමට හැකි වෙනවා.බාධාවන් උපක්‍රමශිලිව ජය ගන්න නිරන්තරයෙන් අවබෝධයෙන් හා කලට වෙලාවට කටයුතු කරන්න.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 07
මකර ලග්නය

ඔබගේ දෛනික වැඩ කටයුතු වලට බාධාවන් ඇති විය හැකියි.ඔබේ කඩිසරකම ඒ නිසාම හීන වෙන්න පුළුවන්. මව හෝ ස්ත්‍රී පක්ෂයේ කෙනෙකු වෙනුවෙන් වියදම් ඇති කල හැකියි.ශාරීරික සුවතවයට බාධාවන් ඇති කල හැකියි.අද දිනය සාර්ථක කර ගැනීමට ඔබ පළමුව සිය දෛනික කටයුතු වල නුවණින් යුතුව කටයුතු කල යුතුයි. එවිට ඉගෙනීම ක්‍රිඩා හා කලා කටයුතු වලින් අවශ්‍ය ප්‍රගතිය ඔබට ලබන්න පුළුවන් වෙනවා.දෙවනුව ඔබ අන් අය සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් ධනය කිර්තිය බලය ලබන්න ඔබ උත්සහ කල යුතුයි.දිනයේ දියුණුව වෙනුවෙන් බාධාවන් හමුවේ එඩිතර වන්න.කැ සමගත් සහයෝගයෙන් යුතුව බුද්ධිමත්ව කටයුතු කරන්න.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 05
කුම්භ ලග්නය

අද ඔබ ඥාවන්තව කටයුතු කරනවා.පොත්පත් වැඩ වලට ශාස්ත්‍රීය කටයුතු වලට රසායන විද්‍යාවන්ට ඔබ වඩා දක්ෂ වෙනවා.ක්‍රිඩා හා කලා කටයුතු සාර්ථක කරනවා.ඉගෙනගත්ත දේ මුල් කරගෙන ධනය උපයන්න පුළුවන්.හිතින් කයින් කඩිසර වෙනවා.අවිදිලි වැඩි විය හැකියි.නිතර ගෙයින් පිට වාසිය වැඩි විය හැකියි.ගුරු හා රාජ්‍ය අංශයේ සිටින ඔබගේ බලාපොරොත්තුවත් ඉටු කර ගැනීමට අවස්ථාවක් යෙදෙන්න පුළුවන්.මවට සුභ දිනයක්. ගෙදරදොර දියුණුව ලැබීමට හැකියි.ආදරය කරන ඔබ එකිනෙකා ප්‍රීතියට පත් විය හැකි දිනයක්.මවට ඔබ ඉතා ආදරය වෙනවා.විදෙස් සේවා දුත මෙහෙවර ලේකම් ධුර වෙළදාම කැටයම් චිත්‍ර කරුවන්ට වඩා දියුණුව ලබන්න පුළුවන් දිනයක්.පැමිණෙන බාධාවන් නුවණින් යුතුව ජය ගන්න.දිනුම් සහිත ක්‍රිඩා වලින් ලොතරැයි වලින් ජය ලැබීමට අද ඔබට අවස්ථාවක් උදා වෙනවා.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 05
මීන ලග්නය

ඔබ අද ව්‍යක්තව දක්ෂකමින් විශ්වාසවන්තව තම දෛනික කටයුතු වල යෙදෙන නිසාම ඔබට ඉගෙනීමෙන් ක්‍රිඩා හා කලා කටයුතු වලින් උසස් දියුණුවක් ලැබීමට හැකි වෙනවා.ආදරය කරන ඔබලාට ප්‍රේමනීය ලෙස කාලය ගෙවීමට හැකි වෙනවා.ඔබ අද දරුවන්ට බිරිදට ස්වාමියාට හා සිය මවට වඩාත් හිතවත් වෙනවා.සලකනවා.ලොතරැයි වාසනාව උරගා බැලීමට යෝග්‍ය දිනයක්.ගේදොර ඉඩකඩම් ලැබීමේ වාසනාව තියෙනවා.ඉගෙනගත්ත දෙයින් ධනය ඉපයීමට හැකි වෙනවා.රාජ්‍ය අංශයේ උපකාර ලැබීමට හැකි වෙනවා.මවට සුභ ප්‍රථිපල ලැබෙන දිනයක්.පැමිණෙන බාධාවන් නුවණින් යුතුව ජය ගන්න.
ජය වර්ණය: සුදුපැහැය ජය අංකය: 05
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී :ලක්ස් සේනානායක
දුරකථන අංකය: 0776719151