Husband, Wife ට ඔලුව නැමුවට මුළු ලෝකෙම ඔලුව නමන්නෙ එංගලන්තේ මහා රැජිනට විතරයි. අවුරුදු 65 ක් තිස්සෙම බ්‍රිතාන්‍යය පාලනය කරන්නේ දෙවන එලිසබත් මහා රැජින. ලේසි පහසු නෑ. හැබැයි මුළු ලෝකයක්ම යටත් කරන් හිටපු රැජිනට දැන් රජකම් කරලා එපා වෙලාලු.
ඒ නිසා මේ ලගදි රැජින ප්‍රකාශ කරා තමන් කිරුල අතහරින බව. හැබැයි ඉතින් අද හෙට නම් නෙවයි. රැජිනට අවුරුදු 95 සම්පූර්ණ වුණාම. දැන් රැජිනට වයස අවුරුදු 91 යි. ඉතිං තව අවුරුදු 4 කින් සම්ප්‍රදායට අනුව ඔටුන්න හිමිවෙන්නේ මහා රැජිනගේ ලොකු පුතා වන චාර්ල්ස් කුමාරයටයි. හැබැයි දේශපාලන විශ්ලේෂකයන් නම් කියන්නේ රැජිනගේ ලොකු මුණුපුරාට ඒ කියන්නේ විලියම් කුමාරයට රජකම දේවි කියලා. මොකද තාමත් තරුණ විලියම් කුමාරයා රජ වුනොත් නව අදහස් එක්ක මහා බ්‍රිතාන්‍යය නව මගකට අරගෙන එයි කියලා. ඒ කොහොම වුනත් රැජින නම් තාම ප්‍රකාශ කරලා නෑ පුතාටද මුණුපුරාටද රජකම දෙන්නේ කියලා. හැබැයි අපි බලන් ඉමු රැජින රජකම කාට දේවිද කියලා. ඒ ගැන ඉක්මනටම දැනගන්න සියත 24 බලන් ඉන්න.