News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

ශාරුක් ඛාන් FCID යට.

602 Views


ශාරුක් ඛාන් FCID යට.

මේ දවස් වල ලංකාවේ ජනප්‍රියම මාතෘකාව තමයි “මූල්‍ය වංචා”. ලංකාවේ වුණ මූල්‍ය වංචා හොයන්නම FCID කියල අලුතෙන් ආයතනයකුත් හැදුවා. ලොකු ලොක්කෝ ගොඩක් එක පෝලිමට FCID එකට ගෙනැල්ලා ප්‍රශ්න කරනවා. ඉන්දියාවේ ශාරුක් ඛානුත් FCID එකට කැදවන්න හදනවා කියලා ආරංචි වුනා.
හැබැයි ඒ ලංකාවේ FCID එකට නම් නෙවෙයි ඉන්දියාවෙ. ශාරුක් ඛාන්ට මූල්‍ය චෝදනා එල්ල වෙලා තියෙන්නෙ IPL ක්‍රිකට් කණ්ඩායම සම්බන්ඳ ප්‍රශ්නයකට. Kolkata Knight Riders කණ්ඩායමේ අයිතිය ශාරුක් ඛාන්ට වගේම ඔහුගේ බිරිද වුණ ගෞරි ඛාන්ට සහ ජූහි චවුලාටත් අයිතියි. ඔවුන් කණ්ඩායමේ කොටස් අඩු මිලකට විදේශ සමාගමකට විකුණලා. ඒ ගැන ප්‍රශ්න කරන්න තමයි ඉන්දියාවේ FCID එකට අගෝස්තු 23 වෙනිදට එන්න කියලා තියෙන්නේ. ශාරුක්ගේ මේ ගණුදෙනුව නිසා ඉන්දීය රජයට රුපියල් කෝටි 73.6 ක පාඩුවක් වෙලා තියෙනවා.
කොහොම වුනත් මේ චෝදනාව ඔප්පු වුනොත් නම් ශාරුක්ට ලේසි වෙන එකක් නෑ කියලා තමයි ඉන්දියාවේ මාධ්‍ය නම් කියන්නේ. අපි බලමු ලංකාවේ වගේ ඕන හොරකමක් කරලා බේරෙන්න ඉන්දියාවේත් පුළුවන් වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post