2019 ක්‍රිකට් ලෝක කුසලානයට තව වැඩි කාලයක් නෑ. ඒ වුනාට ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම නම් දැන් ඉන්නෙ අවිනිශ්චිත තත්වයක. මොකද දිගින් දිගටම අත්වුන පරාජයන් හින්දා ශ්‍රේණිගත කිරීම් වල ලංකාව පල්ලම් බැස්සා. දැන් ඉන්නෙ 8 ට. සැප්තැම්බර 30 වෙද්දී 8 ම ඉන්න ලංකාවට බැරි වුනොත් එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පලවෙනි වතාවට ලෝක කුසලානයට යන්න සුදුසුකම් ලැබීමේ තරගයට සෙල්ලම් කරන්න සිද්ධ වෙනවා.
හැබැයි වාසනාවට වගේ ලංකාවට තව එක අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒකට ඉන්දියාව එක්ක තියෙන එක්දින තරගාවලියේ අඩුම තරග 2 වත් දිනන්න ඕන. එහෙම වුනොත් ලංකාවට සැප්තැම්බර් 30 වෙනිදා වෙදී 8 ම ඉන්න පුළුවන්. බැරි වෙලාවත් එක්දින තරගාවලියේදී තරග 2 වත් දිනන්න බැරි වුනොත් ලබන අවුරුද්දේ පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වෙන්න ලංකාවට සිද්ධ වෙනවා. ඒ තරගාවලියේදී ලංකාවට තරග කරන්න වෙන්නෙ ඇෆ්ගනිස්තානය වගේ ආධුනික රටවල් එක්ක. එහෙම වුනොත් නම් ලංකාවේ නම්බුවට හොද නැති වෙයි.
මේ වෙද්දි ලංකාව එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ 8 වන ස්ථානයේ ඉන්නෙ. ප්‍රසාද ලකුණු 88 ක් ලබාගෙන. අපිට යටින් ඉන්නෙ බටහිර ඉන්දීය කොදෙව්වන්. ඔවුන් ප්‍රසාද ලකුණු 78 ක් ලබාගෙන තියෙනවා. හදිසියෙවත් බටහිර ඉන්දීය කොදෙව්වන් අයර්ලන්තය සමග තියෙන තරගය සහ එංගලන්ත සමග තියෙන සියලු තරග ජයග්‍රහණය කලොත් ඔවුන් ලංකාව අභිබවා යනවා. ඒ නිසා ලංකාවට ඉන්දියාව සමග තරගාවලියේ තග 2 ක් දිනලා ප්‍රසාද ලකුණු 90 ක් ලබා ගන්නම වෙනවා.
ලංකාව, ඉන්දියාව එක්ක ක්‍රීඩා කරපු අවසන් තගර 5 න් 4ක් ම පරාජය වෙලා තියෙනවා. හැබැයි අන්තිමට ක්‍රීඩා කරපු ශූරයන්ගේ කුසලානයේදී ලංකාව ලකුණු 321 ක් හබාගෙන ගිහින් ඉන්දියාව පරාජය කරා කියන එකත් අමතක කරන්න හොද නෑ. කොහොම වුනත් අපි බලාගෙන ඉමු ලංකාවට ලෝක කුසලානයට කෙලින්ම යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා.