රූපලාවන්‍යාගාර ඔබෙන් හංගන, ලස්සන වෙන රහස මෙන්න…
1526 Views
ආවාට තිබුණත් නිසසල සද මත එය හරි ප්‍රියංකරයි. එහෙම උනාට කුරුලෑ, කුරුලෑ කැලැල් නිසා ඔබේ මූණ නං හදක් වගේ ලස්සන වෙන්නෙ නෑ. නිතරම face wash දාලා මූණ හේදුවට කුරුලෑ අඩු උනේ නෑ නේද? මේ තියෙන්නෙ කුරුලෑ වලට මෙච්චරකල් පාවිච්චි කරපු ඒවට වඩා වෙනස්, අඩු වියදම් බෙහෙත් ටිකක්.
-
පුළුන් කෑල්ලකට eye drops දාලා කුරුලෑව මත ආලේප කරලා විනාඩි 10 කින් පස්සෙ සීතල වතුරෙන් හෝදන්න.
-
සුදු ළූණු හොදට තලලා ඉස්ම මුහුනේ කුරුලෑ සහිත ප්‍රදේශයේ ගාලා පැය බාගයකට පස්සෙ හෝදන්න.
-
රෑට කුරුලෑව මත දත් බෙහෙත් ගාලා පහුවදා උදේ හෝදන්න.
-
ලෙමන් ගෙඩියකින් පෙත්තක් කපලා මුණෙ අතුල්ලන්න. විනාඩි 10 කට පස්සෙ සීතල වතුරෙන් හෝදන්න.
-
මී පැණි මුහුණෙ ගාලා විනාඩි 10ක් තියලා උණුසුම් වතුරෙන් හෝදන්න.
-
උණුසුම් තුවායක් මුහුණ මත තබා විනාඩි 5ක් 10ක් සම්බාහනය කරලා සීතල වතුරෙන් හෝදන්න.
-
Witch Hazel – face wash වලින් මුහුණ හේදුවට පස්සෙ toner එකක් විදිහට මූණෙ ගාන්න.
මේවා කරලා ඉක්මනටම කුරුලෑ නැති කරගන්න.නැත්තං මූණෙ තියෙන වලවල් මේක්-අප් වලින් වත් වහගන්න බැරිවෙයි.
සටහන – පාරමී