ලංකාවේ ක්‍රිකට් මේ වෙද්දි කබලෙන් ලිපටම වැටිල කියන එක රහසක් නෙවෙයි. වැටුන ක්‍රිකට් ගොඩගන්න ලංකාවෙ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයො ගොඩක් උදව් කරන්න හැදුවා. හැබැයි ක්‍රිකට් බලධාරීන් නම් ඔවුන්ව සතේකට ගණනන් ගත්තෙ නෑ. සමහරුන්ට අත්දකීම් මදී කිව්වා. එ් වුනාට එ් ක්‍රිඩකයන්ව ඉන්දියාව එංගලන්තය වගේ රටවලින් අරගත්තා.
හතුරුසිංහ කියන්නෙ එ්කට හොදම උදාහරණය. පාසල් කණ්ඩායමක් වගේ තිබුණ බංගලාදේශ ජාතික කණ්ඩායම දැන් ඉන්දියාව, ඔස්ටේලියාව පරද්දන තැනට ගෙනාවෙ හතුරුසිංහ. තවත් රටක් අපේ වටිනා ක්‍රිඩකයෙක්ව එ් රටේ ක්‍රිකට් හදන්න අරගෙන තිබ්බා. ඔහු තමයි නුවන් ශිරෝමන්. ගාල්ල ශාන්ත අැලෝසියස් විද්‍යාලයෙන් ක්‍රිකට් පටන් ගත්ත ඔහු ලංකාවෙ “එ්” පිලත් නියෝජනය කරා. දක්ෂ තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වුන ශිරෝමන් කාලක් ඔස්ටේලියාවෙත් ක්‍රිකට් සෙල්ලම් කරා.
ළඟදී ඔහු තායිලන්ත කණ්ඩායමත් එක්ක ලංකාවට අාවා. ලංකාවෙ පොලිස් කණ්ඩායම එක්ක සහ නාවික හමුදා කණ්ඩායම එක්ක තරග කීපයකුත් පැවැත් වුනා. තායිලන්ත ක්‍රිකට් කණ්ඩායම එතරම් දක්ෂ කණ්ඩායමක් නෙවෙයි. එ් වුනාට ශිරෝමන්ගෙ පුහුණුකාරීත්වය යටතේ ඔවුන් හොද තැනකට අැවිල්ලා කියල තායිලන්ත ක්‍රිකට් සංගමය කියනවා.
