News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

අද ඔබේ ලග්නයට ජය – විස්තර මෙතනින් බලන්න.

1877 Views


අද ඔබේ ලග්නයට ජය – විස්තර මෙතනින් බලන්න.

අද 2017 අගෝස්තු මාසයේ 20 ඉරිදා
රාහු කාලය: ප.ව 04.51 සිට 06.24
සුභ දිශාව: දකුණ
මරු සිටින දිශාව: උතුර

 

 

මේෂ ලග්නය

මේෂ ලග්නයබොහෝ විට අලුත් අලුත් දේ සොයා යන කෙනෙක් බවට අද ඔබ පත් වේවි.ඒ වගේම නිතර සිතුවිලි චංචල අදහස් මතු වන අතර කරගෙන යන වැඩ කටයුතු වල සුළු සුළු බාධා කරදර මැදින් ඉදිරියට යාමේ හැකියාවක් තියෙනවා. රැකියාව අලුත් තත්වයක් හෝ අලුත් මුහුණුවරකින් කර ගැනීමට ඔබ සිතනවානම් අද ඒ ගැන ඔබට දායක විය හැකියි. රටින් පිටව සිටින්නන්ට යහපත් වූ ප්‍රථිපල අත් කර දෙන අතර ඔවුන්ගේ රැකියා කටයුතු අද දිනය තුලදී බොහෝ විට සාර්ථක වෙනවා.

ජය වර්ණය: රතු පැහැය                    ජය අංකය: 01

 

වෘෂභ ලග්නය

බොහෝ විට උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවකින් යුක්තව කටයුතු කරගෙන ඔබ අද අතමිට සරු බවකින් යුතුව කටයුතු කරනවා.ඒ වගේම සහෝදරයෙකු නිසා ප්‍රශ්නයක් මතු වුවත් ඒවා නිරාකරණය කර ගැනීමට ඔබ යුහුසුළු වෙනවා.නීති ප්‍රශ්න නඩු හබ අද දිනය තුලදී විරුද්ධකරුවන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි.බාධා හෝ ගුප්ත ශාස්ත්‍රීය කටයුතු වලින් ප්‍රවේසම් විය යුතු දිනයක්.අලුතෙන් යමක් මිලට ගන්න අලුත් අදහස් ක්‍රියාත්මක කලත් ඒවාද තරමක් දුරට බාධා වෙමින් පවතිනවා.හවස් යාමයේ සාර්ථක ප්‍රථිපල නෙලා ගැනීමට උත්සහවන්ත වෙන්න.

ජය වර්ණය: කහ පැහැය                             ජය අංකය: 05

 

මිථුන ලග්නය

මිථුන ලග්නය මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වෙනස් මාර්ගයකට යොමු කරන දිනයක්.ඒ වගේම අලුත් අදහස් මතු වේවි. ක්‍රියාත්මක වන වැඩ කටයුතු කිහිපයක් කර ගැනීම තුලින් ඔබ අන් අයගේ සිත දිනා ගැනීමටද පරාර්ථකාමි වීමටද හැකියාවක් පවතිනවා.මෙතෙක් දුරක් ආ ගමනේ ඔබ අද දවස විශේෂිත වූ දවසක් කර ගැනීමට හැකියාවක් පවතින අතර ඔබට යම් යම් ලාභ ප්‍රතිපාදන ලැබීමේ භාග්‍ය වැඩියි.ගෙයක් දොරක් විකුණා ගැනීම හෝ මිලදී ගැනීමකට ඉඩ තිබෙන දිනයක්.

ජය වර්ණය: රතු පැහැය                            ජය අංකය: 05

 

කටක ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු විශේෂයෙන් ඉදිරිපත් වීමකින් කිරීමට හැකියාවක් තිබෙන අතර අධ්‍යාපනික අංශයේ ප්‍රගතියක් ඇති වීමට ඉඩ තිබෙනවා.විශේෂයෙන් විභාග ජයක් හෝ අධ්‍යාපනය නවතාවයකින් පටන් ගැනීමට ඔබට අද හැකියාවක් තියෙනවා.අලුත් අලුත් අය මුණ ගැසීමක් ඒ වගේම ගෙදරදොරට අමුත්තන් පැමිණීමේ ඉඩ වැඩි දිනයක් වන අතර ඔබ ක්ෂණික තීරණ ඉක්මන් තීරණ වලින් කතාවෙන් ප්‍රවේසම් විය යුතු දිනයක්.මන්ද ඔබට සුළු සුළු හල හැප්පීම් මත භේද ඇති විය හැකියි.එබැවින් ඒ ගැන සිතා බලා කටයුතු කරන්න.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                       ජය අංකය: 02

 

සිංහ ලග්නය

එඩිතර විලාසයක් ක්‍රියාශීලි බවකින් යුතුව වැඩ ආරම්භ කරනවා.බොහෝ විට අතමිට මුදල් ගැවසෙනවා. ලැබීම අතින් යහපත් වෙනවා.මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු විශේෂිත වූ දක්ෂතාවයකින් හා ක්‍රමානුකුලව කර ගැනීමට හැකියාවක් පවතින අතර අලුත් අලුත් අය මුණ ගැසීම තුලින් ඔබට තව විකාශනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා.බොහෝ විට බාහිර ප්‍රශ්න නිසා සිත් තැවුල් මතු වුවාට ගෙදරදොර ගැන වැඩියෙන් සිත බැලීම අද කර ගත හොත් ඔබට සාර්ථක දිනයක්.මන්ද අඹුසැමියන් අතර සුළු සුළු මතභේදද ඇති විය හැකියි.ඒ වගේම දරුවන්ගේ කටයුතු කර ගැනීමේදී ඔබට තරමක් දුරට අවුල් සහගත තත්වයක් මතු විය හැකියි.

ජය වර්ණය: රතු පැහැය                             ජය අංකය: 05

 

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නය ඔබට යම් යම් බාධා මධ්‍යයේ කටයුතු කිරීමට සිදු වේවි.මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වෙනස් කිරීමක් හෝ ස්ථාන මාරුවක් රැකියාවේ වෙනසක් කිරීමට අද ඔබ සිත සිටියේ නම් එයට දායක වීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම පිනට දහමට සිතුවිලි උපදීවී.පුන්‍යකාමී කටයුතු කිරීමට නොපැකිලිව ඉදිරිපත් වීම තුලින් ඔබට පරාර්ථකාමී සිතුවිලි ඇති වීමට ඉඩ තිබෙනවා.වන්දනා ගමන් දුර බැහැර ගමන් බිමන් අද වැඩි වේවි.සියලු දෙනාම එකමුතුව කරන කටයුතු සාර්ථක වන දිනයක්.

ජය වර්ණය: තද කහ පැහැය                             ජය අංකය: 05

 

තුලා ලග්නය

පිනට දහමට සිතුවිලි ඇති වෙනවා.ඒ වගේම තමන්ගේ තිබුනා වූ ආත්මාර්ථකාමී ගතිය ඈත් කර පරාර්ථකාමී සිතුවිලි ඇති කරන අතර සියලු දෙනාම එකමුතුව කරන වැඩ කටයුතු සාර්ථක වෙනවා.දුර බැහැර ගමනක් හෝ විදේශගත වීමකින් විදේශ රටකින් ලැබීම ඇති වන අතර අතමිට සරු වේවි.ව්‍යාපාරික අංශයේ ප්‍රගතියක් ඇති කර ගැනීමටද හැකියාවක් පවතිනවා.අලුත් අදහස් ඇති වේවි.

ජය වර්ණය: රෝස පැහැය                               ජය අංකය: 05

වෘශ්චික ලග්නය

 

අලුත් අලුත් හිතවතුන් මුණ ගැසෙන දිනයක්.ඒ වගේම අධ්‍යාපනයේ නව ප්‍රගතියක් බලාපොරොත්තු වන්නන්ද නව රැකියා ලාභ සොයන්නන්ටද සුභදායක දිනයක්.නව රැකියාවකින් ඔබට යහපත් ආකාරයට කරුණු ඉටු වේවි. ඒ වගේම විභාග තරඟයක් හෝ විභාග ජයක් තියෙනවා.ඔබට අද කලාත්මක අංශයේ කටයුතු වලින්ද සාර්ථකත්වයක්  ලැබෙනවා.

ජය වර්ණය: රතු පැහැය                                     ජය අංකය: 05

 

ධනු ලග්නය

මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු ඉදිරි දැක්මක් ඇතුව කිරීමට සැලස්වුවත් අද දිනය ඔබ තරමක් කල්පනාකාරී විය යුතුයි. සුළු සුළු සතුරු කරදර ඒ වගේම සුළු සුළු රෝග ලක්ෂණ සෞඛ්‍යට බාධා ඇති වන නිසාම කල්පනාකාරී වීමෙන්ද ඒවගේම වැඩිපුර අනවශ්‍ය ගමන් බිමන් යාමෙන්ද වැළකිය යුතු දිනයක්.සතුරන් විසින් ඔබට යම් යම් කුමන්ත්‍රණකාරී සිතුවිලි ඇති කරාවි.ඒ ගැන සිත බලා කටයුතු කරන්න.නමුත් මංගල්‍යමය ගමන් බිමන්ද ඒ අතර තුරදී යෙදෙන නිසා ඒ තුලින් සාර්ථකත්වයක් ලබනවා.කල් ගිය මංගල යෝජනාවක් හෝ විවාහක සම්බන්ධතාවයක් ස්ථිර වීමකට පදනමක් වැටේවි.

ජය වර්ණය: කහ පැහැය                                       ජය අංකය: 05

 

මකර ලග්නය

යහපත් සිතුවිලි ඇති වේවි.පුණ්‍යකාමී කටයුතු වලට වන්දනා ගමන් ආදිය යෙදෙන නිසා එයින් ඔබට සෑහීමකට පත් විය හැකියි.ඒ තුලින් චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව කටයුතු කරාවි.නමුත් ගෙදරදොර වාතාවරණය ගැන තරමක් දුරට ගැටළු සහගත බවක් උසුලනවා.මංගල යෝග බාධාවක් හෝ චිත්ත පීඩාවකින් යුතුව මංගල කරුණු වලදී කටයුතු කිරීමට සිදුවන නිසා ඔබ තරමක් බුද්ධිමත් වෙන්න.අන් අයගේ බාධා මධ්‍යයේ ඔබගේ විවාහ ජිවිතයට සුළු සුළු අකරතැබ්බයන් ඇති වීමට ඉඩ තිබෙනවා.මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වෙනස් මගකට යොමු වීමක් හෝ චිත්ත පිඩා ඇති වේවි.

ජය වර්ණය: දම් පැහැය                                     ජය අංකය: 02

 

කුම්භ ලග්නය

බොහෝ විට යමක් අලුතෙන් කිරීමට උත්සහ දරාවි.කරගෙන ආ වැඩ කටයුතු අතපසු වීමටද ඉඩ තිබෙනවා. ඒ වගේම දරුවෙක් වෙනුවෙන් හෝ තමන්ගේ ඥාතියෙක් වෙනුවෙන් වැඩිපුර මුදලක් වැය කිරීමක් හෝ ඔවුන්ගේ දුක සැප සොයා බැලීමට සිදුවන දිනයක්.මංගල කටයුතු සාර්ථක වන අතර ඔබට අනවශ්‍ය පැටලිලි නිසා චිත්ත පිඩා මතු විය හැකියි. ඔබ ප්‍රේම සම්බන්ධයකට පැටලිලා තියෙනවානම් ඒ ගැන සිතා බැලීම අද දිනය තුලදී කරගත  යුතුයි. බාහිර බලපෑම් තුලින් ඔබගේ දෛනික කටයුතු වෙනස් වීමකට ඉඩ තියෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                                        ජය අංකය: 05

 

මීන ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු තවත් ඉදිරියට යාමක් ද ව්‍යාපාරික කටයුතු සාර්ථක වීමක්ද බොහෝ විට අධ්‍යාපනයේ නවතාවයක්ද අලුත් අදහස්ද මතු වෙන අතර ඔබට සාර්ථක දිනයක් අද දිනය.බොහෝ විට දරුවෙක් වෙනුවෙන් කරන කටයුතු සාර්ථක වන අතර අධ්‍යාපන ආයතන සොයන්නන්ට යහපත් ප්‍රථිපල අත් වෙනවා. මංගල්‍යමය ගමන් බිමන් වැඩි වේවි.අලුත් අලුත් අය හිතවතුන් බවට පත් වීමද මිතුරු මිතුරියන් පිරිවරාගෙන වැඩ කටයුතු කිරීමටද අද ඔබට හැකියාවක් පවතිනවා.ආහාර පාන ලැබෙන අතර ගෙයක් දොරක් මිලට ගැනීමක් හෝ ගෙයක් දොරක් අලංකාර කිරීමට ඔබට අද දිනය තුලදී හැකියාවක් පවතිනවා.

ජය වර්ණය: රන්වන් කහ පැහැය                           ජය අංකය: 09

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ

දුරකථන අංකය: 0112509386         


News Articles
Latest Videos
Most Popular Post