News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

ශ්‍රී ලංකා කණ්ඩායමට දඹුලලේදි හූ සංග්‍රහයක්.

2616 Views


ශ්‍රී ලංකා කණ්ඩායමට දඹුලලේදි හූ සංග්‍රහයක්.

ලංකාවේ ක්‍රිකට් ඉරණම තීරණය කරන තරගාවලිය ඊයේ ආරම්භ වුණා දඹුලලේදි. ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින තරගාවලිය. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම දවස ඊයෙ කිව්වොත් වැරදි නැහැ.

කාසියේ වාසියේ ඉදන්ම වැඩි වාසි ලැබුනෙ ඉන්දියාවට. ලංකාවේ ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. ඒ වුනාට ඒ සාර්ථකත්වය පවත්වාගෙන යන්න අනෙක් පිතිකරුවන්ට බැරිවුණා. ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වුන දික්වැල්ල ලකුණු 64 ක් ලබා ගත්තා. ගුණතිලක ලකුණු 36 බැගින් ලබා ගත්තා. නායක තරංග ලකුණු 13 කට දැවී ගියේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුනු විසුනු කරලා. අනෙක් කිසිම ක්‍රීඩකයෙක් ලකුණු 10 සිමාව පහුකරන්න බැරි වුණා. ලංකාවේ ක්‍රීඩකයො ඉන්දීය පන්දු යවන්නෝ හමුවේ අසරණ වුණේ පූස් පැටව් වගේ. කුමාර් සහ පාන්ඩයා කඩුලු 3 බැගින් දවා ගත්තා. බුම්රා කදුළු 2 යි.

ඉන්දියාවට ලැබුනෙ ලකුණු 216 ක ඉතා පහසු ඉලක්කයක්. ඉන්දීය පිතිකරුවො එක කඩුල්ලක් විතරක් දැවී පහසුවෙන්ම ඒ ඉලක්කය සපුරා ගත්තා. ලංකාවට එළවා එළවා පහර දුන්න ධවාන් ලකුණු 132 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 20 ක් සහ හයේ පහර 3 ක් ඇතුලත් වුණා. නායක වීරත් කෝලි නොදැවී ලකුණු 82 යි. ලංකාවේ කිසිම පන්දු යවන්නෙක්ට එකම කඩුල්ලක් හෝ ලබා ගන්න බැරි වුණා. තරගයේ වීරයා වුණේ ධවාන්.

කොහොම වුනත් අවාසනාවන්තම දේ වුණේ මැච් එක පැරදුණ එක නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ කණ්ඩායමට අපේ ප්‍රේක්ෂකයෝ හූ කිව්වා. ඒ මැච් එක ඉවර වෙලා බස් එකට නගිද්දි. මැච් එක බලන්න ආපු ප්‍රේක්ෂකයෝන්ගෙන් ලොකු විරෝධයක් දැක්වුවා. සමහරු කෑ ගැහුවෙ “අපේ ක්‍රිකට් අපිට ඕන” කියලා. හැබැයි ඔවුන් ඒ කෑගැහුවෙ හිතේ තිබුන වේදනාවට මිසක් අපේ කණ්ඩායමත් එක්ක වෛරයකින් නම් නෙවෙයි. කොහොම වුණත් තරගාවලිය පටන් ගන්න කලින් තරංග කියලා තිබුනේ “අපිත් එක්ක ඉන්න, අපිව තනිකරන්න එපා, ඉක්මනට අපි නැගිටිනවා කියලා”.

එහෙම කියලා තියෙද්දිත් අපේ පෙක්ෂකයෝ අපේ Team එකට හූ කිව්වෙ තිසරලා, කපූලා සෙල්ලම් කරපු විදිහ අන්තිම නිසා වෙන්නැති. හැබැයි ඉතිං මේ යන විදිහට ගියොත් නම් ඉන්දියාව මැච් පැරදුනාම සිද්ධ වෙන දේ ලංකාවෙත් සිද්ධ වෙන්න බැරි නෑ. ඊලග මැච් එක තියෙන්නෙ නුවර. අපි බලමු නුවර අයටත් හූ කියන්න වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post