News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

ලෝකයම අඳුරු වෙයි – ඇමරිකානුවන් උඩ බලයි, NASA ආයතනය බිම බලයි.

1433 Views


ලෝකයම අඳුරු වෙයි – ඇමරිකානුවන් උඩ බලයි, NASA ආයතනය බිම බලයි.

2017 අවුරුද්දෙ ආපු ලොකුම සූර්යග්‍රහණය ඊයේ සිද්ධ වුනා. ඒක හොඳටම පෙනුනේ, එහෙමත් නැත්තං පූර්ණ සුර්යග්‍රහණයක් විදිහට පෙනුනෙ උතුරු ඇමෙරිකාවට විතරයි. එතකොට බටහිර යුරෝපා රටවල් වලට, ඊසාන දිග ආසියාවට, දකුණු ඇමරිකාවට වගේම අප්‍රිකාවේ වයඹ දිග ප්‍රදේශයට පෙනුනෙ අර්ධ සූර්යග්‍රහණයක් විදිහට. මේ සූර්යග්‍රහණය නිසා ඒ රටවල් වලට දහවල් කාලයේ ටික වෙලාවක් රෑ වුණා. මේ විදිහේ පූර්ණ සූර්යගරහණයක් ආපහු අපට පේන්නෙ 2019 ජූලි 02 වෙනිදා. ඒ පූර්ණ සුර්යග්‍රහණය පෙන්නෙ දකුණු ඇමරිකාවට. ඒ වුනාට 2019 දෙසැම්බර් 26 සිද්ධ වෙන්න නියමිත පූර්ණ සූර්යග්‍රහණය නම් අපේ රටට හොඳටම බලා ගන්න පුළුවන් කියල තමයි NASA ආයතනය කියන්නෙ.

මේ කවදා, කොයි විදිහට බැලුවත් හැම රටටම එකම විදිහට පේන සූර්යග්‍රහණය වෙනස්ම විදිහකට බලන්න පුලුවන් වාසනාවන්ත කට්ටියකුත් ඉන්නවා කියල ඔබ දන්නවද? ඒ තමයි ලෝකෙන් පිට අභ්‍යවකාශයේ පාවී පාවී ඉන්න ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධස්ථානයේ සේවය කරන ගගනගාමියෝ. අපි පොලවේ ඉඳලා අහසේ තියෙන සුර්යග්‍රහණය බලද්දී ඒ අය අහසේ ඉඳලා පොලවට වැටෙන අදුරු සෙවනැල්ල දිහා බලාගෙන ඉන්නේ. ඒ කොහොමද කියල සියත 24 අපි ඔබට පෙන්නන්න ලෑස්තියි. මෙන්න බලන්න ලෝකෙට කළුවර වෙද්දි අහසට පේන හැටි.

Description: Photographic Coverage of JSC employees observing the 2017 Solar Eclipse at Johnson Space Center
Location: Bldg. 8
Date: 08-21-2017
Photographer: Allison Bills

Photo Date: 08/21/2017
Subject: Photographic Coverage of JSC employees observing the 2017 Solar Eclipse at Johnson Space Center with Dr. William Stefanov, who’s part of the Earth Science and Remote Sensing Unit within Johnson’s Astromaterials Research and Exploration Science Division.
Location: NASA Johnson Space Center, B3, B8
Photographer: Bill Stafford


News Articles
Latest Videos
Most Popular Post