News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

කිරි දෙන මවුවරුන් කවදාවත් මේ දේ කරන්න එපා…

1322 Views


කිරි දෙන මවුවරුන් කවදාවත් මේ දේ කරන්න එපා…

අද කාලේ කොණ්ඩෙට එක එක දේවල් කරනවා. සමහරු ටින්ට් කරනවා, ෆර්ම් කරනවා, ස්ට්‍රේට් කරනවා. ඒ අතරේ සමහරු කොණ්ඩේ පාට කරනවා. අද වෙනකොට කොණ්ඩය පාට කරන එක වෙනමම කලාවක් වෙලා.  හැබැයි ආවට ගියාට කොණ්ඩය පාට කරලා වැඩක් නැ. ඒක නිසා කොණ්ඩය පාට කරන්න දැනගන්න ඕන මොනවද කියලා කියන්න අපි හිතුවා.

කොණ්ඩයට යොදන පාට වගේම පාට කරන ආකාරයත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ දවස්වල Trend එක තමයි හයිලයිට්ස් පාට කරන එක. හැබැයි කොණ්ඩය පාට කරද්දි ඔබට ගැළපෙන වර්ණය තෝරාගන්න එක හරිම වැදගත්. ඔබේ සමේ පාටට ගැලපෙන්න තමයි කොණ්ඩයේ වර්ණය තෝරාගන්න ඕන.  ඩාර්ක් රෙඩ්, බ්ලොන්ඩ් කලර්, කොපර්, බගන්ඩ්, සහ ඩාර්ක් මෙරූන් වගේ පාට මේ දවස්වල ඉතා ජනප්‍රියයි.

හැබැයි බ්ලොන්ඩ් වර්ණ ගොඩක්ම ගැළපෙන්නෙ සුදු සමක් තියෙන කෙනෙක්ට. කළු පාට සමක් තියෙන කෙනෙක්ට නම් අදුරු පාට වර්ණයක් භාවිතා කරන එක තමා වඩාත්ම සුදුසු. කොණ්ඩය පාට කරද්දි කොණ්ඩයේ දිග ප්‍රමාණය, ඝනකම, කොණ්ඩය කපා ඇති විලාසිතාවත් බලපානවා.

කොණ්ඩය පාට කරාට පස්සෙ කලර් ප්‍රෝටෙක්ටින් ෂැම්පු එකක් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න ඕන. එකෙන් ඔබේ හිසකෙස් යන එක වළක්වනවා වගේම වර්ණය රැකගන්නත් උදව් වෙනවා. ඔබට කොණ්ඩයට ට්‍රිට්මන්ට් එකක් කරන්න ඕන නම් කලර් හෙයාර් ට්‍රිට්මන්ට් එකක් කරන්න. කොණ්ඩයට තෙල් ගාන්නත් අමතක කරන්න එපා. හැබැයි රසායනික ද්‍රව්‍ය අඩංගු තෙල් නම් භාවිතා කරන්න එපා. එක පාරක් කොණ්ඩය පාට කරාට පස්සේ මස 6 කට පස්සේ තමයි අයෙත් කොණ්ඩය පාට කරන්න ඕන.

කිරිදෙන මව්වරු වගේම ගැබිනි මව්වරු කොණ්ඩය පාට කරන්න එපා. මොකද පාට වල තියෙන රසායනික ද්‍රව්‍ය නිසා ආසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩය පාට කරන්න කලින් කන පිටිපස්සේ වර්ණක ටිකක් ගලා බලන්න ඇලජික් වෙනවද කියලා. මිට පස්සේ කොණ්ඩය පාට කරනවානම් මේ උපදෙස් පිළිපදින්න අමතක කරන්න එපා.


News Articles
Latest Videos
Most Popular Post